පරිහානියට මග සළසන සාර්ථකත්වය


සාර්ථකත්වය උදෙසා සැවොම වෙහෙසෙති. කැප වෙති. එහෙත් සාර්ථකත්වය පරිහානියට ද මග පාදන බව දන්නේ සිතන්නේ කීයෙන් කීදෙනෙක් ද?

යම් සමාගමක් තරඟයෙන් සියළු ප්‍රතිවාදීන් පරදවා එම ක්ෂෙත්‍රයේ එකම සමාගම – ඒකාධිකාරය – බවට පත්වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද? දැන් තරගකරුවන් නැති නිසා තවදුරටත් ගුණාත්මක බව ඇති කිරීමට වෙහෙසීමට නුවුමනා වීම ය. නව ආකාරයන්ට හිතන්නට නුවුමනා වීම ය. සමාගමට කැමති මිලක් නියම කරමින් ඉතාම බාල මට්ටමේ නිශ්පාදන සපයමින් කලක් රැඳෙන්නට එයින් ඉඩක් ලැබෙන්නේ ය.

එය අවසන් වනු ඇත්තේ නව සමාගමක් නැවත වතාවක් තරග බිමට වැදීමෙනි.

ඒ වනවිට මුල් සමාගම කොතරම් අලස වී ඇත් ද කොතරම් අකර්ණම්‍ය වී ඇත් ද කොතරම් ජරාජීර්ණ වී ඇත් දැයි කිව හොත් තවදුරටත් එයට තරගයක් දීමට පුළුවන් කමක් නැත.

සාර්ථකත්වය විසින් එය නොමරා මරා දමා තිබේ. ප්‍රතිවාදියාට දැන් ඇත්තේ පහසු කාර්යයකි. ඒ නම් අර කී සමාගමේ අවසන් කටයුතු සූදානම් කිරීමට ය.

ප්‍රතිවාදීන් සිටීම හැම විටම අවදියෙන් සිටීමට අප පොළඹවයි. අපේම අභ්‍යන්තර සමගියට එය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. අපට අලුතින් සිතන්නට ද අලුතින් කරන්නට ද එයින් පෙළඹවේ. ප්‍රතිවාදීන් මුළුමනින්ම ඉවත් කළ රටවල් ඉතා ඉක්මණින් තමන්ගේ අවසානය ළඟා කර ගත්තේ ය. ඒ ප්‍රතිවාදීන්ගේ කැරලි නිසා නොවේ. තමන්ගේම ඇතුළේ දුර්වලතා ප්‍රතිවාදීන් නැති තත්වයක් යටතේ ඔඩු දුවා වැඩුනු නිසා ය.

මෙයින් ගැලවිය හැක්කේ එකම ක්‍රමයකිනි.  ඒ ප්‍රතිවාදියෙකු සමග නොව තමන්ගේ ඊයේ දවස සමග තරග වැදීම මගිනි. තමන් සමගම තරගයට එළඹීම මගිනි. පරහකට ඇත්තේ සැමට එසේ කළ නොහැකි වීම ය. බොහෝ දෙනෙකුගේ තරගය තිබෙන්නේ අනුන් සමග ය.

පරිහානියට සාර්ථකත්වය ද මග පාදන බව දැන සාර්ථකත්වය සොයා ගියාට කමක් නැත. ඒ බව නොදැන ගියොත් අවසන් වන්නේ අපේක්ෂා නොකළ තැනකිනි. අන්ත පරිහානියෙනි.

දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග. නැත. එය මෙසේ නැවත ලිවිය යුතු ය. දැන ගියොත් සාර්ථකත්වයට! නොදැන ගියොත් සාර්ථකත්වය හරහා පරිහානියට!

Advertisements

4 thoughts on “පරිහානියට මග සළසන සාර්ථකත්වය

    • අපට උගන්වා ඇත්තේ තරගය නරක දෙයක් ලෙස ය. තරගය මා නම් දකින්නේ හොද දෙයක් ලෙස ය. අනුන් සමග වුව තරගය සැබැවින්ම හොද දෙයකි. එහෙත් ඒ තරගයේ මහත්මා නීති උල්ලංඝනය නොකරන තාක් කල් ය. අප තරග කළ යුත්තේ වඩා හොද දෙයක් ලොවට බිහිකිරීම උදෙසා ය. ඒ සදහා අනෙකා සමග තරග කිරීම වරදක් නොවේ. වරද තරගයෙන් අයින් වීම ය. එවිට ලෝකය මේ පවතින විදිහටම තිබෙනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s