දෘඩ භාවය හා නම්‍යශීලිත්වය – කළමනාකරුගේ තේරීම


අපට අවශ්‍ය ඒකාධිපති පාලනයක්ය යන්න විටින් විට ඇසෙන කතාවකි. මේ ලග දී සංගීතඥ වික්ටර් රත්නායක ද එසේ කියා තිබුනේ ය. ඒ විකෘති ගීත ගයන අයට දැඩි දඩුවම් කරනු සඳහා ය. නායකයෙකු තම අනුගාමිකයන් කෙරෙහි දැඩිව සිටිය යුතු ද නැතිනම් නම්‍යශීලී විය යුතු ද යන්න අතිශය විවාදයන්ට ලක් ව ඇති කරුණකි.

මේ සම්බන්ධයෙන් දැඩිව සිටිය යුතුය යන කියන පාර්ශවය ඒකාධිපතිත්වයන් යටතේ රටවල් ලබා ගෙන ඇති ජයග්‍රහණයන් ඒ සම්බන්ධයෙන් ඇති අනභිබවනීය සාධකය ලෙස දක්වති. එහෙත් අප සියලු දත්ත ගැන සැළකිලිමත් වේ නම් ඒකාධිපතිත්වය රජ කළ වෙනත් බොහෝ රටවල අදටත් ඇත්තේ දිළිඳු කමේ පතුලේ බව අපට පෙනෙනු ඇත්තේ ය.

ඊට සමානව ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් සමහරක් සාර්ථක යයි ඔය කියන ඒකාධිපති රටවල් අභිබවා දියුණුව කරා ළඟා වී ඇති බව ද ලෝකය සිසාරා බලන විට අපට පෙනේ.

රටකට උචිත ප්‍රජාතන්ත්‍රවාදය නිදහස මානව හිමිකම් ඇතුළත් වඩා නම්‍යශීළී පාලන රටාවක් ද ඒවා රටේ උන්නතිය සඳහා යටපත් කළ දැඩි පාලන රටාවක් ද යන ප්‍රශ්නයට උත්තර පවා ලෝකය දෙස බලා සොයා ගත නොහැකි බව මෙයින් පෙනී යයි.

කළමනාකරණය සම්බන්ධ පර්යේෂකයන් සොයා ගෙන ඇති ආකාරයට කුමන හෝ පාලනයක් නැති අසීමිත නිදහස ඇති කළමනාකර රටාවන් මෙන්ම දැඩි පාලනයකට යටත් කරන ලද කළමනාකරණ රටාවන් ද අයහපත් හා හීන ප්‍රථිඵල ඇති වීමට බලපායි.

ඔවුන්ට අනුව අවශ්‍ය වන්නේ පළල් රාමුවක් තුළ නම්‍යශීළීත්වයට ඉඩ කඩ සළසන කළමනාකරණ රටාවකි. රාමුව සීමාව හඟවයි. සීමාව තුළ බොහෝ අත්හදා බැලීම්වලට ඉඩ කඩ තිබේ.

හරියට අපේ ඇට සැකිල්ල මෙන් රාමුව දැඩි ය. එය වෙනස් කිරීමට ඉඩක් නැත. එහෙත් ඒ රාමුව තුළ බොහෝ වෙනස්කම් වලට නිදහස තිබේ. හරියට අපේ ලේ මස් නහර තුළ තිබෙන්නාක් මෙන් නම්‍යශීළීත්වයක් එහි ඇත. ඇට සැකිළ්ල දැඩි වන විට ඉතිරි සියල්ල මෘදු ය.

හරියට පරිගණකයේ ඇති දෘඪාංග සහ මෘදුකාංග වගේ ය. මෘදුකාංග පහසුවෙන් වෙනස් කළ හැකි ය. එය පවතින්නේ පහසුවෙන් වෙනස් කළ නොහැකි දෘඪාංග ඇසුරේ ය.

