දුක හා සතුට


මිනිසුන් දුකට අකමැති ය. සතුටට කැමති ය.

කළමනාකරුවන්ගේ යුතුකම වන්නේ තමන් යටතේ වැඩ කරන මිනිසුන්ගේ දුක නැති කිරීමත් සතුට ඇති කිරීමත් ය. සමහරු මේ දෙක පටලවා ගනිති. දුක නැති කළ විට සතුට ඉබේ ඇති වෙතැයි ඔවුහු කල්පනා කරති.

කළමනාකරුවන් ලෙස අප තේරුම් ගත යුතු කාරණයක් නම් දුක නැති කළ පමණින් සතුට ඇති නොවන බව ය.

දුක නැති කල මිනිසුන් ආයතනය දමා යන්නට ඉක්මන් නොවෙති. දුක ඇති නම් ඒ සදහා විශාල පෙළඹවීමක් ඇති විය හැකි ය.

එහෙත් දුකක් නැති නිසා එසේ ආයතන තුළ රැදෙන අය වැඩ කරතැයි අපේක්ෂා නොකළ යුතු ය. ඔවුන් වැඩ කරනු ඇත්තේ සතුට ඇති කරන වටපිටාවක දී ය. ඒ සදහා දුක නැති කිරීම ප්‍රමාණවත් නැත. සතුට ද ඇති කළ යුතු ය.

දුක ඇති වන්නේ ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු කල ය. රැකියාවේ සුරක්ෂිතතාවය ගැටළුවක් වූ කල ය. වැඩකරන වටපිටාවේ පහසුකම් අඩු වූ කල ය. නිසි ආලෝකය වාතාශ්‍රය නොලැබුනු කල ය. නිසි ආයුධ මෙවලම් නැති කල ය. වැඩ කිරීමට අවශ්‍ය සම්පත් නැති කල ය. නායකයා යකෙක් වූ කල ය.

සතුට ඇති වන්නේ ප්‍රමාණවත් අභියෝගයක් රැකියාවේ තිබුනොත් ය. අලුත් අත්හදාබැලීම් කිරීමේ ඉඩ තිබුනොත් ය. ඒ සදහා වැරදීම්වලට පවා අවකාශ තිබුනොත් ය. කරන වැඩ අගැයීමට ලක් කළොත් ය. වෘත්තීය දියුණුවට කුසලතා සංවර්ධනයට ඉඩක් තිබුනොත් ය. ස්වයං සාක්ෂාත් කරගැනීමට අවකාශ සැලසුනොත් ය. නිර්මාණාත්මක හැකියාවන්ට පුබුදුවන්නට ඉඩ හසර තිබුනොත් ය.

එවිට මිනිසුන් වැඩ කරනු ඇත්තේ ය. ක්‍රීඩාවක් කරන උදයෝගයෙන්ම වැඩ ද කරනු ඇත්තේ ය.

වැඩෙන් බාහිරව නොව වැඩ කිරීම තුළම සතුට සොයනු ඇත්තේ ය.

දුක නැති වී සතුට ඇතිවීම සමගම ආයතනයේ දියුණුව ද ඇතිවනු ඇත්තේ ය.

Advertisements

3 thoughts on “දුක හා සතුට

  1. priyangika says:

    ඔබ සදහන් කරන ලද කරුණු නිවැරදිය. අද බොහොමයක් ආයතන තුල නැත්තේද එයමයි. සේවකයනට නිසි අභියෝග දෙන්නේ නැති බැවින් අත්හදා බැලීම් වලට ක්සිසේත්ම අවස්ථාවක් නැත. එබැවින් ස්වයං අභිමානයක් සේවකයනට නැත. සේවකයා නිසි ඇගයීමකට ලක්න්නේ නැත.
    සේවකයාට අවශ්‍ය කරන නිසි වෘත්තීය නිපුණතාවය ආයතනයට අදාල වන පරිද්දෙන් සෑම විටම ඇති කල යුතුයි. එවිට සේවකයාගේ ඵලදායීතාවය වැඩිවන අතරම එවිට ආයතනයේ ඵලදායීතාවයද වැඩි වේ. එලෙස කටයුතු කරන විට සේවකයා සෑම විටම නැවුම් සේවකයකු බවට පත්වේ. අලුත් ආකාරයේ අදහස් යෝජනා ඉස්මතු වේ. එවිට ආයතන තුල පවත්නා යල් පැන ගිය අදහස් වෙනුවට අලුත් යෝජනා ඇති වී නව ප්‍රවණතාවයකින් දිනෙන් දින දියුණුවට පත්වේ.
    මගේ අදහස නම් නියම නායකයකු සෑම විටම යටහත් පිරිසගේ අදහස් පිළිබදව ගරු කර සලකා බලාක්‍රියාත්මක කිරීම කල යුතුවේ. නමුත් අද බෝහෝ ආයතන වල සිදුවනුයේ එලෙස ක්‍රියා කිරීම වෙනුවට ඇසූ සැනින් එය එක්වරම ක්‍රියාත්මක කිරීමට යාමයි. මෙය පසු කාලීනව “චග් ගෝලයන්ගේ කේලාම් අසා ක්‍රියාත්මක වීමක් ලෙස හැදින්වේ‍”.

  2. GU says:

    අවාසනාවට අපේ රටේ බොහෝ කලමණාකරුවන් සේවකයින්ව දාම් ඉත්තන් වගෙ පාවිච්චි කරන්නට උත්සාහ කරනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s