නවකවදය ඇත්තේ සරසවියේ විතර ද? නව ආයතනයක දොර අභියස….


නවකවදය යන පදය ඇසුණු පමණින් බොහෝ දෙනෙකු එය සම්බන්ධ කරන්නේ සරසවියට ය. එය සමග අෑඳෙන්නේ රුදුරු වෙස්ගත සරසවි ශිෂ්‍යයකුගේ රූපයකි. හෙට අනිද්දා සරසවිය විවෘත කළ විට ජන මාධ්‍ය නවක වදය සම්බන්ධ තොරතුරුත් රැගෙන ඔබ ඉදිරියට එනු ඇත්තේ ය. නවක වදය ඇත්තේ සරසවියේ විතර ද?

සරසවියේ තරම් දරුණුවට නැතත් බොහෝ ආයතනවල ද ව්‍යාපාරික ස්ථානවල ද මෙය ක්‍රියාත්මක ය. නවකයන්ට එරෙහිව එලිපිට නැතත් ඉතා සියුම්ව මේ වදය ක්‍රියාත්මක ය.

නවකයා කවරෙකු වුව ද ඔහු තමන්ගේ කෙනෙකු ලෙස ගන්නට පෙර අත්හදා බැලීමේ කාලයකට යටත් කරනු ලැබේ. ඔහු කවර ක්ෂේත්‍රයක දස්කම් දක්වා ඇති කොතරම් අගනා ඔස්තාද් කෙනෙකු වුව ද මේ කාලය තුළ තරමක් පීචංව දිවි ගෙවීමට ඔහුට සිදු වේ. ඔහුට ඇත්තේ දෙවැනි පන්තියේ පුරවැසියෙකුට හිමි වරප්‍රසාද පමණ ය.

ආයතනය නවකයන් අවශෝෂණයට විධිමත් වැඩ පිළිවෙළක් යොදා නැතිනම් ඔහුට හෝ ඇයට තවත් බොහෝ කාලයක් මේ අතවරයට මුහුණ දීමට සිදු වේ.

නවකයාට ද මෙහිදී විශාල කාර්යය භාරයක් පැවරේ. ඒ ආයතනයට හා තම සගයන්ට ඇති කැප වීම ප්‍රදර්ශනය කිරීමට උත්සුක වීම ය. ඒ කැප වීම ප්‍රදර්ශනයේ දී වැඩි දෙනෙකුගේ සහය ඉල්ලා සිටින්නේ නම් එය වඩාත් යහපත් ය. තමන් වැඩ කිරීමට සූදානම් වුව ද කිසිවෙකුට තර්ජනයක් වීමට අකමැති බව එයින් පෙන්වා සිටිය හැකි ය.

ආයතනයේ සම්ප්‍රදායන් කොතරම් විප්‍රකාර වුව ද ඒවාට අනුගත වීමට මුල් වකවානුවේ ඔහුට ඇයට සිදු වේ. ඒවා වෙනස් කළ යුතු තරමේ ඒවා වුව ද එවැන්නකට අත ගැසීමට තවම සුදුසුකම් තමන් සපුරා නැති බව නවකයා දත යුත්තේ ය.

පැරැන්නන්ට කල්ලි ගැසී කැරලි ගැසීමට නවකයෙකුගේ ඕනෑම පියවරක පුංචි පලුද්දක් වුව සෑහේ. ඒ නිසාම මුල් වකවානුවේ අතිශයින් ප්‍රවේශම් විය යුතු ය.

කල්ලි බොහෝ ඇති ආයතනයක නම් නවකයා තමන්ගේ පිලට දිනා ගැනීමට මේ කල්ලි ක්‍රියාත්මක වනු දකින්නට පුලුවන. ඒ සමහර විට අනියම් තර්ජනයන් හා වක්‍ර බිය ඇතිකිරීම මගින් විය හැකි ය. එය සරසවියක සිදු වන ක්‍රියාදාමයට බෙහෙවින් සමාන ය. වෙනසකට ඇත්තේ එය එලිපිට නොව වෙනත් අතිශයින් පුම්බන ලද ආයතනික කාරණා පදනම් කර ගෙන සියුම්ව සිදු කිරීම පමණ ය.

