අප පක්ෂපාත විය යුත්තේ කාට ද? නායකයාට ද? ආයතනයට ද? රටට ද?


ආයතනයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ඔබගෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?

සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ නායකයාට ය. ඔහුගේ අණට ය. මක් නිසා ද යත් අපේ පැවැත්ම ඇත්තේ ඔහු අත නිසා ය.

තවත් සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ ආයතනයට ය. ආයතනයේ ප්‍රතිපත්ති හා මෙහෙවරට ය. නායකයා තාවකාලික භාරකරුවෙක් පමණක් බව ද හෙට වෙනත් නායකයෙකු ඔහුගේ තැන ගත හැකි බව ද සළකා නොවෙනස් වන ආයතනයටම අප පක්ෂපාතී විය යුතු බව මේ කණ්ඩායමේ අදහස ය.

තුන්වෙනි පාර්ශවයකට අනුව අපේ සේවා ලාභීන්ට ය. ඔවුන්ගේ අපේක්ෂාවන්ට ය. මක්නිසා ද යත් අප වැටුප් ලබන ආයතනයේ පැවැත්ම ඇත්තේ ඔවුන් මත නිසා ය.

සිව්වෙනි පාර්ශවයකට අනුව අපේ රටට ය. ජාතියට ය. මක්නිසා ද යත් රට නොරැකී ආයතනය හෝ නායකයා රැකීමෙන් වැඩක් නැති නිසා ය. රටක් ජාතියක් නැති කල ඉතිරිවන ආයතනයක් හෝ නායකයෙක් නැති නිසා ය.

පස් වෙනි පාර්ශවයකට අනුව තමන්ට ය. නැතිනම් තමන්ගේ හෘද සාක්ෂියට ය. එසේත් නැතිනම් තමන් අනුගමනය කරන කිසියම් දර්ශනයකට ය. ආගමකට ය. මතවාදයකට ය. හර පද්ධතියකට ය. ආචාර ධර්මයන්ට ය.

මෙය කියවන ඔබ මේ අන්තෝ ජටා බහි ජටාවෙන් ගැලවීමට ලස්සණ උපායක් සැළසුම් කරනු පෙනේ. ඔබ කියන්නට හදන්නේ මේ සියල්ලන්ට පක්ෂපාත විය යුතු බව නොවේ ද?

එසේ කළ හැකි නම් අගනේ ය. එහෙත් ප්‍රශ්නය මතු වන්නේ නායකයා ආයතනයේ වුවමනා වෙනුවෙන් පෙනී නොසිටින කල ය. පාරිභෝගික අපේක්ෂා ආයතනයේ වුවමනාවන් සමග ගැටුනු විට ද නායකයාගේ හෝ ආයතනයේ වුවමනා රටේ පොදු අභිවෘද්ධියට හරහට හිටින විට ද ඒ හා සමාන තත්වයක් ඇති වන්නේ ය.

ඒ සෑම විටම අපට උත්තර සොයා ගැනීමට අපහසු ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. සරල උත්තරයක් නැති ප්‍රශ්නයක් ඉතිරිවන්නේ ය.

ඒ ප්‍රශ්නයට උත්තරය කුමක් දැයි ඔබ සිතන්නේ ද?

ඔබේ උත්තරවලට විග්‍රහයක් ද සමග ඉදිරියේදී මුණ ගැසෙමු.

ශිරානි බණ්ඩාරනායක ඉල්ලා අස්විය යුතු ද?


මේ බ්ලොග් අඩවිය දේශපාලනය සම්බන්ධ අඩවියක් නොවේ. එහෙත් අප මේ මාතෘකාව සාකච්ඡා කරන්නට කල්පනා කළේ මේ ප්‍රශ්නය නගා අපගේ බ්ලොග් සහෘදයෙකු කර තිබූ සටහනක් දුටු නිසාවෙනි.

ඔහු තර්ක කර තිබුනේ ආණ්ඩුවට වැඩි බහුතරයක් යෝජිත පාර්ලිමේන්තු කමිටුව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළ ද ඇති නිසා තීරණය දැනටමත් තීන්දුව ඇති බවත් ඒ නිසා වඩාත් බුද්ධිමත් පියවර වනුයේ නම්බු ඇතිව අස්වීම බවත් ය.

