නිතර සොයන හැම විට අගයන පරමාදර්ශී චරිතය හෙවත් අල ගෝනිය


එක් පරමාදර්ශයක් ඇතැයි අපට සිතන්නට සැළසුවේ පාසල ය. ඒ පරමාදර්ශී ශිෂ්‍යයයා පිළිබඳ පින්තූරයක් මැවීමෙනි.

ඒ පින්තූරයට අනුව ඔහු කීකරු ය. තැන්පත් ය. නිහඩ ය. ප්‍රශ්නයක් ඇහැව්වොත් මිසක කතා කරන්නේ නැති තරම් ය. ගුරුවරුන් කියන දේ අදහන්නේ ය. ඔවුන්ට ගරු කරන්නේ ය. ඒ කෙසේ ද යත් දෙපතුළ අල්ලා වැඳ වැටීමෙනි. හෙතෙම ගුරුවරු සමග වාදයට නොයන්නේ ය. ගෙදර වැඩ එකදු අඩුවක් නැතිව කරගෙන එන්නේ ය. විෂයට අදාළ පොත්පත් මිසක වෙන අනම් මනම් දෑ හිතන්නට පොළඹවන පොතක් පතක් දෙස ඇහැක් ඇරලාවත් බලන්නේ නැත. ආගමික චිත්‍රපටියක් මිසක වෙනත් චිත්‍රපටියක් බලන්නට යන්නේත් නැත. පන්සල් හෝ පල්ලියට නොවරදවා යන්නේ ය. පිරිමි ළමයෙක් නම් ගැහැණු ළමයි මග හරින්නේ ය. ඔවුන් දෙස හොරෙන් වත් නොබලන්නේ ය. ගැහැණු ළමයෙකු නම් එහි අනෙත් පැත්ත ය. ළමයින් සමග කල්ලි ගැසෙන්නට නොයන්නේ ය. තමන්ගේ පාඩුවේ සිටින්නේ ය. ටිකක් දුරකට අල ගෝනියක් වගේ ය.

ඉතින් එවැනි පරමාදර්ශයන් සේ හැදෙන අප ද රාජකාරියට ආවත් හොයන්නේ එවැනි පරමාදර්ශ ය. ගුරුවරයාගේ තැන කළමනාකරුත් ළමුන්ගේ තැන වැඩ සගයිනුත් විෂයයට අදාළ වැඩ (හෝම්වර්ක්) රාජකාරියෙනුත් විස්ථාපනය වෙනවා විතර ය.

පාසල නිශ්පාදනය කරන්නේ එකම වර්ගයකට අයත් බඩු ය. ඉන් එකක් අනෙකෙන් වෙනස් නොවන්නට හැකිතාක් ගුරුවරු වග බලා ගන්නේ ඒ නිසා ය. විවිධත්වය පාසල තුළ අගය කරනු නොලැබේ. තිබෙන්නේ එක් පරමාදර්ශයක් නම් විවිධත්වයක් තිබිය හැක්කේ කෙසේ ද?

සැවොම එකම මිම්මකින් මණින්නේත් ඒ නිසා ය. පළමුවැනියා දෙවැනියා තෝරන්නට හැක්කේ එහෙම මණින නිසා ය.

මේ සියල්ල අපේ ආයතනවලට එලෙසම ඇතුළු වීම සම්බන්ධයෙන් අපට ආයතන කළමනාකරුවන්ට දොස් කිව හැකි ද?

මේ උඩ දමන පරමාදර්ශී චරිතය විචාරශීලී නැත. කීකරුකම තුළ ප්‍රශ්න කිරීමට ඉඩක් නොලැබෙන බැවිනි.

ඉතින් සම්ප්‍රදාය එලෙසම පවත්වාගෙන යනවා විනා එය වෙනස් කිරීමට තල්ලුවක් දීමට එයට බැරි ය. එය සම්ප්‍රදාය වෙනුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා ඇත.

මේ පරමාදර්ශී චරිතය නිර්මාණශීලි නැත. උවදෙස් අවවාද අනුව වැඩ කරන නිසාත් ඒවා ලැබෙන තෙක් බලා සිටින නිසා ත් ය.

ඉතින් අලුත් දේ ඔවුන් අතින් බිහිවන්නේ නැත. අලුත් විදිහකට ඔවුන් සිතන්නේත් නැත.

ඔවුන්ගෙන් වෙන එකම වාසිය නම් සමහර නූගත් අය මෙන් ආවේගයන්ගෙන් පරල වී කලබල ඇති නොකිරීම පමණ ය. ඔවුන් නරක නැත. එහෙත් ප්‍රශ්නය ඔවුන්ගේ ලොකු හොඳකුත් නැතිවීම ය. කොටින්ම ඔවුන් පතෝල වගේ ය. අගුණ නැත. ඇති ගුණකුත් නැත.

Advertisements

9 thoughts on “නිතර සොයන හැම විට අගයන පරමාදර්ශී චරිතය හෙවත් අල ගෝනිය

  1. අනගි සටහනක්. ඔබ කියන අන්දමේ පරමාදර්ශී ශිෂ්‍යයා ගැන පින්තූරයක් මැව්වේ හැමටම පොදුවේ නියමිත වූ නිදහස් අධ්‍යාපනයක් නොමිලේ බෙදනවා කියන පාසැලයි. ඊට වෙනස් ක්‍රම තිබෙන රටවල, ආගමික පාසැල්, කලා කේන්ද්‍රීය පාසැල්, විද්‍යා කේන්ද්‍රීය පාසැල් සහ ගෙදර පාසැල (home school) යන විකල්ප තෝරාගැනීමට හැකියාව තියෙන නිසා, පරමාදර්ශී ශිෂ්‍යයා යැයි ඒ ඒ දරුවාට අධ්‍යාපනය සපයන ඒ ඒ පාසැල් අනුවත්, අම්මා, තාත්තා, වැඩිහිටියන් විසින් ද පින්තූරයක් සපයා දෙනවා. ඉතින් විවිධ පරමාදර්ශ අතරින් විවිධත්වය ද බිහි වී තිබෙනවා. මේ රටේ අලුත් දේවල් දිනපතා බිහිවෙන්නෙ මේ නිසාමයි. ඒත් මෙහෙට ඇදෙන බොහෝ සංක්‍රමණිකයන් පක්ෂපාතී බව දක්වන්නේ තමන් අත්හැරලා දාපු රටවල අසාර්ථක ක්‍රම යළි මෙහෙත් පිහිටුවන්නට වීම ගැන නම් ඉතා කණගාටුයි.

  2. SLFireBall@gmail.com says:

    The point is there should be a balance. You have not emphasized it in your article. Do you think that any child will have the patience to sit and think if they are not trained to do? Can a institute perform if the subordinates do not follow orders?

  3. Yes, children should be guided, but not to the level of total subjugation as what is happening in our schools. They should be encouraged to think; They should be allowed to initiate; They should be motivated to question.

    Prince Siddhartha was not obedient to his father. If he did we would be followers of some other religion and not Buddhism today.

    • SL says:

      “Prince Siddhartha was not obedient to his father. If he did we would be followers of some other religion and not Buddhism today.”
      Well King Suddhoda tried to tie Prince Siddhartha to more sensual lifestyle but, he failed.

      My point is the balance or middle path in terms of Buddhist teaching. Different organizations require obedience and rebellion in different proportions. For example, in military and in professional sports it need higher degree of obedience. Not so much in liberal arts.

      • Thanks for the contribution. Yes, I do agree. Not only different organizations but different occasions demand obedience. For example, when there is a fire and you need to obey the firefighters. But applying the same thing across the board is our issue.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s