නවකයෙකු මෙහිදී අතිශයින් උපක්‍රමශීලී විය යුතු ය. එක කල්ලියක් හා අනන්‍ය වීම අනික් කල්ලිවල දොර නියත වශයෙන්ම වසා ගැනීමට පෙළඹවීමක් වන හෙයිනි. අනිත් අතට කල්ලිවලින් සමන්විත ආයතනයක තනි පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම අපහසු හෙයිනි.

මේ හේතු නිසාම සංක්‍රාන්ති සමයේදී එම ආයතනය තුළ නවකයාගේ ඉරණම බොහෝ දුරට කුමක් දැයි තීරණය වී අවසාන ය.

නවකයන්ට කළමනාකරුගේ විශේෂ උදව් අවශ්‍ය මේ නිසා ය.

කෙසේ වුව ද කළමනාකරුගේ මැදිහත් වීම ඍජුව සිදුවනවාට වඩා ආයතනයේ සෙසු අය හරහා සිදු කිරීම නවකයාගේ කටයුතු වඩා පහසු කිරීමට හේතුවක් වන බවත් මතක තබා ගැනීම වටී. එසේ නොවුනහොත් නවකයා තනි වීමට එයම හේතුවක් වන්නට පුලුවන.

කළමනාකරුවෙකු සමාජ මනෝ විද්‍යාව ඉගෙන ගෙන තිබේ නම් මේ මැදිහත් වීම වඩාත් උපායශීලීව කිරීමේ මෙවලම් ඔහු සතු ය. කළමනාකරුවෙකු මනෝ විද්‍යාව හා සමාජවිද්‍යාව පමණක් නොව සමාජ මනෝවිද්‍යාව ද උගත යුත්තේ ඒ නිසා ය.

Advertisements

4 thoughts on “නවකවදය ඇත්තේ සරසවියේ විතර ද? නව ආයතනයක දොර අභියස….

  1. ගැටළුව වන්නේ ඇතැම් විට කළමනාකරුවාද ඒ නවක වදයේ පෙරමුණ ගන්නෙකු වීමයි.

  2. ආධුනිකයන් මඩවන ආයතන වැඩිහරියක්ම තියෙන්නේ ලංකාවේ හා ඉන්දියාවේ. මේක වැඩවසම් පහත් ක්‍රමවේදයක්. බොහොමයක් දියුණු රටවල මේ වගේ දේවල් වෙන්නේ නෑ. ඒ අය ආධුනිකයන්ට හොඳ induction එකක් දීලා, නිසි පුහුණු වැඩසටහනකට අනුව නිශ්චිත කාලසීමවක් තුල ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ හා සමග personal development plan එකකුත් සකස් කරනවා. ඒ අතරම අනිකුත් සහෝදර සේවකයන්ටම සුහද වෙන්ට කාලයක් වෙන් කරනවා. හැම ආධුනිකයෙකුට mentor කෙනෙක් ඉන්නවා. ඒ නිසා කළම්නාකරුට ආධුනිකයා ගැන හොයලා බලන්ට වෙන් කරන්ට ඕන කාළය අඩුයි. ඔහුට තියෙන්නේ ආධුනිකයාගේ ප්‍රගතිය පිළිබඳව සොයාබලා අඩුපාඩු සකස් කිර්‍රිමයි. මේ නිසා ආධුනිකයාට ආශාවෙන් උනන්දුවෙන් වැඩ කරන්ට වාතාවරණයක් ඇතිවෙනවා. අපේ රටේ ආධුනිකයෝ බොහොමයක් වැඩකරන්නේ රැකියාවට ආශාවෙන් නෙවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s