නායකත්වය ගැන අප උගත් පාඩම් මෛත්‍රී විසින් බිඳ හෙලයි ද?


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා නාමයෝජනා දීමට පසුව කරන ලද විශේෂ ප්‍රකාශයකින් ඔහු තවදුරටත් එජනිසයේ රැඳී සිටීමට හේතු පහදා තිබේ.

ඒ තමන් අනුමත නොකරන මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තව විශාල පිරිසකට නාම යෝජනා දුන්නේ ඇයි ද, එසේ නාම යෝජනා දීමෙන් මග හැරීමට නොහැකි වූවේ නම් තවදුරටත් තමන්ගේ මතය ගරු නොකළ පිරිස සමග ඔවුන්ගේ නායකයා ලෙස තවදුරටත් රැඳී ඉන්නේ ඇයි ද, යන ඔහුගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයන්ට පිළිතුරු වශයෙනි.

ඔහුගේ පිළිතුර බැලූ විට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කෙනෙක් නොකරන වැඩකි. එය බැලූ බැල්මට විප්ලවකාරී ය. එහෙත් එය ඵල සහිත වේ ද?

ඔහු යන්නේ අතුරක ය. තමන්ට පාලනයක් නැති, තමන්ගේ ඉදිරි දැක්ම හෝ තමන් පෙනී සිටින වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන, සංවිධානයක නායකකමක් දැරීම කොතරම් වටින්නේ ද කොතරම් කාලයක් කළ හැක්කේ ද යන ප්‍රශ්න තවමත් ඉතිරිව තිබේ.

මේ දීගය කෙළවර වනු ඇත්තේ මෛත්‍රී නායකත්වයෙන් ඉවත් කිරීමෙන් වීමට දැන් බොහෝ දුරට ඉඩකඩ තිබේ.

අප දන්නා කළමනාකරණ මුලධර්මයන්ට අනුව නායකයෙකු හා බහුතර අනුගාමිකයන් අතර දැක්මේ හෝ වටිනාකම්වල අති විශාල පරතරයක් ඇත්නම් එ් දීගය දිගු කලක් පැවතිය නොහැකි ය. එක්කෝ නායකයා සුළුතරයක් වූ තමන් වැනි හිතන අයගේ ගොඩ කිසියම් ප්‍රමාණයකින් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු ය. නැතිනම් බහුතරය විසින් පළවා හැරීමට ලක්විය යුතු ය.

අප ඉදිරියේ දිග හැරෙන මේ නාටකය අපට අලුත් නායකත්ව පාඩම් උගන්වනු ඇත් ද? නැතිනම් අප දැනටමත් දන්නා දේ තහවුරු කරනු ඇද්ද?

මගේ වැටහීම නම් අප දන්නා දේ ඒ මගින් තහවුරු වනු ඇති බව ය. මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා සන්ධානයෙන් ඉවත් කෙරෙනු ඇති බව ය. නිලවශයෙන් නොවුනත් අන් සියලු ආකාරයෙන් ඔහුව බැහැර කර තබනු ඇති බව ය. පල නොකියා පලා බෙදනු ඇති බව ය.

එසේ කරන්නේ නම් ඔහුට එවිට සිදුවන්නේ පසුව සෝදාගත් නමුත් තවමත් පැල්ලම් ඉතිරිව තිබෙන නාගත් මඩත් සමග ඉවත් වීමට හෝ පල්ලම් බැසීමට ය.

ඔහුව ඉවත් කිරීමට එජනිසයට නොහැකි වන්නේ නම් එවිට අපට අපගේ ඉගැනුම් නැවත විමසන්නට පමණක් නොව අප දන්නා කළමනාකරණ මූලධර්මයන් අතික්‍රමණය කළ කෙනෙකු ලෙස වත්මන් ජනපති තුමාට ගෞරව පුදන්නට ද සිදුවනු ඇත.

මෙය නායකත්වය ගැන උගන්නා කෙනෙකුට වටිනා සිද්ධි අධ්‍යයනයක් වෙනවා නොඅනුමාන ය. ඒ නිසාම කළමනාකරණය හදාරන්නන් හැටියට සිදුවන්නේ කුමක් දැයි අපි බලා සිටිමු.

