බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන


සංඛ්‍යාලේඛන මෝඩයින් අමාරුවේ දමන අතර කපටියන්ට ආයුධ සපයන්නේ ය.

ස්විස්ටර්ලන්තයේ රැකියා වියුක්තිය පසුගිය වසරේ 300% කින් ඉහළ ගිය බවට වාර්ථාවක් පළ විය. සංඛ්‍යාලේඛන තවදුරටත් පිරික්සීමේ දී පෙනී ගියේ ගිය වසරේ 98 ක් වූ රැකියා වියුක්තිකයින්ගේ ගණන මේ වසරේ 302 දක්වා වැඩි වී ඇති බව ය. ස්විස්ටර්ලන්තය ලොව අඩුම විරැකියාව ඇති රට බව ය.

පිළිකා වැළඳී ඇති රෝගීන්ගෙන් 98% ක්ම තේ පානය කරන අය බව සොයා ගෙන තිබේ. ඉහත ප්‍රකාශය බැලුවිට එකවර ඇති වන නිගමනය නම් තේ පිළිකා කාරකයක් බව ය. එහෙත් ඇත්ත එය නොවේ. රටේ මිනිසුන්ගෙන් ද 98% ක් තේ බොන බවත් තේ බොන නොබොන එක පිළිකා සමග ධන හෝ රින සම්බන්ධයක් නැති බව ය. ඒ නිසා පිළිකා රෝගීන්ගෙන් 98% ක් තේ පානය කරතැයි යන කීම කිසිදු වටිනාකමක් නැති කියමනක් බව ය.

සංඛ්‍යාලේඛන කයිරාටික පුද්ගලයින් විසින් සෙසු අය මුලා කිරීමට ද මෝඩ මිනිසුන් විසින් වැරදි නිගමනයන්ට එළඹීමට ද භාවිතා කිරීමේ ශාක්‍යතාවය සහිත බව පෙනේ. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන බැහැර කළ යුතු බව ද?

සත්තකින්ම නැත. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන පරිස්සමින් ඇසුරු කළ යුතු බව ය. එයින් නොමග නොයා යුතු බව ය.

කිසිදු සංඛ්‍යාත්මක පදනමක් නැතිවම ද සමහරු අදහස් පළ කරති.

ස්ත්‍රී දූෂණ හා අපරාධ නැති කරවීමට දහම් පාසල් සැමට අනිවාර්යය කළ යුතු යැයි මේ අප මෑතකදී ඇසූ කතාවකි. වසර පහ නොඉක්මවූ සේයා දැරිය දූෂණය කොට මරා දැමීමත් සමග එය කරලියට පැමිණියේ ය. එයින් අනියමින් කියන්නට අදහස් කරන්නේ මේ අපරාධවලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම යන්න පමණක් නොවේ. ධර්මයට බලෙන් හෝ සවන් දීමට සැළැස්වුවහොත් අපරාධ දූරී භූතව යන බව ය. මේ කියන්නේ උදේ හවස බණ කියන රටක ය. ඒ එක ද සංඛ්‍යා ලේඛනයකවත් ආධාර පවා නැතිව ය.

මේ අපරාධකරුවන් ගැන යමෙක් පරීක්ෂණයක් කොට එයින් අපරාධකරුවන් කියක් දහම් පාසල් ගොස් ඇත් ද? ගොස් නැත් ද යයි සොයා තිබේ ද? ජනගහණයෙන් කවර ප්‍රතිශතයක් දහම් පාසල් යන්නේ ද? යන්න ද සොයා මේ දත්තයන් දෙක ගැන කවර නම් හෝ සන්සන්දනයක් කර ඇත් ද?

දැරිය කොටට ඇඳුම් ඇඳීමට පුරුදුව සිටි බවත් එය අපරාධකාරයන් පොළඹවන්නට හේතුවන්නට ඇති බවත් යන මතය සමාජගත කරන්නට සමහරු පෙළඹී සිටි බව අන්තර්ජාලයේ පළවූ ඇතැම් සටහන් වලින් පෙනී යයි. බොදු බල සේනාවේ ගිණුමට එය බැර කරමින් ඔවුන් විසින් අතිශය නිර්දය විචාරයක් සහිතව දැරියගේ පින්තූර ද බහාලා පෝස්ටරයක් නිර්මාණය කර තිබුනි (එය බොදු බල සේනාව විසින් කරන ලද්දක් නොවන බව බොදු බල සේනා ෆේස් බුක් නිල පිටුවේ සටහන් කර ඇත). ලොව අතිශයින් කොටට අඳින රටවල එසේ නම් අපරාධකරුවන් වැහි වැහැලා සිටිය යුතු ය. මුස්ලිම් රටවල එවැනි අපරාධ අවම විය යුතු ය. එක ද සංඛ්‍යාලේඛනයක්වත් එවැනි සාක්කි සපයන්නේ නැත.

