දැක්ම ද මෙහෙවර ද? මුලින් හඳුනාගත යුත්තේ කුමක් ද?


මුලින් හඳුනා ගත යුත්තේ කුමක් ද? අනෙක ඇති කරන්නේ මෙයින් කුමකින් ද? මෙය කිකිළි ද බිත්තරය ද මුලින් පැමිණියේ යන ආකාරයේ ප්‍රශ්නයක් ද? මෙහි ඇත්තේ එකක් අනෙකෙන් රඳන චක්‍රීය සම්බන්ධයක් ද? එසේ නැත්නම් පැහැදිලි දිසාවක් ඇති රේඛීය සම්බන්ධයක් ද?

මා, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නම් රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම පුහුණු මධ්‍යස්ථානයේ දේශක මඩුල්ලේ සාමාජිකයෙකු හැටියට සිටි සමයේ, මගේ ම සගයෙකු සමග ඇති කර ගත් එක් සංවාදයක මාතෘකාවක් මෙය වූ බව මට මතක ය.

එවකට මගේ අස්ථානය වූයේ මෙහෙවර මුල් විය යුතු බව ය. ඔබේ ජීවිතයට අර්ථයක් සපයන්නේ ඔබ පෙනී සිටින මෙහෙවර නිසා ය. ඒ මඟේ ගමන් කරන ඔබගේ ගමනාන්තය විය යුත්තේ ඔබේ දැක්ම ය. ඔබ වඩාත් කැමති ඒ මගට ය. එහි ඇති සෞන්දර්යයට ය. ත්‍රාසයට ය. එයින් ඔබ ලබන අත්දැකීමට ය. ඒ නිසා මෙහෙවරින් තොරව දැක්මක් ඔබට නිර්මාණය කර ගත නොහැකි ය. මා සිතුවේ එසේ ය.

දැන් මා සිතන්නේ සියල්ලන් සම්බන්ධයෙන් එය එසේ නොවන බව ය. සමහරුන්ට අතිශයින් ආශක්ත සිහිනයක් තිබිය හැකි ය. ඒ සඳහා ඔවුන් එක් මාවතකට වඩා මාවත් පිළිබඳ සලකා බලනු ඇත. එකක් අසමත් වේ නම් වෙන එකක් ඔවුන්ගේ සිහිනය ළඟා කර ගැනීම සඳහා තෝරා ගැනීමට ඔවුන් සූදානම් ය. ඒ සඳහා ඉඩ හසර තිබිය යුතු ය. ඒ නිසා මුලින් මෙහෙවර තීරණය කොට බැරි ය.

මාත් සිටින පළමු කාණ්ඩයට අයත් මිනිසුන්ගේ ජීවිත මෙහෙය වෙන්නේ තමන් අනුගමනය කරන ආචාර පද්ධතියකින් හා සාර ධර්ම වලිනි. දෙවැනි අයගේ ජීවිත මෙහෙය වෙන්නේ ඔවුන්ගේ යටි සිතේ පවතින ආශාවන් ගෙනි. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ වචන වලින් ණයට ගන්නේ නම් මුල අය super-ego එකින් ද පසු කී අය Id එකින් ද මෙහෙය වෙනු ලැබේ.

මා වරදවා තේරුම් නොගන්න. මිනිසුන් ලේබල් කර යම් ස්ථානයකට කොටු කිරීම මගේ අපේක්ෂාව නොවේ. ආචාර හා සාර ධර්ම වලින් මෙහෙයවන අයට ද ආශාවන් තිබේ. එහෙත් ඔවුන් මූලික මෙහෙයවන්නේ අර කී ආචාර/ සාර ධර්ම වලිනි. දෙවනුව, ආශාවන්ගෙනි. අවම වශයෙන් ඔවුන්ගේ බොහෝ ආශාවන් පවා එක්තරා දුරකට සාර ධර්මයන්ගෙන් පැන නගී. ආශාවන් විසින් මෙහෙයවනු ලබනවා යැයි කියන පුද්ගලයින් පවා ආචාර ධර්ම වලින් යුක්ත ය. ඔවුන් සිය ආශාවන් සාක්ෂාත් කර ගැනීමේ දී ඒවා තමන් සතු ආචාර ධර්ම තුළ පිහිටුවා ලීමට හැකි තාක් කටයුතු කරති.

