ප්‍රතිවිරුද්ධ දිසාවට වැඩ කරන අපේ මනස නොහොත් අකමැත්ත කැමැත්ත කිරීම


අප කැමති අයට උදව් කිරීමට අපි නොපැකිලෙන්නෙමු. හේතුව පැහැදිලි ය. එහෙත් ඒ තරමටම පැහැදිලි නැති දෙයක් ද අපට සිදු වේ. ඒ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ඒ අප උදව් කරන අයට අප තුළ කැමැත්තක් ඇති වීම ය.

මේ බව ලෝකයට මුලින්ම කීවේ බෙන්ජමින් ෆ්රූන්ක්ලින් ය. ඔහු සමග නොහොදව සිටි කෙනෙකුගෙන් බොහෝ බැගෑපත් වී කුඩා උදව්වක් ගෙන ඔහු තමන්ගේ මිතුරෙකු බවට පත් කර ගැනීමට බෙන්ජමින්ට හැකි විය.

මෙසේ අප මනස එක් පැත්තකට නොව දෙපැත්තටම වැඩ කරන්නේ මනසේ ආතතිය ඉහිල් කර ගැනීම සඳහා ය. අමනාප වී සිටින කෙනෙකුට උදව්වක් කිරීමට මනසට අපහසු ය. ඉදින් උදව්වක් කරන්නේ නම් අමනාපය තවදුරටත් තබා ගැනීමට ඊට බැරි ය.

අප දන්නා තවත් දෙයක් නම් අපේ මනස විසින් චර්යාව සකසන බව ය. එහෙත් මෙහි ප්‍රතිවිරුද්ධ දෙය ද ඒ තරමටම නැත්නම් ඊටත් වඩා සත්‍ය ය. එනම් අපේ චර්යාව විසින් අපේ මනස සකස් කරන බව ය.

අප සන්සුන්ව ඇවිදින්නට මෙන්ම සන්සුන්ව කතා කරන්නට පුරුදු වන්නේ නම් මනස ඉබේම සන්සුන් කර ගත හැකි ය.

අප යමක් අකමැත්තෙන් වුව කරන්නේ නම් ටික කලකින් එයට අප තුළ කැමැත්තක් ඇති වනුයේ ඒ අනුව ය. ව්‍යායාම ආරම්භ කරන කෙනෙකුට දින 21 ක් එක දිගට අමාරුවෙන් වුව එවැන්නක යෙදෙන ලෙස උපදෙස් ලැබෙන්නේ මේ නිසා ය.

අප දිගින් දිගට කරන දෙයකට අකමැති වීමට අපට අපහසු ය. එසේ කළ හොත් මනසට ඇතිවන්නේ ආතතියකි. මනස එය එක් විදිහකට බැරිනම් අනෙත් විදිහකට ඉහිල් කර ගැනීමට මගක් සොයයි.

බලාහාත්කාරය කලක දී ස්වයං විනයක් හදන්නේ එසේ ය. පාසලට වේවැල් කෝටු නාරන් සියඹලා අතු ආවේ ඒ අනුව ය. කල්වේලා ඇතිව පාසල් ඒමට එය උපකාරී විය. ටික කලකින් කෝටුවේ අනුහසක් නැතිවම පාසලට කල් වේලා ඇතිව පැමිණීමට අපට හුරු විය.

කෝටුව දෙස වෛරයෙන් බැලූ අය ද පසු කලෙක වැඩිවියට පත්ව ඒ දෙස දයාබරිත බැල්මක් හෙලන්නේ ඒ නිසා ය.

අකමැත්ත කැමැත්ත බවට පෙරලීම කළමනාකරුවෙකුට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයකි. අප ඉහත සඳහන් කළ නියාම දෙකම ඊට අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයයි.

අපේ මනස වැඩ කරන හැටි අප තේරුම් ගත් විට අපට අප වටා සිටින මිනිසුන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි ය. එපමණක් නොවේ. බාහිර බලපෑම්වලට යටත් නොවී සිටීමටත් එයින් අපට අනුපමේය ශක්තියක් ලැබේ.

කළමනාකරුවන් මනෝ විද්‍යාව උගත යුතු යැයි අප වරින් වර නැවත නැවතත් මතක් කරන්නේ ඒ නිසා ය.

