සම්මන්ත්‍රණයක් නොවන සම්මන්ත්‍රණ


images chickenපහු ගිය දිනක වැඩ මුළුවක් පැවැත්විණි. ආයතනයක සංයුක්ත සැළැස්මක් සැදීම නිමිති කොට ගෙන එය පැවැත්වුනේ ය.

පළමුවෙන් සාකච්ඡාව සඳහා ගනු ලැබුවේ මෙහෙවර ප්‍රකාශය නිර්මාණය කර ගැනීමේ කටයුත්ත ය.

ආරම්භයේදීම සභාවෙන් අභියෝගයක් පැමිණියේ ය. මුලින් ගත යුත්තේ ආයතනයේ දැක්ම බවත් මෙහෙවර ප්‍රකාශය සළකා බැලිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ඒ අභියෝගයේ සඳහන් විණි.

මේ ගැන මත වාද දෙකක් පවතින බවත් තමන් වඩාත් කැමති මෙහෙවර ප්‍රකාශය පදනම්ව ඉතිරිය ගොඩ නැගීම බවත් ඊට හේතුව මෙහෙවර ප්‍රකාශය ආයතනය කවරක්ද යන්න නිර්වචනය කොට දැක්වීම බවත් අප පවතින්නේ කුමක් නිසා ද යන්න පැහැදිලි කරගත් විට ඉතිරිය පහසු වන බවත් පහසුකම් සපයන්නා කියා සිටියේ ය.

අභියෝගය ඉදිරිපත් කළ තැනැත්තා පසුබාන්නට කැමති වූයේ නැත.

මත දෙකක් පැවති නමුත් එයින් වඩාත් නිවැරදි වන්නේ දැක්මෙන් ආරම්භ කිරීම බවට දැන් තහවුරු වී ඇති බවත් නැවතත් ප්‍රකාශ විය. වැඩි දෙනාගේ මතය වූයේ ද එයයි. ඒ නිසා පහසුකම් සපයන්නා පසු බෑවේ ය.

මගේ හැගීම නම් සම්මන්ත්‍රණයක දී වඩාත් වැදගත් වන්නේ සාකච්ඡාවකට ඉඩ තැබීම ය. වැඩි දෙනා විසින් තනි මතයක් යටපත් කිරීම නොවේ. සිදු වූයේ නම් එයයි. පහසුකම් සපයන්නා ජේෂ්ඨත්වයෙන් මෙන්ම වයසින් ද බාල වීම නිසා ඒ යටපත් කිරීම සඳහා බහුතර මතයට අමතරව යටපත් කළ තැනැත්තාගේ අධිකාරී බලය ද බලපෑවේ යයි මට සිතිණි.

මා වඩාත් කැමැත්තෙන් සිටියේ මේ මත දෙක සාකච්ඡා වනු දැකීමට ය.

අභියෝගය ඉදිරිපත් කළ තැනැත්තා විසින් එක්කෝ තම මතය නිවැරදි වන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතු ව තිබුනි. නැතිනම් අනෙකාගේ මතය වැරදි ඇයි දැයි පැහැදිලි කරන්නට තිබිණි. අනෙකාට තම මතය නිවැරදි ඇයි ද යන්නට හේතු දක්වන ලෙස කියන්නට ද තිබිණි. ඒ කිසිවක් සිදු වූයේ නැත. සම්මන්ත්‍රණය තවදුරටත් සම්මන්ත්‍රණයක් වූයේ නැත.

මෙයින් වඩාත් නිවැරදි කුමක් දැයි දැන ගැනීමට තිබූ මගේ පවස ද සන්සිදුනේ නැත. එහෙයින් මම අන්තර්ජාලය පිරික්සීමි. ඇත්තටම තවමත් මත දෙකක් පවතී. එකක් අනික අභිබවා ජය ගෙන නැත.

මෙය මගේ පාඨකයන්හට යොමු කළ යුතු යැයි මා සිතුවේ ඒ නිසා ය.