ඔහුගේ මේ තර්කය අප එකවර ගෙන ගියේ ජපානයේ ටෝකියෝ නුවර 1968 පැවති ඔලිම්පික් උළෙල වෙත ය. මේ ගැන 2012 සැප් 15 දා සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පළවූ පහත සටහන (මේ සටහන අවසානයේ ඉංග්‍රීසියෙන් ලියා ඇති)  මා එසේ කියන්නේ ඇයි ද යන්න පැහැදිලි කරනු ඇත. එය ඔබ කියවනු ඇතැයි සිතමි. ඒ සටහන අපේ රටේ මැරතක් ශූරයෙකුව සිටි දැනට අප අතර නැති අපගේ විරයෙකු නොවූ එහෙත් ජපන් ජනයා වීරයෙකු ලෙස සැලකූ කරුණානන්ද ගේ කතාව ය. තරගය අවසන් බව දැන දැනත් තීන්දුව ලැබී අවසන් බව දැන දැනත් ඔහු දිව්වේ ය. අවසානයේ මැරතන් ඔලිම්පික් ලාභියා නොලැබූ ගෞරවයක් එදා රැස්ව සිටි ක්‍රීඩා ලොලීන්ගෙන් ඔහු ලැබුවේ ය. ජපානයේ තරුණයන් අතර අදටත් ඔහු වීරයෙකි. අපට වීරයෙකු නොවූ ඔහු ජපානයට විරුවෙකු වූයේ අපේ ආකල්ප හා ජපන් ජනයාගේ ආකල්ප අතර වෙනස නිසාවෙනි.

ශිරානි බණ්ඩාරනායකට හෝ ආණ්ඩුවට හෝ මගේ විශේෂ පක්ෂපාතිත්වයක් හෝ විරුද්ධත්වයක් නැත. එ ගැන ව්‍යවස්ථානූකූල ක්‍රියා පිළීවෙතක් අරඹා තිබෙන නිසා එය ගැන කතා කිරිමට අපට නීතිමය අයිතියක් ද නැතැයි මගේ අදහස ය.

එහෙත් තීරණය දැනටමත් තීන්දු නිසා ඇය ඉල්ලා අස්විය යුතු ය යන්න පිළිබදව මට එකග විය නොහැකි ය. එවැනි අදහසක් පවා රට තුළ කියවන්නන් තුළ වැරදි ආකල්පයක් ඇති කරන බැවිනි. පරාජය දැක දැක අප අප පෙනී සිටින දෙයක් වෙනුවෙන් අප පෙනීනො සිටිය යුතුය යන්න ඒ ආකල්පය යි.

කරුණානන්ද පිටු දැක්කේ ඒ ආකල්පයයි. ඔහු අත්පොළසන් ලැබුවේ ද රන්පදක්කම් ලාභියා ඉක්මවා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවේද ඒ නිසා ය.

කළමනාකරුවන් ලෙස අපගේ කණ්ඩායම තුළ ගොඩ නැගිය යුත්තේ ඒ ආකල්පයයි.

ඒ නිසාම තීන්දුව පැහැදිලි නිසා ඉල්ලා අස්විය යුතුය යන ඍණ ආකල්පය ගැන අපගේ මතය ඍණ ය. ඒ අප අගවිනිසුරුතුමියට ආණ්ඩුවට වඩා ආදරය හෝ වෛර කරන නිසා නොවේ. මෙවැනි ඍණ ආකල්ප අපේ මව්බිමෙන් තුරන් කළ යුතු නිසා ය. ආයතන තුළට වැද්ද නොගත යුතු නිසා ය.

