About

කළමනාකරණය පිළිබද සිංහලෙන් ලියන ලද බ්ලොග් අඩවියක අවශ්‍යතාවය පිරවීම මෙහි අරමුණ ය.

ඒ කළමනාකරණය පිළිබද වෙනත් රටවල පර්යේෂණ ප්‍රතිඵල ලාංකීය සමාජයට ඉදිරිපත් කරනු පිණිස ය. එමගින් මේ රටතුළ වඩා කාර්යක්ෂම හා සඵල කළමනාකරණයක් ගොඩ නගනු පිණිස ය.

කළමනාකරණය පිළිබද ඉංග්‍රීසි සාහිත්‍යය ද ගෙඩි පිටින් ගෙන භාවිතයට ගත නොහැකි ය. ඒ බොහෝ කළමනාකරණ සිද්ධාන්ත බටහිර හො ඈත පෙරදිග කරන ලද පර්යේෂණයන් ඇසුරෙන් ගොඩ නගා ඇති නිසා ය. එසේ ගොඩ නගා ඇති න්‍යායන් ලංකාව තුළ ඒ හැටියෙන්ම ක්‍රියාත්මක කිරීම ද අමාරු ය. ඒ නිසාම ඒවා වඩාත් සංවාදයට භාජනය කළ යුතු ය. මේ අඩවිය තුළ එවැනි සංවාදයන් ඇති කිරීම ද තවත් එක් අපේක්ෂාවකි.

කළමනාකරණය උගැන්මට කැමති බොහෝ අයට එකතු විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීමට අපට හැකි වෙතොත් අපේ ඉලක්කයට අපට ඉක්මණින් ලගා විය හැකි ය. මේ අඩවිය ඵලදායකයැයි හැගී යන්නේ නම් ඒ බව ඔබේ සගයින්ට දැනුම් දීමට ද ඔබ කටයුතු කරනු ඇතැයි අපි සිතමු.

අපට ඉදිරියට යා හැක්කේ අප අවට සිටින්නන් ද අප තරමටම දැනුවත් වෙතොත් පමණ ය. ඒ නිසා ආත්මාර්ථය තකාවත් අප අවට අය දැනුවත් කිරීමට අපි උත්සහ කරමු. රටක් හැටියට අප පරදිතොත් පුද්ගලයින් හැටියට ඉදිරියට යන්නට අපට බැරි වනු ඇත්තේ ය.

තනියෙන් බුදුවන්නට පුලුවන් වුව ද තනියෙන් ලෝකයක් ජයගන්නට බැරි ය.

ඔබේ සහයෝගය අපට ලැබෙනු ඇතැයි අපට සහතික ය.

7 thoughts on “About

  1. හිතමිත්‍ර කමලදාස
    ඔබගේ බ්ලොග් අඩවියේ පළකරනලද අදහස් වලට මගේ සතුට
    සෙනරත් සිරිවර්ධන
    සිඩ්නි, ඕස්ට්‍රේලියාව

    • හිතමිත්‍ර කමලදාස
      ඔබගේ බ්ලොග් අඩවියේ පළකරනලද අදහස් වලට මගේ සතුට
      සෙනරත් සිරිවර්ධන
      සිඩ්නි, ඕස්ට්‍රේලියාව
      2014

  2. ravisha shamali says:

    ඔබගේ මෙම වැඩසටහන අතිවිශිෂ්ඨයි මහත්මයාණෙනි.ඔබට හැකි නම් කරුණාකර මෙවැනිම වැඩසටහනක් “මානව සම්පත් කළමණාකරනය ” පිළිබදව ඉදිරිපත් කල හැකිද?එසේ හැකි නම් එය අප වැනි අධ‍යාපනය හදාර අය සඳහා විශේෂ පිටුවහලක් වනු ඇත.
    ස්තූතුයි.
    රවීෂා.

Leave a comment