මුල් වන්නේ මෙහෙවර ද දැක්ම ද?

Advertisements

7 thoughts on “සම්මන්ත්‍රණයක් නොවන සම්මන්ත්‍රණ

  1. සිතා බැලිය යුතු වැදගත්ම ගැටළුවක් ඔබතුමා විසින් බ්ලොග් කියවන පාඨකයා ඉදිරියේ තබා ඇත. සිංහලෙන් බ්ලොග් කියවන අය අතර ද පරිකල්ණයෙන් පිරුනු වටිනා නිදහස් අදහස් පළ කරන රාශියක් ලැබීමට අප වාසනාවන්ත වී ඇත. අන්තර්ජාලයේ මේ සඳහා ලැබී ඇති පහසුකම ද මිල කළ නොහැකිය. වටිනා “සම්මන්ත්‍රණයක්” ඇතිවේවායි පතන්නෙමි

  2. ප්‍රායෝගිකව නම් කොයි එකද වඩා හොඳ කියලා ඔය වගේ වැඩමුළුවකදී වාද කර කර ඉඳලා වැඩක් නෑ.මොකද එතනට යන්නේ වාද කරන්න නෙවෙයිනේ,සැලසුම හදන්නනෙ.ආයතනයේ අවශ්‍යතාව ඉ‍ටු වෙනවා නම් එච්චරයි.

    • සංවාදය දුර ගියේ නම් ඔබ කියන කාරණය නිවැරදි ය. සමුළුව පැවැත්වුනේ කුමක් මුලින් නිශ්චය කළ යුතු ද යන්න විනිෂ්චය සදහා නොවන බැවිනි. එතෙකුදු ඒ ගැන සම්මන්ත්‍රණයක් වූයේ නම් වඩාත් පහැදිලි අවබෝධයකින් වැඩ මුළුවේ වැඩ කටයුතු කළ හැකිව තිබුනේ යැයි මට සිතිණි. මගේ අදහස නම් සංවාදයක් නොකරම මතය බුල්ඩෝසර් කර දැමීම සංවාදය දිගින් දිගට කර ගෙන ගොස් සමුළුවේ මුඛ්‍ය වැඩ පිළිවෙළින් අයින් වීම තරමටම අගති ගාමී ය. අවශ්‍ය වනුයේ මේ අන්ත දෙක අතර මැද මාවතකි. තුලනයකි. එහෙත් සම්මන්ත්‍රණවලට සහභාගී වන බොහෝ දෙනෙකුට ඒ ඉවසීම නැත. ඔබේ මැදිහත් වීම නිසා අපට නව මානයක් සංවාදයට එක් කිරීමට හැකි විය. ඔබට ස්තුතියි.

  3. Hasintha says:

    Developing a mission & objectives should be the initial stage for a newly formed organization. Based on it , procedures & base level operational activities should have to planed. In the modern business world developing strategies for an organization is little bit tricky. It’s should be dynamic rather than static to cater the demand. then the objectives & proposed mission should be implemented for a short time period, less than couple of year for the above organization. In the practical environment the strategic objectives should have to shape & change the scope for the best fit. Especially for a service organization human asset will play the biggest role, accepting and working for the objectives to gain the final result is really tougher. motivation & change work style may be key factors to keep the productivity high & make people happy. so, shaping & changing the working process should have to done after having the keen supervision & post audit for the out come gained. So,after identifying the strengths & weakness of such organization, will give a green light for the mission & objectives highlighting what is correct & what is wrong. Achieving to such practical goals in short time period will make the foundation to build the ultimate vision of the company. We can’t be the world champions of T20 without defeating New zeland today. It’s the ground reality of practical formulation of Mission & Vision. Otherwise those may be just words mentioned in the main wall of the institute covered by dust.

  4. Upali says:

    We need to have a destination before deciding which route to take. so as i understand, its vision before the mission.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s