Karunananda is just another forgotten man to Sri Lankans but in Japan he is still remembered as a hero, who changes thousands of young lives with determination, courage, commitment and motivation.
For those who have come across the name Ranatunga Koralage Jayasekara (R.K.J.) Karunananda for the first time in their lives, he was a long distance runner who represented Sri Lanka during the 1960s and 70s.
He worked as an officer for the Sri Lanka Army and was a keen athlete who always stood and competed with real sportsmanship.
Karunananda earned the tag of being ‘the most spirited loser’ in the world of athletics for what he accomplished at the Tokyo Olympics in 1968.
He competed in the men’s 10000m run and finished last but won the hearts of millions of Japanese viewers for what he did.
Karunananda was the only athlete of a 1968 Sri Lankan Olympic contingent which featured shooters Ravi Jayawardene and M.R. Perera, boxers Malcolm Bulner and Winston Van Kleinberg, and wrestler Ernest Fernando. The team was managed by V.A. Sugathadasa.
The date was October 14, 1968 and 29 athletes from 17 nations entered the 10000m event where Karunaratne was also a runner at the Tokyo Olympics.
The 25-lap race preceded gradually with Karunananda being lapped by race leaders Billy Mills of the United States, Mohammed Gammoudi of Tunisia, Ron Clarke of Australia, Mamo Wolde of Ethiopia, Leonid Ivanov of the Soviet Union and Kōkichi Tsuburaya of Japan after 10 rounds.
As the race reached its 20th lap, Karunananda further moved to the back. Interestingly he was with the top finishers when American Billy Mills won the gold medal after establishing a new Olympic record but was four laps behind.
The race was now over and the marshals were getting ready for the next event but Karunananda was still running.
He could have stopped at any point as he had four laps to complete.
But he continued and the crowd responded with sarcastic smiles and mocks.
Karunananda determinedly kept on running not knowing that these four laps would create history and make him a legend.
As he completed the second lap the Japanese spectators began cheering and by the time he completed the race it was historical.
The whole stadium or the 60,000 spectators offered him a standing ovation with a thundering applause for the feat which will be a rare occurrence nowadays.
Japan embraced his effort and within a matter of hours Karunananda was a hero for them.
He was the cynosure of pressmen than the 10000m gold medal winner Mills who later said that Karunananda was the true winner of the race.
One of the first to grab an opportunity for a chat with Karunananda soon after the race was Japanese reporter Haruo Suzuki.
Suzuki took Karunananda out and introduced him to top social and political figures of Japan who in return entered his great feat into Japanese textbooks.
To date Japan continues to relate Karunananda’s feat to their younger generation motivating them while thanking their Sri Lankan friend of the impression left, even years after his fateful demise.
But Karunananda’s native country Sri Lanka failed him and continues to do so in many ways.
This was revealed to the Sunday Times by his family members.
According to Nelum Priyadarshani, Karunananda’s only daughter, in 1996, Japanese television station NHK had come down to Sri Lanka to record a documentary about the legendary runner.
“This was the first time the media came out to do any sort of feature about my father, and it was all the way from Japan. The NHK as part of their 100th year celebration did a documentary in Kandy, the hometown of our parents. The following year after seeing the video, a group of benefactors have shown their interest to support my mother, brother and myself. Since they couldn’t find our whereabouts they had contacted the Ministry of Sports here,” Nelum said.

හිර ගෙදර ජරමරේ


හිරගෙදර ජරමරේ කුඩු කාරයින්ගේ බලපුළුවන්කාරකමේ පිළිබිඹුවක් ලෙස සළකා ඉවත දැමිය හැකි ද? එහෙම නැත්නම් මේ කාලයේ සිදුවන්නේ අබුද්දස්ස කාලේ සිදුවන දේවල් යයි කියමින් එය කාලයේ යුගයේ ගිනුමට බැර කර අපට අපේ පුරුදු කටයුතු කරගෙන යෑ හැකි ද?

බැලූ බැල්මට කළමනාකරණයට අදාළ නැතැයි පෙනුනත් ගැඹුරින් විමසීමේදී පෙනෙන්නේ මෙතැන සැබැවින්ම තිබී ඇත්තේ කළමනාකරණ ගැටළුවක් බව ය.