චීනය තුළ මුල දී තිබුනේ දැඩි පාලනයකි. දුප්පත් කමෙන් චීනය ගොඩ ආවේ එය වෙනස් කර ගැනීමත් සමග ය. චීනයට තව දුරටත් ඉදිරියට යා හැක්කේ තව තවත් නිදහස හා නිර්මාණශීළීත්වයට ඉඩකඩ සළසන කළමනාකරණ රටාවකට මාරුවීමෙන් පමණකි.

ඒ නිසාම රට තුළ ආයතන තුළ ඒකාධිපතිත්වයක් දැඩි පාලනයක් අවශ්‍ය යැයි කියන අය දැඩි විය යුත්තේ කවර දේ සම්බන්ධයෙන් ද නිදහස තිබිය යුත්තේ කවර දේ සම්බන්ධයෙන් ද යන්න පිළිබඳව ද නිවැරදි අස්ථානයක සිටිය යුතු ය.

නීතියේ ආධිපත්‍යය පිළිබඳව අප දැඩි විය යුතු ය. වැරදි කරුවන්ට දඩුවම් දීමට ද නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට ද අප දැඩි විය යුතු ය. එහෙත් අදහස් පළ කිරීමට විකල්ප යෝජනා ගෙන ඒමට හැකි නම්‍යශීළිත්වයක් ද ඒ සමග ඇති කර ගත යුතු ය.

රටක් සම්බන්ධයෙන් පමණක් නොව ආයතනයක් සම්බන්ධයෙන් ද එය සත්‍යය වෙයි. දෘඪභාවය හෝ නම්‍යශීලිත්වය යන දෙකින් එකක් නොව ඒ දෙකෙහිම සවිඥානාත්මකව කරන සංකළණයක් තුළින් පමණක් අපට වඩා සාර්ථක ආයතන රටාව ගොඩ නගා ගත හැකි ය.

Advertisements

3 thoughts on “දෘඩ භාවය හා නම්‍යශීලිත්වය – කළමනාකරුගේ තේරීම

  1. නීතියේ ආධිපත්‍යය සුරකින ගමන් එය කාලනුරූපව වෙනස් කළ හැකි නම් ගැටලුවක් නෑ.(ඒත් ඒක කියන තරම් ලේසි නෑ.)

  2. berium says:

    විනයගරුක රටවැසියන් නැති රටක අසීමිත නිදහස දීමෙන් වන්නේ විනාශයකි.

    • ඔබ මෙම ලිපිය මුළුමනින්ම කියවූයේ නම් එහි පැහැදිලිව දක්වා ඇති එක් කාරණයක් සීමා පැනවීමේ අවශ්‍යතාවය බව පෙනී යනු ඇත. ඒ ඔබ කියන විනය ඇති කිරීම සඳහා ය. එහෙත් ඒ සීමාවන් ඉතා පළල් විය යුතු යැයි ද එහි දක්වා ඇත. ඊට හේතුව ඒ සීමාම නිර්මාණශීලිත්වයට ද වැට කොටු බැඳිය හැකි නිසා ය.

      විනය ඇති රටක් හෝ ආයතනයක් හදන්නට ඒකාධිපතියෙකු අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය නීතියේ ආධිපත්‍ය පිහිටුවීම ය. එය කළ යුත්තේ නීතිය ගැන සංවාදයක් පැවැත්විය හැකි වට පිටාවක ය. නීතිය තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගොස් නිර්මාණශිලිත්වය හිර කරන්නට ඇති ඉඩ ද ඒ සමගම වැළැක්විය යුතු බැවිනි.

      ඒකාධිපතිත්වයට නීතියක් නැත. නීතිය ඒකාධිපතියාගේ තනි මතය වෙයි. බොහෝ දෙනෙක් නීතියේ ආධිපත්‍ය හා ඒකාධිපතිත්වය එකක් හැටියට ගනිති. එහි වෙනස තේරුම් ගැනීම පමණක් නොව තේරුම් කර දීම ද විද්වතුන්ගේ කාර්යයක් වන්නේ එහෙයිනි.

      ඔබගේ මැදිහත්වීමට ස්තුතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s