පත් කළ පාර්ශවයට පමණක් නායකයාට සේවය කළ හැකි ද?


See the source image

නායකයෙකු ඇතැම් විට පත් කරන්නේ ආයතනයක පාර්ශව කරුවන් අතරින් එක් පාර්ශවයකින් විය හැකි ය. ඇතැම් පෞද්ගලික ආයතනයක නම් ඒ පත් කිරීම සිදු කරන්නේ එහි අයිතිකරුවන් ය. රටේ නම් එහි ජනතාව ය. රාජ්‍ය ආයතනයක නම් පත්වීම් බලධාරියා ය.

පත් කළ අයගේ අපේක්ෂා ඉටු නොවන විටක පෞද්ගලික ආයතනයක නම් ඉක්මණින් ද රටේ නම් අවස්ථාව ආ කල ද රාජ්‍ය ආයතනයක නම් නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසු ද නායකයා වෙනස් කිරීමට මේ පත් කරන පාර්ශවයට පුළුවන.

ඒ නිසා ම නායකයා සෙසු පාර්ශව කරුවන් ට පිටුපස හරවා පත් වීම් බලධාරියාට රුචි අයුරින් ඔහුගේ/ඇයගේ ඔ්නෑ එපාකම් පමණක් බලමින් කටයුතු කළ හැකි ද?

ආයතනයක පැවැත්මට පාර්ශව කරුවන් ගණනාවකගේ දායකත්වය අවශ්‍ය ය. එක් පාර්ශව කරුවෙකුගේ වුවමනාවන් පමණක් බැලීමෙන් ආයතනය කඩා වැටීමට නියමිත බැවින් ඒ පාර්ශව කරුවාට ද එයින් අයත් වන්නේ අගතියකි.

අපි උදාහරණයක් ගෙන බලමු. පෞද්ගලික ආයතනයක නම් අයිතිකාරයා වඩාත් සතුටු වන්නේ ඉහළ ලාභයක් අත් කර ගැනීමෙන් ය. ඒ කටයුත්ත තුළ ආයතනයට වැඩදායක සේවකයන් අහිමි වන්නේ නම් පාරිභෝගිකයන් අහිමි කර ගන්නේ නම් ඒ ලාභය ඉක්මනින් අවසානයට පත් වනු ඇත. එහෙයින් දිගු කාලීන පැවැත්මක් ඇති කර ගැනීම උදෙසා පත් කළ පාර්ශවයේ වුවමනා එපාකම් ගැන පමණක් බලා ගෙන වැඩක් නැත.

දෙවැනි උදාහරණය සඳහා රටේ නායකයා දෙස බලමු. රට්ටු වඩාත් කැමති වනු ඇත්තේ තමන්ට හැකිතාක් දේ නොමිලේත් පහසුවටත් ඉක්මණටත් ලබා ගැනීමට ය. ණය වී හෝ ඒ කටයුතු ඉටුකරන පාලකයෙකු ඈත බලන ජනතාව විසින් නම් ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ ඉක්මණින් ප්‍රතික්ෂේප නොකළ ද ණය ගෙවා ගන්නට බැරිව තටමන විට ජනතාව ඔහු/ඇය විසි කර දමනු ඇත. ඒ නිසා නිශ්පාදනයේ යෙදෙන ආයෝජකයන් ගණනින් අඩු වුව ද ඔවුන්ගේ චන්ද ගණන සීමා සහිත වුව ද ඔවුනට පහසුකම් සැලසීමට රටක නායකයෙකුට සිදු වන්නේ ය.

මේ කරුණු සළකා බැලූ විට පෙනෙන්නේ පත් කරන තැනැත්තා හෝ පාර්ශවය දෙස බලා ගෙන වැඩ කරන නායකයින්ට අන්තිමේ කළ ගුණ සලකන්නට වත් ඒ පාර්ශව කරුවාට ද නොහැකි වන තැනට කරුණු යෙදෙන නිසා එසේ නො කළ යුතු බව ය. සියලු පාර්ශව කරුවන් ගැන සොයා බැලිය යුතු බව ය. තුලනයක් සහිත ව තම රාජකාරියේ යෙදිය යුතු බව ය. එසේ නොකළොත් තමන් පත් කළ පාර්ශවයට පවා යුතුකම් ඉටු කිරීමට නොහැකි වන බව ය.

2 thoughts on “පත් කළ පාර්ශවයට පමණක් නායකයාට සේවය කළ හැකි ද?

  1. අපගේ කතිකාව වඩාත් ගැඹුරින් විමසිය හැකි ප්‍රබල ප්‍රස්තූතයක් මේ දිනවල පැතිර යන කෝවිඩ් වසංගතය හරහා ලැබී තිබේ.

    lankaenews කියන විදිහට මිනුවන්ගොඩ Covid 19 පොකුරට හේතුව Brandix ආයතනය විසින් ආනයනය කරනු ලැබූ ඉන්දියන් සේවකයන් නිසි නිරෝධායනයකට ලක් නොකොට සේවයේ යෙදවීම ය. ඒ සඳහා යම් ප්‍රබලයෙකුගේ අනුග්‍රහයක් – එවැන්නෙකුගේ බලතල භාවිතා ක‌ොට – ලබා ගෙන ඇති බව ය. එහි දී system මග හැර ගොස් ඇති බව ය. එය ඇත්තක් නම් එයින් කියවෙන පාඩම් කීපයක් තිබේ.

    එකක් system වලට ගරු නොකර ඒවා මග හැර යෑමේ ආදිනව ය. ස’ හෝ කිසියම් ප්‍රමාණික බලවතෙකු කී පමණින් එය සර්කියුලයරක් ලෙස ගැනීමේ ආනිශංස ය. නායකයෙකුට බලය භාවිතා කළ හැකි ව තිබුණු පමණින් systems මග හැර නොයා යුතු බව ය. තමන් පත් කළ අයිතිකරුගේ වුවමනාවන් පමණක් සපුරා ලීමට ඉදිරිපත් වන නායකයෙකුට අවසානයට කියන්නට ඉතිරි වන්නේ ශෝචනීය කතාවක් බව ය. තමන් පත් කළ අයිතිකරුවාට ද සියලු පාර්ශව කරුවන්ගේ ඔ්නෑ එපාකම් නොසළකා හරින නායකයෙකු නිසා සිදු වන්නේ අගතියක් ම පමණක් බව ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s