පෙනෙන මායිමෙන් එහා බැලීම


අප ඉහත දිනක සිහින දැකීමේ වැදගත් කම ගැන ලීවෙමු. අද අප ලියන්නේ පෙනෙන මායිමෙන් එහා බැලීමේ වැදගත් කම ගැන ය.

පෙනෙන මායිමේ හැටියට පොළොව පැතළි ය. එහෙත් එය ගෝලාකාර බව එයින් ඔබ්බෙහි බැලූවිට පෙනේ. පෙනෙන මායිමේ හැටියට ඉර පොළොව වටා කැරකෙයි. ඒත් ඉන් ඔබ්බට ගොස් බැලූවිට පෙනෙන්නේ පොළොව ඉර වටා කැරකෙන බව ය.

මේ දවස්වල පොල් ගණන් ය. ගියවර එසේ පොල් මිල ඉහළ ගියවිට අපූරූ යෝජනාවක් ඉදිරිපත් විය. පොල් නිශ්පාදන අපනයනයට සීමා පැනවීම ය. බැලූ බැල්මට පොල් මිල පහත හෙලීමට ඒ පියවරෙන් පුලුවන. ඒ නිශ්පාදන සදහා වැයවන පොල් ද දේශීය වෙළද පොළට පැමිණෙන නිසා සැපයුම වැඩි වී මිල පහල යෑමට එය තල්ලුවක් වීම ය.

ඒ අපට පෙනෙන මානය යි. ඒ පෙනෙන මානයෙන් එහා බැලූවිට තවත් පියවරක් එහාට තබා එසේ නැත්නම් ඉස්සී බැලූ විට පෙනෙන්නේ කුමක් ද?

පොල් නිශ්පාදන අපනයනයට පනවන සීමා නිසා ලෝක වෙළදපොලේ පොල් වෙනුවට ආදේශක ඇති වීම ය. වෙනත් රටවලට ඒ වෙළදපොළ හිමිවීම ය. පොල්වතු හිමියන්ගේ ආදායම පහළ යාම ය. ඔවුන් අධෛර්යය වීම ය. තවත් පොල් වතු කෑලි කර විකිණීමට උත්සුක වීම ය. පොහොර දැමීමට ඇති උනන්දුව අඩුවීම ය. පොල් නිශ්පාදනය පහළ යාම ය. මිල ඒ අනුව තවදුරටත් ඉහළ යාම ය.

බොහෝ කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් ද කිව යුත්තේ කළමනාකරුවන් පෙනෙන මානයෙන් එහා නොබැලීම නිසා වඩාත් වැඩි අගාධයකට තමන්ව තල්ලු කරගන්නා බව ය.

පුත දීඝායු ලග නොබලව දුර බලව යන බෞද්ධ සාහිත්‍ය යේ එන වදන් වැල පුරුදු අයට මෙහි අවකාෂයේ මෙන්ම කාලයේ අරුතින් ද පෙනෙන මානයෙන් එහා බැලිය යුතු බව ඒත්තු යනු ඇත්තේ ය. වෙනත් ආගමික ග්‍රන්ථ ඇසුරෙන් ද සමහර විට අපට මීට සමාන උවදෙස් සොයා ගත හැකි වනු ඇත.

වියදම් සීමා කිරීම ආර්ථික අර්බුදයක දී කළමනාකරුවෙකුට ඇති එක් උපාය මාර්ගයකි. එය කෙළින්ම ආර්ථික ඵලදායකත්වයට හේතුවන බැවිනි. කළමනාකරුවෙකු එසේ සිතා තමන් අලෙවිකරණය උදෙසා දරණ වියදම් කපා හැරියේ යැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ කුමක් ද? ආදායම අඩුවීම ය. සමහර විට එයින් වන බලපෑම වියදම් කපා හැරීමෙන් අත් කරගන්නා ලාභයට වඩා වැඩිවන්නට ඉඩ තිබේ.

සමහරවිට එවැනි අවස්ථාවක කපා හරිනු ලබන්නේ සේවකයින්ගේ අතිකාල හෝ වෙනත් පාරිතෝෂිකයන් ය. වඩාත්ම සේවක සහයෝගය වුවමනා අවස්ථාවේ එය නැති කරගැනීමක් මෙයින් සිදුවනු ඇත්තේ ය.

ඒ නිසාම වියදම් කපා හැරීම පේනමානයේදී සාර්ථක උපායමාර්ගයක් විය හැකි වුවත් ඉස්සී බැලූවිට එය අප අගාධයට තල්ලුකරන්නක් බව පෙනී යනු ඇත්තේ ය. අප මේ කියන්නේ වියදම් කපා හැරීම විකල්පයක් නොවිය යුතු බව නොවේ. එසේ කිරීමට පෙර නොපෙනෙන මානයේ සිදුවිය හැක්කේ කුමක්දැයි විපරම් කර ප්‍රවේසමෙන් එය කරන ලෙස ය.

වියදම් කපා හැරීම සම්බන්ධයෙන් නොව වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ උපදේශය සත්‍ය වේ.

ප්‍රශ්නයක් විසදීම සදහා අපට ලැබෙන මුල් උත්තරය එලෙසින් බාර ගන්නේ නැතිව නැවත විමසිය යුතු බව එයින් අදහස් වේ. එසේ කිරීමේදී පේන මානයෙන් එහා බැලිය යුතු බව ද එයින් කියවේ.

මේ සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් ඇතොත් ඒවා අප සමග බෙදා ගනු ඇතැයි සිතමු.