එසේ කිසිදු දත්තයකින් තොරව පළකරන අනුමානයන්ටත් විශාල පිළිගැනීමක් ඇති රටක සංඛ්‍යාලේඛන වලින්ම ඔප්පු කර පෙන්වන බොරුවක් විශ්වාස නොකරන්නේ කවු ද?
ගණිතය අසමත් වුනාට කමක් නැතැයි කියන අය මේවා සම්බන්ධයෙන් දෙන උත්තර මොනවා ද?

ගණිතය සමත් වූ අය පවා ගණිතමය දත්ත නැතිව අනුමානයන් සරණ යන රටක ගණිතය ඉගැන්වීම නිසි පරිදි සිදු වෙනවා ද යන්න ද ඒ සමග විමසිය යුතුව තිබේ.

කළමනාකරුවන් තම නිගමනවලට එළඹෙන්නේ දත්ත හා සංඛ්‍යා ලේඛන ඇසුරිනි. ඒ නිසාම සංඛ්‍යාලේඛන වලින් නොමග යා හැක්කේ කෙසේ දැයි ඔවුන් දත යුතු ය.

ඒ සංඛ්‍යාලේඛන නැතිව කරන අනුමානයන් බැහැර කරන අතරතුරේ ය. ඒවා වලින් ද නොමග යන මිනිසුන් සිටින බව සටහන් කරගන්නා අතරතුරේ ය. ඒ අතර ගණිතය සමත් අය ද සිටිය හැකි බව පසක් කරන අතරතුරේ ය.

Advertisements

3 thoughts on “බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන

  1. බොදුබල සේනාව එහෙම කතාවක් කිව්වාද? මම පැරඩි පේජ් එකක නම් දැක්කා. නමුත් ඇත්තටම කිව්වා කියලා දැනුවත්කමක් නැහැ මගෙ නම්

    • ඔබේ මැදිහත් වීමෙන් පසු මාත් මේ ගැන වඩාත් සොයා බැලුවා. එය ෆේක් පේජ් එකක් බව පසුව පෙනී ගියා. ඒ නිසාම මගේ සටහනින් ඒ ප්‍රකාශය ඉවත් කර ගන්නව. ඒ විතරක් නෙවෙයි ඒ බවට සටහනකුත් ඇතුළු කරනව. ඒ ගැන සැළ කළාට ස්තුතියි.

      එසේම එයින් බොදු බල සේනාවට යම් අපහසුතාවයක් ඇති වූයේ නම් එ් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමාව ද ඉල්ලා සිටිනව.

  2. ශාන්ත says:

    කාන්තා දූෂණ ඉහල යන්නට එම කාන්තාව අදින ඇදුම බලපානව කියන කතාව සම්බන්දයෙන් ඔබේ අදහස අපූරුයි සහ එහි ඇත්තක් තියෙනවා. සමහරටිට අපිට ඇහෙනව මිනිස්සු කියනවා යම් කිසි අපරාධයක් වුනාම අපරාධකරු මානසික රෝගියෙක්ය කියලා. මේ ප්‍රකාශ දෙකම එකයි. ඒකෙන් කරන්නේ අපරාධකරුගේ අපරාධකාරි චර්‍යාව සාධාරණීකරනය කිරීමක් වන අතර ගොදුර වූ අය එසේ වුයේ ඔවුන්ගේම වරදින්ය කියන දේ සමාජගත කිරීමක්.

    එසේම කාන්තාවකගේ ඇදුමකින් සරාගී ස්වභාවයක් ගම්‍ය වන්නට පුලුවන්. ඒ නිසානේ ඒ අය වියදම් කරල ඇදුම් මොස්තර දාන්නේ අන් අය ආකර්ශනය වන සේ. නමුත් අපරාධයක් සිදුවීමට එය මුඛ්‍ය සාධකය වන්නේ නැත. අපරාධ කරුවකු අපරාධයක් කරන්නට පෙර සිදුකරනු ලබන (විශේෂයෙන් ස්ත්‍රී දූෂකයෙක්) කාරණා කීපයක් තියෙනවා.

    ඇදුම් නිසා කාන්තාවන් දූෂණය වුනානම් කෝට්ටේ යුගයට එනවිට ලංකාවේ දූෂනය නොවු කාන්තාවක් නැති වෙන්න තිබුනා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s