මස් රාත්තලම ඉල්ලා සිටින රජයේ විගණන ෂයිලොක්ලා!


ෂයිලොක්ට මස් රාත්තලම ඕනෑ විය. අපේ රටේ නිලතල හොබවන බොහෝ දෙනෙක් ෂයිලොක්ලා ය. ඔවුහු ද මස් රාත්තලම ඉල්ලා සිටිති.

එක්තරා අමාත්‍යංශයකින් නිකුත් කරන ලද චෙක්පතක් ගැනීම සඳහා යන කෙනෙක් ආයතනයේ සීල් එක ද ගෙනා යුතු ය. ඒ සීල් එක වවුචරයේ සටහන් නොකර චෙක් එක නිකුත් කරන්නේ නැත. චෙක්පත ලියුම රැගෙන එන නම් සඳහන් තැනැත්තාට බාර දෙන ලෙස උපදෙස් සහිත ආයතනයේ නිල ලිපියක් ඉදිරිපත් කළ ද ඔවුන් එය පිළිගන්නේ නැත. එය වවුචරයට අමුණන්නේ නම් සීල් එකෙන් කරන කාරියම එයින් කෙරෙන්නේ ය. ඒ වුනාට ඔවුහු ඉන් සෑහීමකට පත් නොවෙති.

මේ සියල්ල අවශ්‍ය වන්නේ කුමකට ද? වෙනත් කෙනෙක් අතට චෙක්පත පත්වීම වළක්වන්නට ය.

නැත. මෝඩ විගණන නිලධාරියෙකුගෙන් බේරීමට ය. ප්‍රශ්න කළ විට අසන්නට ලැබෙන්නේ ඒ උත්තරයයි. එතකොට සිදුවන්නේ ෂයිලොක් නැතිවීම නොව ෂයිලොක් විගණන නිලධාරියාට මාරු වීම ය. මෙසේ ෂයිලොක් ලා බිහිවීමට හේතුව කුමක් ද?

හේතුව හොයන්නට තරම් වටින්නේ ය. එක හේතුවක් නම් මෝඩකම ය. අනෙක උද්ධච්ඡ කම ය. උන් නිවුන් සොහොයුරන් ය.

ෂයිලොක්ලා තුරන් කළ හැකි නම් අපේ ජීවිත මීට වඩා පහසු වන්නේ ය.

විගණන නිලධාරීන්ට මුලින්ම ඉගැන්විය යුත්තේ නිහතමානිත්වය හා සංවේදීත්වයයි. විගණනය ආ යුත්තේ ඊළගට ය.

විගණන නිලධාරීන් ගැන කීවේ අදාළ සිද්ධිය නිසා ය. ඇත්තටම ඒ අනුපිළිවෙළ අදාළ වන්නේ විගණන නිලධාරීන්ට පමණක් නොවේ. බලය දරන සැමට ය. නිලය දරන සැමට ය.

එසේ වූ දිනක නීතිය තඩි බෑමට පොල්ලක් වෙනුවට ආරක්ෂාවට කුල්ලක් වනවා ඇත. කරුමය නම් මිනිසුන් ආරක්ෂාවට මුවා වීම සළකන්නේ බයගුළු කමක් ලෙස වීම ය. ඊට ප්‍රතිපක්ෂව තඩිබෑමට නොබියව ඉදිරියට යෑම සළකන්නේ නිර්භීත කමක් ලෙස ද වීම ය. ඒ නිසාම සියල්ල නැවත අර්ථ විවරණය කළ යුතු ව තිබේ. විශේෂයෙන් වීරකම කුමක් දැයි නැවතත් නිර්වචනය කළ යුතුව තිබේ. ෂයිලොක්ලා කවුදැයි රටට හඳුන්වා දිය යුතුව තිබේ.

Advertisements

2 thoughts on “මස් රාත්තලම ඉල්ලා සිටින රජයේ විගණන ෂයිලොක්ලා!

  1. පසුගාමී සංස්කෘතියක් සහිත රටක බලය රඟපාන්නෙ පීඩකයාගේ චරිතය. බලය ප්‍රදර්ශනය කරන්න අපි ආසයි. විධායක ජනාධිපතිවරයා ආසයි තමන් රජෙක් කියල හිතනවට. ඇමතිවරු ආසයි වාහන හතරක් වටකරගෙන ගමන් යන්න. හාමුදුරුවො ආසයි ඇමතිට කුණුහරපෙන් බැනල චන්ඩියා වෙන්න. කොමසාරිස් ආසයි තමන්ට පනතෙන් ලැබී ඇති බලතල පෙන්වන්න. මුරකාරය ආසයි.. පොලිස් රාලහාමි ආසයි.. බස් ඩ්‍රයිවර් ආසයි.. කොන්දොස්තර ආසයි… දොස්තර ආසයි.. නර්ස් ආසයි(පරිකල්පනය කරගන්න හොඳේ). අපි අනෙකා පීඩාවට ලක්කරන්න ආසයි. ඉතින් විගණකත් ආසයි. අපි නොදියුණු සංස්කෘතික සමාජයක ජීවත් වෙන, පසුගාමී ඔලු සහිත මිනිස්සු…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s