නායකයො වැහිවැහැල. කවුද හැබෑටම නායකයා?


මෙය එක අතකට දුක් ගැනවිල්ලකි. තව අතකට පැමිණිල්ලකි. දුක් ගැනවිල්ලක් යැයි කීවේ එක නායකයෙකුට පුරුදුව සිටි ජනතාවකට මෙය නුහුලන කාරණයක් වී ඇති බැවිනි. පැමිණිල්ලක් යයි කීවේ මෙතැන වැරැද්දක් සිදුවී ඇතැයි ඒ ප්‍රශ්නය නගන ස්වරයෙන් පෙනී යන බැවිනි.

නායකයන් සිටිය යුත්තේ එක් කෙනෙකු ද? කලකට පෙර මිනිස්සු එසේ සිතූ හ. රජ කෙනෙකු පත් වූයේ ඒ අනුව ය. එය පහසු ය. කළ යුත්තේ ඔහුට අවනත වීම ය.

නායකයන් කීප දෙනෙකු හිටියහම හුටං ය. කාට අවනත වන්නේ දැයි සිතමින් ලත වන්නට සිදුවන නිසා ය. නායකයා ඒකනායක කෙනෙකු විය යුතුය යන්නට පදනම වැටෙන්නේ එසේ ය.

පුරාණ කාලයේ මිනිසුන් අවනත වූයේ පුද්ගලයෙකුට ය. නායකත්වය පුද්ගල කේන්ද්‍රීය එකක් බවට පත්වූයේ ඒ නිසා ය. දියුණු ලෝකයේ එවැන්නක අවශ්‍යතාවයක් නැත. මිනිසුන් නව ලෝකය තුළ අවනත වනුයේ සම්මුතියකට එළැඹුනු ප්‍රතිපත්ති මාලාවකට ය. ඉදිරි දැක්මකට ය. ක්‍රම වේදයන්ට ය. ආයතනික ව්‍යුහයන්ට ය.

එවිට පුද්ගලයා තවදුරටත් වැදගත් නොවේ. වැදගත් වන්නේ සම්මුතිය යි. නායකයන් අවශ්‍ය වන්නේ ඒ සම්මුතියට එළැඹීමට පමණ ය. සම්මුතිය පවා අනුගාමිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු වේ. ඒ සඳහා දායක වීමට හැමට ඉඩකඩ සැළකීම නායකත්වයෙන් අපේක්ෂා කෙරේ.

මේ නිසා වර්තමානයේ නායකයා යන පුද්ගල කේන්ද්‍රීය වචනය වෙනුවට කළමනාකරණ සාහිත්‍ය තුළ ප්‍රචලිතව භාවිතා වන්නේ නායකත්වය යන වචනය ය. එයින් අදහස් කරන්නේ එය බෙදා හදා ගත හැකි එකක් බව ය. එවැනි වටපිටාවක කෙනෙකු දක්ෂ යම් කාරණයක් සම්බන්ධයෙන් ද එතැන දී නායකත්වය ඔහුට හිමි වෙන අතර ඊළග පියවරේ දී ඒ පියවර සඳහා අවශ්‍ය කුසලතා ඇති අයෙකුට නායකත්වය පවරා මුල් නායකයා පසු පෙළ අසුනක් ගැනීමට සූදානම් වන්නේ ය.

ඒ අනුව වඩාත් සුදුසු පුද්ගලයාට නිසි තැන්හි නායක භූමිකාව රඟපෑමට හැකි වේ. බලය එක් පුද්ගලයෙක් තුළ ඒකරාශී වනු වෙනුවට බලය කීප දෙනෙකු අතර බෙදී යන්නේ ය.

බලය විමධ්‍යගත කිරීම (decentralization) බලාත්මක කිරීම (empower) යන පද කළමනාකරණය තුළ ප්‍රචලිතව ඇත්තේ ඒ අනුව ය.

මුල්‍ය කළමනාකරණයේ නම් වගකීම හා බලය බෙදී යෑම (segregation) අත්‍යවශ්‍ය ලෙස සළකනු ලැබේ. තනි පුද්ගලයෙකුට මුල්‍ය සම්පත් කොල්ල කෑමට ඒ මගින් ඉඩ ඇහිරේ.

වැඩවසම් සබඳතා හා රාජකීය සම්ප්‍රදායන් අගය කරන්නට පුරුදු වූ මිනිසුන්ව ඒකනායක සංකල්පයෙන් ගලවා ගැනීමම අභියෝගයකි.

ඊයේ පෙරේදා ව්‍යවස්ථාවේ 19 සංශෝධනය 94% ක වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් පෙනී යන්නේ නායකයන් බහුල රටකට වුව ද සම්මුති ඇති කරගැනීමට එක් නායකයෙකු නැතිවාට හැකි බව ය. වසර 30ටත් වැඩි කාලයක් තිස්සේ ඒකනායකයින්ට පවා දහසක් පොරොන්දු දීමෙන් පසුව ද ඉවත් කරන්නට බැරි වූ එක් අටමගලයක් එවැනි නායනත්වයකින් ඉවත් කිරිම පිළිබඳව ඒ නිදර්ශනය අගනා එකකි.

කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරන්නන් හැටියට අපට ඇති ප්‍රශ්නය නම් ආයතන තුළට පවා මේ ඒකනායක සංකල්ප මේ සංවාදයන් හරහා ඇතුළුවීමේ ඉඩකඩ තිබීම ය. රට තුළ සිදුවෙන සාකච්ඡා රට තුළට සීමා වෙන්නේ නැත. ඒවා ආයතන තුළට ද කාන්දු වෙයි. එසේ වූ කල කළමනාකරණය හැදෑරූ අය ද ඔල්මොරොන්දම් වෙයි.

නූතන ආයතන වැඩවසම් යුගයෙන් රජු පාලනය කළ යුගයෙන් වෙනස් වන බව අපට නිතර සිහිපත් කිරීමට මේ නිසා සිදු වෙයි.

අද ආයතනයන්ට අවශ්‍ය සර්වතෝභද්‍ර එක් ගරු ගාම්භීර පුද්ගලයෙකුගේ පැවතීම නොවේ. ඉදිරි දැක්මක් ප්‍රතිපත්ති මාලාවක් හා ආයතනික ව්‍යුහයන් ය. ඒවා නිසි ලෙස සකස්ව තිබේ නම් හා ක්‍රියාත්මක වේ නම් නායකයා කවරෙක් වුව ද එයින් ලොකු ප්‍රශ්නයක් ඇති වන්නේ නැත.

Advertisements

One thought on “නායකයො වැහිවැහැල. කවුද හැබෑටම නායකයා?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s