මගේ ජීවිතය දෙස හැරී බලා. මා ගැන විවරණයක යෙදුනු මට පෙනී ගියේ මා වඩාත් මෙහෙය වී ඇත්තේ ආචාර-ධර්මයන් ගෙන්බව ය. එයින් වෙනස් වීමට බලකෙරුණු හැම මොහොතකම මම මහත් ආතතියකින් පෙළුණෙමි. මට මෙහෙවර ප්‍රකාශය වඩා තීරණාත්මක ලෙස දැනෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියේ කොටසක් ලෙස ලැබුණු එක පැවරුමක අපට අපගේ පෞද්ගලික මෙහෙවර ප්‍රකාශය හා දැක්ම ලියන්නට සිදු විය. මා මුලින් ලියුවේ ද මෙහෙවර ප්‍රකාශය බව මට මතක ය. දැක්ම සකස් වූයේ ඒ අනුව ය. මා මගේ මෙහෙවර ලෙස හඳුනා ගත්තේ පුද්ගලයින් හා ආයතන බලගැන්වීම හා ශක්තිමත් කිරීම ය. පසු කලෙක පොත් ප්‍රකාශයට පත් කිරීමෙන් ද බ්ලොග් දෙකක් පවත්වා ගනිමින් ද සමාජ ජාලා හරහා මැදිහත් වෙමින් ද දේශකයෙකු හා කළමනාකරණ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් ද මා නිරත වී සිටියේ ඒ මෙහෙවරේ ය. මගේ දැක්ම වූයේ දේශකයෙකු කළමනාකරණ උපදේශකයෙකු හා චින්තකයෙකු ලෙස යම් නාමයක් ගොඩ නගා ගැනීමට ය. මේ පෞද්ගලික අත්දැකීම ගෙන ඒමෙන් මට අවශ්‍ය වූයේ මගේ දැක්මට පාදක වූයේ මගේ මෙහෙවර බව කියන්නට ය. මගේ දැක්ම ගොඩ නැගුනේ මා හඳුනා ගත් මෙහෙවර ඔස්සේ බව කියන්නට ය.

මෙය පුද්ගලයන් සම්බන්ධයෙන් සරල විය හැකි නමුත් ආයතන හා සංවිධාන සම්බන්ධයෙන් ඒ තරමට ම සරල නැත.

මට නැවත වතාවක් හිතෙන්නේ ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන හා සංවිධාන සම්බන්ධයෙන් ද මෙය එතරම් සංකීර්ණ නොවන බව ය. ඔවුන් පැහැදිලිව ම මෙහෙයවෙනු ඇත්තේ මෙහෙවරෙනි. එහෙත් ලාභ ලබන වෙළඳ ව්‍යාපාර හා අනෙකුත් ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් එය එතරම් සරල නොවේ. මට අනුමාන කළ හැක්කේ එය ව්‍යාපාරයන්හි අයිතිකරුවන් මත රඳන බව පමණ ය.

මේ මාතෘකාව ගෙන හැර දැක්වූවේ ම සංවාදය පිණිස ය. ඔබේ අදහස් පතමි. ඉංග්‍රීසි පරිවර්තනයක් ද පහළ තිබේ.

Vision or mission

What comes first? What drives the other? Is it a chicken and egg situation (cyclic or rather dynamic relationship) or is there a direction?

This was one of the topics I debated with a colleague of mine, long time back, when I was at Sri Lanka Institute of Development Administration (Sri Lanka’s equivalent to public service colleges find in rest of the world).

I took the position that mission should come first. It is your calling. It provides you the meaning of life. Vision should be the destination when one travels in that path.

I now think, this may not be true with everyone. Some people will have a passionate dream (vision). They could pursue different paths in achieving and there should be room to change the course (path).

The people in the first category are people who are value driven and those in the second category are passion driven. In Sigmund Freud’s terminology, first category has strong Super-ego while in the second category strong Id.

Don’t misunderstand my position, not that I am trying to label people and put them in to black and white compartments. People who are driven by values will also have passions, but what I want to emphasize is that they are primarily driven by values and secondarily by passion; at least their passions are defined more or less by values, than vice-versa. The others who are driven by dreams will also have values, in attaining dreams they will try to be within a set of values, but primarily they are driven by dreams.

On my part, looking back at my life, I have been driven by values and probably that would be the reason, why I would have thought the mission should come first.

As part of the coursework for the MBA, we were asked to write our personal vision and mission statements. I remember writing my mission as to influence individuals and institutes to become more capable/versatile and equipped them to grow in the ever-changing world. My vision was to become a very much sort after lecturer by major training institutes of the country. So right after the MBA, I pursued these mission and vision, and ended up with varying degree of success.

I brought up this to make a point; that my vision has been molded through the lenses of my mission and not vice-versa. Different people therefore view vision-mission dichotomy differently.

This would be bit simple when it is applied to individuals; but what about the institutions and organizations.

Here again I thought, the answer is pretty easy for non-profits. They have been established to realize a particular mission. But what about commercial enterprises. This is tricky. I can only assume that it might depend on the character of the owners.

This topic is open for discussion.