තීරණ ගැනීමේදී අප වැටෙන බොරුවලවල්


වැඩි දෙනෙක් හිතන්නෙ එහෙමයි. ඒ කියන්නෙ ඒක හරි වෙන්නට ඕනෑ.

අප පුරුදුව ඇත්තේ එසේ සිතීමට ය. එසේ වුව ද වැඩි දෙනෙක් හිතන නිසා යමක් නිවැරදි වන්නේ නැත. අපට මොළයක් දී තිබෙන්නේ අපට හිතන්නට ය. වැඩි දෙනෙක් හිතන දේ දෙස බලා තීරණ ගන්නේ නම් එවැනි මොළයක් අපට ඇත්තේ කුමකට ද?

එයා ටිකක් මං වගේ. එයා හරි හොද කෙනෙක් වෙන්නට ඕනෑ.

අප අප වගේ අයට කැමති ය. එහෙත් ඔවුන් එක් විදිහකින් අපට සමාන වූ පලියට අන් සියලු විදිවලින් අපට සමාන යයි සිතීම වැරදි ය.

එයා කැමතියි තිස්ස අබේසේකරගෙ චිත්‍රපටි වලට. මාත් හරියට අගය කරන චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් තිස්ස අබේසේකර. එයා කියපු අනිත් අදහසුත් මං හිතන්නෙ ගොඩක් නිවැරදි යි.

කෙනෙකුගේ එක් අගය කිරීමක් නිවැරදි වූ පලියට ඔහු අගය කරන සියලු දේ යහපත් යැයි ගත හැකි ද? එසේ සිතන්නේ ඇයි දැයි ගැටළුවක් වුව ද අප සිතන්නේ එසේ ය.එක් අදහසක් නිවැරදි වීම මත අනිත් සියලු අදහස් නිවැරදි යැයි ගත නොහැකි ය. එක් ප්‍රශ්නයක දී නිවැරදි අස්ථානයක් ගන්නා අයෙක් තව ප්‍රශ්නයක දී ඉතාම දුර්වල අස්ථානයක් ගන්නට පුලුවන.

මං අහල තියෙන්නෙ වැඩිම අනුහස් තියෙන්නෙ කන්දෙ දේවාලෙ කියල. මං හිතන්නෙ ලංකාවෙ වැඩි දෙනෙක් එහෙම තමයි විශ්වාස කරනව ඇත්තේ.

මා අසා තිබෙන්නේ මට මුණ ගැහුණු අයගේ කතා ය. කන්දෙ විහාරය කියන්නේ හොර ගුහාවක් යැයි කියන අය ද සිටිති. ඒ බව මා ඇසුවේ පසු කාලෙක ය. එහෙත් ඒ වනවිටත් මා සිතා සිටියේ බොහෝ දෙනෙකු එසේ විශ්වාස කරන බව ය. මට මුණ ගැසෙන අය වැඩි දෙනෙක් කියූ පමණින් එය බහුතරයේ මතය යැයි මට නිගමනයකට එළඹීමට හැක්කේ කවර පදනමක් මත ද?

ඊයේ පෙරේදාත් මං දැක්ක මිනිහ රෑ වෙනකම් ඉන්නව. කැප වෙල වැඩ කරන මිනිහෙක්.

අපට වඩාත් මතක තිබෙන්නේ මෑතක සිදු වූ දේ ය. ඒ නිසාම අප ගන්නා තීන්දු සියලු තොරතුරු මත නොව මෑත තොරතුරු මත පදකම් වේ. එය යථාර්තයම නොවිය හැකි ය.

මිනිහ හත හමාරට ඉස්සෙල්ල ඔෆිස් එකේ. කලට වෙලාවට වැඩ කරන මිනිහෙක්.

අපට සන්දර්භය විමසන්නට අමතක වේ. සමහර විට ඔහු හත හමාර වන විට කාර්යාලයේ පෙනී සිටින්නේ දරුවා පසාලට ඇරලීමෙන් පසු කරන්නට යමක් නැති නිසා ය.

මේ නිසා අප ගත් තීරණ දෙස අපටම විචාරාත්මකව බැලිය හැකි නම් හොද ය. නැතහොත් වෙන්නේ හරි යැයි හිතාගෙන වැරදි තීරණ ගැනීම ය. අමාරුවේ වැටීම ය.

Advertisements

3 thoughts on “තීරණ ගැනීමේදී අප වැටෙන බොරුවලවල්

  1. මෙච්චර කල් කළේ එහෙම,ඒ හින්දා මේ පාරත් එහෙමම කරමු.
    මෙච්චර කාලෙකට නම් එහෙම වෙලා නෑ.ඒ හින්දා එහෙම දෙයක් වෙන එකක් නෑ.
    මංනේ කියන්නේ.ප්‍රශ්නයක් වුනොත් මං බලාගන්නම්,ඔයා කරලා දාන්නකෝ.පස්සේ තමුසේ කවුද මං දන්නේ නෑ.
    ඔව්වත් කියනවා.

  2. තීරණ ගන්න නම් පුලුල් දැනුමක් තියෙන්නෙ ඕනි..කේන්ද්‍රිය දැනුමට වඩා පැතිරුනු දැනුම වැදගත් තීරණ ගැනීම් වලදි..මට පේන විදියට ලංකාවෙ අයගේ දැනුමෙ පලල සාපේක්ෂව අඩුයි..

  3. මේකට අදාලව තියෙන තවත් හුරුවක් ගැන කියන්නම්. අයෙක් කියන එක දෙයකට එකඟ වෙද්දී එයා අපේක්ෂා කරන්නේ ඒ අය කියන හැම දෙයකටම එකඟ විය යුතු කියායි. මෙහෙටත් ඔය හැදියාව උස්සන් ආපු එක් කෙනෙක් මම විසූ පළාතක දී ඇය හොඳ යැයි කියන අනිත් ලංකාවේ අයව පමණක් මට ඇසුරු කරන්න යැයි ද එහෙම නොවේ නම් ඇයගේ හිතවත්කම නැතිවෙනවා යැයි ද දැනුම් දීමක් කළා. අගය කරත හැකි ලක්ෂණ එකකට වඩා තිබුණත් ඇය වෙතින් මම හැකිතරම් ඈතකට දුරස් වූයේ එදාම.

    ඒත් මගේ යම් ලක්ෂණයක් අගය කරමින් වෙනත් බොහෝ දේවල් ගැන මා සමඟ එකඟ නොවී හිත මිත්‍රකම් පවත්වන්න හැකියාව මම අනිකාටත් දෙන නිසා එය මටත් ලැබිය යුතු යැයි අපිට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න හැකියාව ඇත්නම් එවිට හිතුවාට වැඩියෙන් පිරිසකට එය ඒත්තු යන බවත් මගේ පුද්ගලික මතයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s