එක් පැත්තකින් ඉතාම නවීන ආයුධවලින් සන්නද්ධ පුහුණුව ලත් නිලධාරීන් ය. අනිත් පැත්තේ නිරායුධ කරන ලද තමන් විසින්ම ලබා ගන්නා ලද සීමාසහිත පුහුණුවකින් හෙබි හිරකරුවන් ය. කීප දෙනෙක් හමුදාවෙන් පැන ගිය අය යැයි කියන මුත් බහුතරය එසේ නොවේ. ඉදින් එවැනි පැහැදිලි බලය සහිත හා බලය රහිත කණ්ඩායම් අතර ගනුදෙනුවක් මෙසේ අවසන් විය හැක්කේ බලය සහිත කණ්ඩායමේ වැරැද්දක් හේතුවෙන් නොවේ ද?

බලය සහිත කණ්ඩායම අතින් මෙතැනදී සිදුවන අඩුපාඩුවක් සම්බන්ධයෙන් මුඛ්‍ය වගකීම පැවරෙන්නේ ඒ කණ්ඩායමේ කළමනාකරණය වෙත ය. තවමත් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර අනාවරණය වී නැත. විශේෂයෙන් සිරකරුවන් අතට ආයුධ පත්වූයේ කෙසේ ද යන්න තවමත් උත්තර නැති ප්‍රශ්නයකි. ඒ නිසා වැරදි කරුවන් සෙවීමට අපහසු ය.

අප සෙවිය යුත්තේ වැරදිකරුවන් කවුද කියා පමණක් නොවේ. මෙසේ වරදක් සිදුවන්නට හේතූ වූ කළමනාකරණ ක්‍රමවේදයේ අඩුපාඩු කවරේද කියා ය.

බොහෝ රාජ්‍ය ආයතනවල  (සමහර පුද්ගලික ආයතන තුළ පවා) ප්‍රශ්නවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සුදුස්සන් අදාළ තනතුරුවලට පත් නොකිරීම ය. දෙවැනි ප්‍රධාන හේතුව එසේ පත් කළ පසු ඔවුන්ට සිය කටයුතු බාහිර ඇගිලි ගැසීම්වලින් තොරව කරගෙන යෑමට නිදහස නොදීම ය. තෙවැන්න ඔවුන් යටතේ සිටින නිලධාරීන් නිසි පාලනයකට පත් කිරීමට අවශ්‍ය බලතල නොදීම ය. සිව්වැන්න ඔවුන් යටතේ සිටින සේවකයෙන් නිලධාරියෙකු වැරැද්දක් කළ විට ඔවුන් ඊට දඩුවම් කිරීමට සූදානම්වන කල එම වැරදි කරුවන් රැක ගැනීමට බලාධිකාරය විසින්ම ඉදිරිපත්ව කටයුතු කිරිම ය. පස්වැන්න මේ හේතුන් නිසාම සුපරීක්ෂණය අකර්ණම්‍ය වී තිබිම ය.

කටුගෙයි හොරකම හා හිරගෙදර කැරැල්ල එකවල්ලේම පොල් ය. තව බොහෝ ආයතනවල ඇති අර්බුදයන් පිරික්සීමේදී ද පෙන්නුම් කරනු ඇත්තේ මෙය යි. මේ ව්‍යාධියට ගොඩ වෙදකම් වලින් විසදුම් සෙවිය නොහැකි ය.

නිසි විසදුම් නොලැබේ නම් කටුගෙය නැවතත් හොරු බිදිනු ඇත්තේ ය. හිරගෙදර නැවතත් කැරලි ඇතිවනු ඇත්තේ ය. තව බොහෝ “ගෙවල්“ මේ පෝලිමට එක්වනු ඇත්තේ ය.

මේ සිද්ධීන් දෙස කළමනාකරණ ඇසකින් බැලිය යුත්තේ ඒ නිසා ය.

Fundamental Errors and Technical Errors – තීරණාත්මක වැරදි හා තාක්ෂණික වැරදි


කිසියම් කෙනෙක් තීරණාත්මක නැතහොත් මූලික වැරැද්දක් කළ විට ඔහුට සළකන ආකාරයත් කෙනෙක් අතින් සිදුවූ තාක්ෂණික වැරැද්දක් සම්බන්ධයෙන් ඔහු හා ගනුදෙනු කරන ආකාරයත් දෙකක් විය යුතු ය.

