අපව කරකවා අත හරින අපේ පාසල


අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද?“ යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැද ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා ගෙන පාසල් යන අපට “සිතන්නේ කෙසේ ද?“ යන්න බැරිවෙලාවත් එහිදී කියා දෙන්නේ නැත.

සත්‍යය සොයා ගන්නා හැටි නොව හොයාගත් සත්‍යය මේ යැයි අපට එහිදී දැනුම් දෙනු ලැබේ.

අවාසනාවකට පාසලෙන් එලියට යන විට උගත් අකුරු හා ගණන් ශාස්ත්‍රය හැරුණු විට මෙසේ ලද සෙසු දැනුම පිළුණු වෙලා ය. ඉගෙන ගත් සත්‍යය බොරු වෙලා ය.

දැනුමෙන් පිරිලා නිසාම ඒවා පරම සත්‍යය ලෙස අදහන්නට කියා දී ඇති නිසාම අලුත් දැනුමක් ලද විට ඒ දෙස බලන්නටවත් අපට සිත් දෙන්නේ නැත.

පිරුණු බදුනකට වත් කරන ජලයට ඒ තුළ ඉඩක් නැත. එකතු කරන දේ පිටට ගලා යනවා පමණ ය.

අලුත් දැනුම පරීක්ෂාවට ලක් කිරී‍මේ මෙවලම් අප සතුව නැත. ඒ නිසා අප සතු දැනුම පිළුණු වූවාට අමතරව නැවුම් දැනුම එකතු කර ගැනී‍මේ හැකියාව ද අපට නැත.

ඒ නිසාම අලුත් දැනුමට පස්ස හරවන අපට පරම්පරා ගණනකට පෙර මිනිහා දැන සිටි දැනුම මුලිච්චි වන්නේ ය. එයින් කළ හැක්කේ කොපුවක් ගුහාවක් නැතිනම් කට්ටක් හදා ගෙන සෙසු ලෝකයෙන් වෙන් වීම පමණ ය.

විධිමත් අධ්‍යාපන ක්‍රමය වැඩකට නැති වැටුප් ශ්‍රමිකයන් බිහි කරන්නේ එලෙස ය.

ඒ නිසාම කළමනාකරුවන්ට ඔවුන් නැවත හැඩ ගස්වා ගැනීමට සිදු වේ. එහෙත් බොහෝ කළමනාකරුවන් ද එවැනි වූ අය නිසාම ඔවුන්ට ඒ ගැන නිනව්වක් නැත.

අප අද මුහුණ පා තිබෙන අර්බුදය ඒක ය.

මේ ගැන අප ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් ඔබට පහත යොමුව ඔස්සේ කියවිය හැකි ය. මේ ඉංජිනේරු ආයතනයේ ඊ පුවත්පත ය.

http://ieslslen.blogspot.com/2013/04/changing-paradigm-from-what-to-think-to.html

Advertisements

3 thoughts on “අපව කරකවා අත හරින අපේ පාසල

  1. ඇමෙරිකාවේ අපිට ගෙදර පාසැල් (Home School) පවත්වන්නට ඉඩක් රට ආරම්භයේ දී පටන් ලැබුන. ගෙදර පාසැල් වලින් ඉගෙන ගත්තු අයට වර්තමානයේ දී ස්ටැන්ෆර්ඩ් වැනි උසස් අධ්‍යාපන ආයතන වලින් විශේෂ ශිෂ්‍යත්ව පවා දෙනවා, මන්ද මේ සිසුන් “සිතන්නේ කෙසේද” යන්න දන්නා බව පෙනෙන නිසා. ගෙදර පාසැල් පවත්වන්නට කැමති අයට අවසරයක් ලබාගන්න ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කැමති කරවා ගන්නට ලැබේවි ද?

    • Thushara says:

      ලන්කාවේ රැකියාවලට තොරා ගැනීමේදි පලපුරුද්දට විශේස තැනක් හිමිවේ. එබැවින් Specialist ව අභිභවා යාමට Generalist ට හැකිවේද?

      • පළපුරුද්දට ලංකාවේ ආයතනවල විශේෂ තැනක් හිමිව ඇත්තේ මන්ද යන්නත් එහි වාසි හා අවාසි ගැනත් සදහන් බ්ලොග් සටහනක් ලියන්නට අපේක්ෂා කරමි. එය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට ද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s