Advertisements

10 thoughts on “ප්‍රතිවිරුද්ධ දිසාවට වැඩ කරන අපේ මනස නොහොත් අකමැත්ත කැමැත්ත කිරීම

  1. දින 21 නියැලුනු පසු අපේ සිරුරේ හෝමෝන අර අලුත් රටාවට අනුව හැඩ ගැසෙනවා.ඒකයි එතන මූලධර්මය.ඒත් අර වේවැල් කෝ‍ටු ක්‍රමයට පෙම් බඳින්නන් පසුව ඒක නැවත භාවිතාකරන්නට ගිය විට භයානක ප්‍රතිඵල අත් වෙනවා.හේතුව ඕනෑම මනෝවිද්‍යාත්මක මූලධර්මයක් සංකීර්ණ වූ මිනිස් චර්යාව හමුවේ අභියෝගයට ලක් වීම.

    • වේවැල් කෝටු මූලධර්මය දිගින් දිගට ගෙනියන්නට බැරි හේතු රාශියක් තියෙනව. එකක් තමයි වර්ථමාන සමාජයට ඉදිරියට යන්නට බැහැ නිදහස් චින්තනය ශක්තිමත් නොකර. ඒ වුනත් වේවැල් කෝටු මූලධර්මයට අතීතයක් තිබුන. අප වැනි පසුගාමී රටවල ඒකට තවමත් වර්ථමානයකුත් තියෙනව. එහෙත් පැහැදිලිව අනාගතයක් නම් නැහැ. හිට්ලර්ගෙ ජර්මනිය ඇතුළෙ ඒකට සුවිශේෂී පැවැත්මක් තිබුන. මුලදී හිට්ලර්ට විරුද්ධ වුන අය පවා පස්සෙ කාලෙ හිට්ලර්ගෙ මතය අනුමත කරන්නට වුනෙ මෙන්න මේ මනසේ ක්‍රියාකාරිත්වයට අසුවෙල.

    • මනසේ සිදුවන මේ ක්‍රියාවලිය සිදුවන්නෙ හෝමෝන ක්‍රියාකාරිත්වය හරහා වෙන්නට ඇති. ඒත් ඒක සිදුවන්නට හේතු වන්නේ අර ආතතිය ඉහිල් කර ගැනීමට දරණ උත්සහයෙන් කියන එක තමයි මනෝ විද්‍යා පරීක්ෂකයන් කියන්නෙ.

      http://www.jstor.org/discover/10.2307/3033884?uid=3738456&uid=2129&uid=2&uid=70&uid=4&sid=21102921551633

      • Sarath Gunatillake says:

        අප සන්සුන්ව ඇවිදින්නට මෙන්ම සන්සුන්ව කතා කරන්නට පුරුදු වන්නේ නම් මනස ඉබේම සන්සුන් කර ගත හැකි ය.

        I am not sure how this happens. Mind is the forerunner. My understanding is that mind has to be trained to walk, talk and do other activities in a calm and serene manner.then only the action follows as directed by the mind.

      • In certain countries those who join the special task forces are given a beautiful puppy to keep at the beginning of a long training. The person is supposed to look after the puppy as a pet and at the end of the training you are asked to kill it with an axe. One would agree that it is something close to impossible. Once done, however, man is now ready to kill. The action has to be rationalized or you have to leave your regiment. Many select the first. Your behavior (externally imposed) will first create a cognitive dissonance and you will resolve it by rationalizing your behavior by changing your thoughts. It is how thoughts could be manipulated. This is what happened in Hitlers Germany.

  2. Thushara says:

    බැදගත්ත බෙරේ ගහනවා යනුවෙන් සමහරු කියන්නේ මේ නිසාද?

    • බැදගත්ත බෙරේ මුලින් ගහන්නෙ කර කියා ගන්න දෙයක් නැතුව. පස්සේ ඒක අතිශය සුන්දර අත්දැකීමක් වෙන්නත් ඉඩ තියෙනව දිගටම ගැහැව්වොත්.

      • Sarath Gunatillake says:

        Cognitive dissonance is the disparity between one’s beliefs and perceptions. as you have correctly defined above.
        As given in your examples what happens in Police and army services in some countries is that a new recruit is brought to a situation that he has virtually no alternative but to accept the terms and conditions imposed by the authority. He will be forced to act according to wishes of the immediate bosses. In other words he changes his mind and act as per the instructions knowing the consequences of defying the authority. He can give many reasons to ‘justify’ his acts in this manner and then say බැදගත්ත බෙරේ ගහනවා as Thushara has mentioned.

        At the end of the day he has changed his mind and acted according to new terms. So it the mind that has to be changed first.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s