මේ වෙනස බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි ය. ඒ නිසාම ඔවුහු මේ වැරදි දෙවර්ගයම එක මල්ලේ ලා සළකති.

මගේ මිත්‍රයෙක් වරක් කුඩා මට්ටමේ ජල විදුලිබලාගාරයක් තැනීමට අවශ්‍ය තැන් වලින් අවසර ලබා ගත්තේ ය. ඔහු එය පටන් ගැනීමට සියල්ල ලක ලෑස්ති කර තිබියදී ඒ තැනම එවැනිම විදුලි බලාගාරයකට අවසර ඉල්ලා තවත් කෙනෙකුගේ අයැදුම් පතක් අධිකාරියට ලැබී තිබිණි.

ඒ දෙවැනි අයදුම්පත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබුනේ එම අයදුම්පතේ ඒ ස්ථානයේ ඛණ්ඩාංක හරියට යොදා තිබූ බවත් මගේ මිත්‍රයාගේ අයැදුම් පතේ තිබුණු ඛංණ්ඩාංක ඒ අනුව නිවැරදි නොවන බවත් ය.

ඒ අනුව බලධාරීන් තීරණය කළේ පළමු අයැදුම් පත ප්‍රතික්ෂේප කර දෙවැනි අයැදුම්පත සළකා බැලීමට ය.

මිත්‍රයාගේ අයැදුම්පතේ තිබුනේ තාක්ෂණික වැරැද්දකි. ඛණ්ඩාංක වැරදි වුවද ඔහු ස්ථානය නිසි ලෙස හදුන්වා තිබුනේ ය. ඒ කිසියම් වාරිමාර්ග ඉදිකිරීමක් නම් කරමිනි.

ඒ වනවිටත් මගේ මිත්‍රයා අවශ්‍ය සියලු අනෙකුත් බලපත්‍ර මේ වෙනුවෙන් ඉතා වෙහෙසව ලබා ගෙන තිබිණි. ඒ බලපත්‍ර නිකුත් කළ උදවියට පවා ඛණ්ඩාංක වල තිබූ එම වැරැද්ද අසුවී තිබුනේ නැත.

මේ වැරැද්ද හරියට තැපැල් පියුන් ලියුම් කවරයේ අංකය වැරදි වුව ද එහි නම සදහන් ඇති තැනැත්තාට බාර දීම ගැන චෝදනා පත්‍රයක් ලැබුවා හා සමාන ය. මේ තර්කනයට අනුව නම් බාර දිය යුතුව තිබුනේ නම කුමක් වුවත් අදාළ අංකයට ය. එසේත් නැතිනම් මෙය සමාන කළ හැක්කේ අංකය හා නම එකිනෙක නොගැලපෙන නිසා ලියුම නැවතත් ආ තැනැත්තාට යොමු කිරීමට හෝ එසේත් නැතිනම් විසිකර දැමීමට ය. තැපැල් පියුන්ට තිබෙන දැනුම උගත් මේ ඇත්තන්ට නැත්තේ ඇයි දැයි පැහැදිලි නැත.

මෙතැන ඇත්තේ තීරණාත්මක වැරදි හා තාක්ෂණික වැරදි එකම ගණයේ ලා සැලකීමේ අඩුව ය. එය සිදුවූයේ මේ දෙකේ වෙනස නොදන්නා නිසා ද නැතිනම් තමන්ගේ වාසියට එය හිතාමතාම එකම ගණයේ ලා තීන්දු කිරීමට ඕනෑ වූ නිසා ද යන්න දන්නේ දෙවියන් පමණකි.

උත්තරය දෙවැන්න විය හැකි වුව ද එය හිරිකිතයක් නැතිව කියා පෑමෙන් පෙන්වන්නේ තමන් මෝඩ නොවේ නම් අනෙකා මෝඩයෙකු ලෙස සැලකීමේ උද්දච්ඡ ස්වභාවය ය. මෝඩකම හා උද්දච්ඡකම යන ඒ දෙකින් එකක්වත් කළමනාකරුවෙකුට නම් තරම් නොවේ.