ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?


10888603_10153780519387195_8184315198333492164_nසමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්‍රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය.

මට හිතෙන හැටියට නම් ප්‍රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්‍රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයකට ද යන්න ය.

මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි.

ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය.

කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය.

එහෙත් තිබෙන ප්‍රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්‍රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය.

හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය.

කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය.

වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත.

ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්‍රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය.

එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්‍රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය.

ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය.

ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය.

එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්‍රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ.

ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය.

ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු.

යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.

Advertisements

3 thoughts on “ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?

  1. ශක්තිමත් යාන්ත්‍රණයකට කැමතියි. ඒත් කණගාටුව ඒ ශක්තිමත් යැයි කියා පතන යාන්ත්‍රණය අව්‍යාජ ලෙසින් ශක්තිමත් වූවෙන් ඉතා ඈතක තිබීමයි. ඉතින් පවතින අර්බූදය විවිධ මුහුණුවරින් තවත් කාලයක් පුරා අවිනිශ්චිත බවකින්ම පැවතේ යැයි දැකීම බැහැරලන්න අපහසුයි. කළමනාකරැවා යනු තමන් ඉදිරියේ ඇති අර්බූදය හැකි ඉක්මණින් විසඳිය යුතු අයෙකි. ඒ නිසා වහාම අව්‍යාජ ලෙසින් ශක්තිමත් වූ යාන්ත්‍රණය කුමක්දැයි සොයාගන්නට (එය මේ අවස්ථාවේ තමන් ඉදිරියේ නැති වුවත්) ගමන පටන් ගත යුතුයි.

  2. Sabina Ratnayake says:

    I see lack of application of vital managerial instruments in the process. President should have done a performance evaluation before he request for an upgrade. Year end performance evaluation and obtaining a feed back and act constructively helps every one to serve better.

  3. sudeeka says:

    ඔබ මේ ප්‍රශ්ණය දුටු කෝණය මා වෙනස් අකාරයකට සිතන්නට පෙළඹවීය. අද දින වනවිට ප්‍රතිඵල නිකුත් වී සෑහෙන කාලයක් ගත වී ඇතත්, ඔබ ලියන ඕනෑම දෙයක් කියවීමට මා සුදානම් බව පැවසීමට කැමැත්තෙමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s