බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට


ලංකාවේ නායකයින්ගේ බබා පාට්වල කෙළවරක් නැත. එක්කෙනෙක් කීවේ තමන්ගේ අනුගාමිකයන් බලුකම් කුපාඩිකම් කළ බවත් ඒවා තමන් සැගවූ බවත් තමන් කළ වැරැද්ද පිලිගන්නා බවත් ඉදිරියේදී එවැනි දේ නොකරන බවත් ය.

එහෙම කිව් එක්කෙනා මැතිවරණය එළඹෙන්නට නාම යෝජනා සකස් කරද්දී කියන්නේ ගිය මැතිවරණයෙන් පත් වූ සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනට නාමයෝජනා දිය යුතු බව ය. ඒ කතාව අප තේරුම් ගත යුත්තේ තමන් තරමටම ඒ අය ද පුනරුත්ථාපනය වී ඇතැයි නායකයා කල්පනා කරන බව ය. ඒ කිසිදු දඩුවමක් නැතිව ය.

දැන් අපට කියන්නේ හොරු ආරක්ෂා කිරීමේ කටයුත්ත තමන් ඉදිරියේදී නොකරන බවට කරන සපථ කිරීම අප තවදුරටත් විශ්වාස කළ යුතු බව ද?

ඊළග එක්කෙනා කියන්නේ තමන් එතනෝල් කාරයින්ට කුඩු කාරයින්ට ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධ බවත් එසේ වුව ද ඒ අයට එජනිසයෙන් නොමිනේෂන් දීම සම්බන්ධයෙන් මැදිහත්වීමට තමන්ට ඒ තුළ ඒ හැටි බලයක් නැති බවත් ඒ නිසා තමන් ඒ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටිනා බවත් ය.

එහෙම කිව් එක්කෙනා තවමත් එහි නායකයා ලෙස රැඳෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නයට අප උත්තර දිය යුත්තේ පස්සේ කාලයක ඒ නැති බලය ලැබෙතැයි ඔහු ද කලින් එක්කෙනා තරමටම විශ්වාස කරන බව ය.

මේ දෙකම ගොන් පාට් නොවෙතොත් අඩු වශයෙන් බබා පාට් දෙකකි.

මෙවන් නායකයන් ලබන රටක් එක තැන තිබීම ගැන අප පුදුම විය යුතු නැත.

කළමනාකරුවන් හැටියට අපට කළ හැක්කේ මේ නායකත්ව ආදර්ශ දෙකින් නායකත්වය නොදිය යුත්තේ කෙසේ දැයි ඉගෙනීමට ය.

රටකට ලැබෙන්නේ එහි ජනයාට උචිත නායකයන් යයි කතාවක් තිබේ. එහෙත් අපට ලැබෙන්නේ ඊටත් පහළ නායකයන් වීම අපේ අභාග්‍යය ය. මිනිසුන් ඉදිරියට යද්දී නායකයන් පස්සට යන රටක් බවට මේ රට පත් ව තිබේ.

කලකට ඉහත දී මම නායකත්වය ගැන පොතක් ලීවෙමි. එහි නාමය ලෙස ගත්තේ “නායකත්වය – ඇබෑර්තු තිබේ“ යන්න ය. අපේ රට සම්බන්ධයෙන් නම් ඒ කතාව 200% ක් තවමත් අදාළ ය.

දියසේන කුමාරයා එනතුරු අපට බලා සිටීමට සිදුව තිබේ. මුකුත් නොකර දිගින් දිගට නිකම් බලා සිටියාට කුමාරයා එන එකක් නැත.

මේ ඇබෑර්තුව පිරවිය හැක්කේ ඒ සඳහා ඇති කරන පෙළ ගැස්මක් හරහා ය. අපේ ආයතන කළමනාකරණය කරන අතරතුරේ ඒ පෙළ ගැස්මට ද දායක වන්නට කළමනාකරුවන් සිතා ගන්නවා නම් හොඳ ය. රටක් වලපල්ලට යන විට එහි ආයතන ද ඒ සමග ම වලපල්ලට යනු ඇත.

හොඳම උදාහරණය ග්‍රීසිය ය.

Advertisements

4 thoughts on “බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට

  1. //මිනිසුන් ඉදිරියට යද්දී නායකයන් පස්සට යන රටක් බවට මේ රට පත් ව තිබේ.//

    • Chinthaka says:

      නායකත්වයට අදාලව දියසේන කුමාරය සම්බන්ද ඔබතුමාගේ සටහන සහ අනාගත නායකත්වය දියසේන කුමාරයට කරයි කියල ධර්මපාල තුමා 1926 කියපු දේ ගොඩක් දුරට සමපාත වෙනව නේද

  2. මෛත්‍රීපාල නාමයෝජනා දීමට පසුව කරන ලද විශේෂ ප්‍රකාශයකින් ඔහු තවදුරටත් එජනිසයේ රැඳී සිටීමට හේතු පහදා තිබේ.

    ඔහු යන්නේ අතුරක ය. තමන්ට පාලනයක් නැති තමන්ගේ ඉදිරි දැක්ම හෝ තමන් පෙනී සිටින වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම දිගින් දිගට ප්‍රතික්ෂේප කරන සංවිධානයක නායකකමක් දැරීම කොතරම් වටින්නේ ද යන ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. මේ දීගය කෙළවර වනු ඇත්තේ මෛත්‍රී නායකත්වයෙන් ඉවත් කිරීමෙන් වීමට දැන් බොහෝ දුරට ඉඩකඩ තිබේ. එතකොට මෛත්‍රී පමාවී වැඩිවන්නට පුලුවන.

    අප ඉදිරියේ දිග හැරෙන මේ නාටකය අපට අලුත් පාඩම් උගන්වනු ඇත් ද? නැතිනම් අප දැනටමත් දන්නා දේ තහවුරු කරනු ඇද්ද?

    මගේ වැටහීම නම් අප දන්නා දේ ඒ මගින් තහවුරු වනු ඇති බව ය. මෛත්‍රී ඉවත් කෙරෙනු ඇති බව ය. එසේ කරන්නේ නම් ඔහුට එවිට සිදුවන්නේ පසුව සෝදාගත් නමුත් තවමත් ඉතිරිව තිබෙන නාගත් මඩත් සමග ඉවත් වීමට ය.

    ඔහුව ඉවත් කිරීමට නොහැකි වන්නේ නම් එවිට අපට අපගේ ඉගැනුම් නැවත විමසන්නට සිදුවනු ඇත. මේ සටහනේ සඳහන් කළ දේ සම්බන්ධයෙන් අපේ වැරැද්ද පිළිගැනීමට ද සිදුවනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s