මිලදී ගැනීමේදී අපි වැටෙන බොරු වලවල්


මිල වැඩි ද? එහෙනම් හොද වෙන්නට ඕනෑ

යම් දෙයක් මිලට ගැනීමේ දී අපට ඒ ගැන සියලු තොරතුරු ලබා ගත නොහැකි ය. ලස්සන දවටනයක බහා ඇත්නම් එහි මිල වැඩි නම් එහි අන්තර්ගතය හොද යැයි අපි සිතමු. එය කෙනෙකු ලස්සන නම් ඔහු ගුණවන්ත යැයි සිතනවා වැනි ය. නිගමනයකට බැසීම සදහා වෙනයම් නිර්යායකයක් නොමැති වූ විට තිබෙන කිසියම් හෝ නිර්ණායකය එල්ලීමට අපට සිදු වේ.

එයා අපට කළේ උදව්වක්. ඔහුට හෝ ඇයට ප්‍රති උදව්වක් කළ යුතු ය.

මෙය යහපත් මිනිසෙකුගේ සිතිවිල්ලක් බව හැබෑ ය. එහෙත් සුපිරි වෙළද සැලක ඔබ වෙත නොමිලේ පිරිනමන බැදපු ඇල කැබැල්ලක් නිසා වැඩි මිලට බැදපු අල පාර්සලයක්ම ගැනීමට එය ඔබ පොළඹවන්නේ නම් එතැන ගැටළුවක් තිබේ. එහෙත් අපි අල කැබැල්ල රස බැලීමට පෙළඹෙන අතරේම ප්‍රති උපකාරයක් ලෙස අල පාර්සලයම ගැනීමට පෙළඹෙමු. වැරැද්ද කාගේ ද?

සේල්! සේල්! සේල්!

වචනය ඇසූ පමණින් අපට දැනෙන්නේ වාසියක් එතැන තිබෙන බව ය. එහෙත් බොහෝ අවස්ථාවල අපට සිදුවන්නේ අමාරුවේ වැටීමට ය. එක්කෝ වෙනදාටත් වඩා වැඩි මිලක් ගෙවන්නට ය. එහෙමත් නැතිනම් විකුණන්නට අපහසු බඩුවක් විකුණා ගන්නට දායක වීමට ය.

අහවල් දින තෙක් පමණයි! අද පමණයි!

ලොකු ලාභයක් ලැබීමට ඇති අවස්ථාව මග හැරිය යුතු ද? අවශ්‍යම නොවුනත් කවදා හෝ අවශ්‍ය වන්නට ඉඩ තිබෙන යමක් මෙසේ මිලට ගෙන තබා ගත යුතු ද? එහෙත් මේ අවසාන නිවේදනයට යටවන අය බොහෝ ය.

සීනි අද රු 80 ට!

සීනි නම් රු 80 ය. කෙනෙකු සීනි ගන්නට පමණක් කඩේකට යන්නේ නැත. සීනි 80 ට ගන්නා ඔහු තව රුපියල් දෙතුන් දාහක බඩු ද ගනී. ඒවාත් ලාභ ද නැත් ද යන්න සොයා බැලීමක් ඔහු නොකරයි. ලාභෙට ලැබුනු සීනිවලින් ඔහු තෘප්තිමත් ය.

තොග ඩිස්කවුන්ට් වලට අසු වීම

අපට ගන්නට අවශ්‍ය වන්නේ එකකි. එහෙත් තුනක් ගත්තොත් එකක් වැඩි පුර ලැබේ. ගනුදෙනුව නරකම නැත. එහෙත් අප ඊට යටත් විය යුතු ද? එකක් වෙනුවට හතරක්! කල් ඉකුත් වන ද්‍රව්‍යයක් නම් අපි අමාරුවේ ය. එක්කෝ අධික පරිභෝජනයට අප හසුවීමට ද නැතිනම් එය තෑග්ගක් බවට පරිවර්තනය කිරීමට ද එසේත් නැතිනම් කුණු බක්කියට තල්ලු කිරීමට ද අවසානයේ සිදු වෙයි.

හෙට ඕනෑකමත් ආවරණය වන්නට අද මිලට ගැනීම

යමක අඩි දෙකක් අද අප කරන්නට යන වැඩේට ඇති ය. එහෙත් අඩි දෙකක් ගන්නවාට වඩා සම්පූර්ණ දිග ගැනීම ලාභ ය. හෙට ඕනෑකමකට ඉතිරි කර ගත හැකි නිසා සම්පූර්ණ දිගම මිලට ගැනීමට අපි පෙළඹෙමු. එය ගබඩා කිරීමට ඉඩ අවශ්‍ය වේ. එය නැවත සොයා ගත හැකි පරිදි පෙනෙන ලෙස තැබිමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වේ. පසු දවසක එය සොයන්නට යන වෙහෙස එය නැවත මිලදී ගැනීමට යන වෙහෙසට වඩා වැඩි වන්නට ඉඩ තිබේ. මිලදී ගන්නා වෙලාවේ අපට ඒවා මතක් නොවේ.

ඉහත සදහන් එක ද කාරණයක වත් වාසියක් නැතැයි මෙයින් අදහස් නොවේ. එහෙත් ඒ හැම තැනම වැරදි තීරණයකට බැසීමේ ඉඩක් ඇතැයි මතක තබා ගැනීමෙන් ඔබටත් ඔබේ ආයතනයටත් සම්පත් ඉතිරි කර ගත හැකි ය.

Advertisements

3 thoughts on “මිලදී ගැනීමේදී අපි වැටෙන බොරු වලවල්

  1. වොරන් බුෆේ වරෙක ආයෝජන සම්බන්ධව අපූරු මූලධර්ම කීපයක් පවසනවා(ලු).ඒ අනුව ඔබ ඔබට අනවශ්‍ය දේ මිලට ගන්නේ නම් ඔබට අවශ්‍ය දේ කැප කිරීමට(එනම් අලෙවි කිරීමට වුව) සිදුවේවි.මොකද අපි ආර්ථික විද්‍යාවේ මූලික මූලධර්මය අනුව ගිහින් මිනිසා තාර්කික යැයි හිතුවාට මිනිසා කොපමණ තාර්කික දැයි කාටවත් හරියට කියන්න බැරි වෙලා තියෙන නිසා.

  2. මම නම හිතන්නෙ කාඩ් වලිං ගෙවන්න හුරු වෙනවාට වඩා අතින් ගෙවන්න හුරු වෙන එක හොදයි.. කාඩ් කියල මම අදහස් කලේ ක්‍රෙඩිට් කාඩ්..මට කීයක් අනාගතේ ගෙවාගන්න පුලුවන් වෙයිද කියල හිතනවාට වඩා මගේ අතේ තියෙන ගානට වියදම් කරන්න හුරුවෙන එක වඩාත් උචිතයි .

  3. Ruwan says:

    ක්‍රෙඩිට් කාඩ් වලින් නවීන ක්‍රමයට ණය කාරයෙක් කිරීම විනා වෙන අන් දෙයක් නැති තරම්… ඉතිරි කිරීම, අල්පේච්ච (සරල ) කම වැනි ගුණාංග ලාංකිකයන් ගෙන් නුදුරු කලකින් නැති වේවි. මුදල් හම්බ කරන ප්‍රමාණයට අවශ්‍යතාවන් තෝරා ගැනීම තමා වැදගත්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s