Advertisements

4 thoughts on “නායකත්වය ගැන අප උගත් පාඩම් මෛත්‍රී විසින් බිඳ හෙලයි ද?

  1. Anova says:

    ”ඕහුව ඉවත් කිරීමට එජනිසයට නොහැකි වන්නේ නම් එවිට අපට අපගේ ඉගැනුම් නැවත විමසන්නට පමණක් නොව අප දන්නා කළමනාකරණ මූලධර්මයන් අතික්‍රමණය කළ කෙනෙකු ලෙස වත්මන් ජනපති තුමාට ගෞරව පුදන්නට ද සිදුවනු ඇත”

    මූලධර්මයන්, නියායන්, ප්‍රවාදයන් “අවස්තිථික රාමු” වලට සාපේක්ෂ වෙනවා. හරියට නිව්ටන් නියම සත්‍ය වන්නේ නිව්ටෝනීය අවස්තිථික රාමු වලට විතරක් වගේ. කළමනාකරණ මූලධර්මයන් ලංකාවේ “පක්ෂ විවස්ථා” කියන රාමුව ඇතුලේ වැඩ කරන්නේ නෑ. මොකද හැම පක්ෂෙම විවස්තාවල් ඒකාධිපති නිසා. කළමනාකරණ මූලධර්මයන් අනුව රනිල් වික්‍රමසිංහ තාමත් පක්ෂ නායකත්වය දරන්න මොනම ව්දියක්වත් නෑ. නමුත් මිනිහ මෙදා පොටෙත් අගමැති අපේක්ෂක.

    සිරිසේන උන්නැහෙත් තව බොහෝ කාලයක් නිදහස් පක්ෂේ නායකයා තමයි. එක එතුමාගේ හපන් කමක් නෙමෙයි. එක තමයි පක්ෂ විවස්ථාව හා අවස්ථාවාදය.

    • ඔබේ මේ ප්‍රකාශය අතිශයින් ප්‍රබල එකක්.

      “මූලධර්මයන්, නියායන්, ප්‍රවාදයන් “අවස්තිථික රාමු” වලට සාපේක්ෂ වෙනවා. හරියට නිව්ටන් නියම සත්‍ය වන්නේ නිව්ටෝනීය අවස්තිථික රාමු වලට විතරක් වගේ. කළමනාකරණ මූලධර්මයන් ලංකාවේ “පක්ෂ විවස්ථා” කියන රාමුව ඇතුලේ වැඩ කරන්නේ නෑ. මොකද හැම පක්ෂෙම විවස්තාවල් ඒකාධිපති නිසා.“

      ඒ වුනත් ව්‍යවස්ථාව පරයා “ජනබලය“ ඉදිරියට ආ තැන් තියෙනව. “ජනබලය“ ඉදිරියේ ව්‍යවස්ථාප්තිත බලය අකුලා ගත් අවස්ථා ලංකාවේ මෑත ඉතිහාසයේත් දකින්න පුලුවන්. මහින්ද පාර්ශවයට එහෙම එකක් ගොඩනගන්න පුලුවන් ද බැරි ද කියන එක අනුව තමයි මෛත්‍රී ගෙ අනාගතය රැඳෙන්නෙ.

      ජනබලය නැත්නම් හුලං හමන අත අපට තීරණය කරන්න බැ කියල හිතුවට ගරිල්ලා මාකටින් එකකට ඒ වැඩේ කරන්න පුලුවන්. ඒ නිසා ජනබලය අවුළුවන්නට දක්වන සමත්කම අනුව මේ සියල්ල තීරණය වෙයි.

      කොහෙම වුනත් මේ දිග හැරෙන සිද්ධි දාමය ඉගෙන ගන්නට වුවමනා කෙනෙකුට වටිනා අමුද්‍රව්‍ය සපයනු ඇති බවට නම් සැකයක් නැහැ.

  2. ඔබතුමාපවසන්නාක් මෙන්ම මෙය වටිනා සිද්ධි අධ්‍යයනයක් වේවි. අලුත් දැයක් ඉගෙනීමට හෝ දැනටමත් දන්නා දේ නැවත තහවුරු වේවි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s