Advertisements

5 thoughts on “පෙනෙන මායිමෙන් එහා බැලීම

  1. P. Mutukumarana says:

    පොල් වල ගනන් ඉහල යන්නේ නම් ඒ කාල වලට පොල් සම්බෝල කෑම අඩුකරගන්න පුරුදු වෙමු

    • ඊට වඩා හොඳ නැද්ද පොල් නිෂ්පාදන අපනයනයට යන සීමා ඉවත් කිරීම! එතකොට පොල් වතු හිමියන්ගේ ආදායම වැඩිවෙන නිසා, වැඩියෙන් පොල් වවන අය වැඩිවෙද්දී පොල් වල ගණන් ඉහල යන එකත් අඩුවෙනවා නේද?

      අනික, පොල් වල ගණන් පහළ බහින කාලයක් තියෙනවා නම්!! ඒ කාලයට පොල් අධි සීතකරණ ක්‍රම වලින් කල්තබා ගැනීමෙන් පොල් ගණන් ඉහළ ගිය කාලෙට පොල් සම්බෝල කන එක අඩුකරන්න අවශ්‍යත් නෑ නේද?

  2. keerthi ratethanne says:

    අපේ රටේ ප්‍රධානම ව්‍යාපාර කලමනාකරුවා රජයයි. ඔහු ගනුලබන තීරණ පාරිභෝගික භාන්ඩවල මිල කෙරෙහිත් ඉල්ලුම හා සැපයුම කෙරෙහිත් බලපාන අාකාරය සලකා බැලීම කාලෝචිත යයි හැගේ. පොල් වැනි භාණ්්ඩ වල සැපයුම කෙටි කාලීනව වැඩිකල නොහැකි නිසා ක්ෂණික පියවරක් ලෙස අපනයන සීමාවක් පැනවුවත් දීර්ග කාලීනව ඒ පියවර ගැනීම නිසා ඔබ පවසා තිබූ අයුරින් අපට විදේශීය වෙලදපල අහිමි වන්නට පුළුවන. ඒ නිසා ඒ වැනි අවස්ථාවක දේශීය පාරිභෝගිකයා වෙජිටබල් ඔයිල් හෝ ෆාම් ඔයිල් වැනි අාදේශක භාණ්ඩයකට යොමු කොට අපනයනය නෙකඩවා පවත්වා ගෙන යා හැකිනම් ඒය ප්‍රයෝජනවත් විය හැක.
    රජය අැතැම් අවස්ථාවල ඒනම් මැතිවරණයක් අභියස හෝ උත්සව කාලයක් අභියස අැතැම් අානයනික අාහාර ද්‍රව්‍යය වල තීරු බදු ඉවත් කිරීම වැනි සහනදායී ක්‍රියාමාර්ග අනුගමනය කරයි. ඒ වැනි අවස්ථාවල තීරුබදු ඉවත්කිරීමට පෙර අවසන් වතාවට අානයනය කරනලද භාණ්ඩ සමහර විට තවමත් වෙලද පලේ බෙදාහරීමින් තිබෙනවා වෙන්නට පුළුවන. ඒ භාණ්ඩ අළුත් මිලට අලෙවි කිරීමට සිදුවුව හොත් ව්‍යාපාරිකයාට පාඩු විදින්නට සිදුවේ. ඊ ලගට අානයනය කරන භාණ්ඩ තොගයේ මිල අඩු බව දන්නා සුළුපරිමාණ ව්‍යාපාරිකයින් භාණ්ඩ මිලදී ගැනීමට බියක් දක්වයි. ඒය වෙලද පලට භාණ්ඩ සැපයුම කෙරෙහි බලපාන අතර ව්‍යාපාරිකයින් අෙධෙයට පත්වීමටද බලපානු අැත.
    පසුගිය සතියේ දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානයේ ඒලවළු විශාල ප්‍රමාණයක් අපතේ දමන්නට සිදු වූයේ මිලදීගැනීමට තොග වෙලදුන් පැමාන නොසිටි නිසයි. ඒයට හේතුව වශයෙන් මා දකින්නේ රට පුරා හතු පිපෙන්නාක් මෙන් අාර්ථික මධ්‍යස්ථාන අැතිකිරීමයි. ඒ නිසා වෙලදපලට අක්‍රමවත් ලෙස ඒලවළු සැපයෙන අතර ඒය ගොවියාටත් තොග වෙලෙන්දාටත් සිල්ලර වෙලෙන්දාටත් පාරිබභෝගිකයාටත් අහිතකරව බලපායි.

    • ඔබේ මැදිහත්වීමට ස්තුතියි. ආර්ථික මධ්‍යස්ථාන ඇතිකිරීම නිසා දඹුල්ල අර්බුදය ඇති වූයේ යන්න හැර ඉතිරි සියල්ල ගැන ඔබ හා එකග ය. දඹුල්ල ගැන තොරතුරු නැතිව ඒ ගැන විවරණයක් කිරීමේලා මම අපොහොසත් වෙමි.

  3. “පුත දීඝායු, ලග නොබලව. දුර බලව“ යයි බෞද්ධ සාහිත්‍යයේ එන බෞද්ධ බොහෝ දෙනෙකු අසා ඇති වදන් වැලක් තිබේ. බෞද්ධ සාහිත්‍ය වෙනත් සාහිත්‍යයන් තරමට පොහොසත් බව එය අපට කියන්නේ ය. දුර අවකාෂයට නොව කාලයට සම්බන්ධ කරමින් කරන ලද මේ ප්‍රකාශය අපේ සාකච්ඡාවට අලුත් මානයක් එක් කරන්නේ ය. ඒ පෙනෙන මානයෙන් එහා යන්නෙන් අවකාශය පමණක් නොව කාලය ද අදහස් වන්නේය යන කාරණයයි. අද පමණක් නොව තවමත් නූපන් හෙට ද අදහස් වන්නේය යන කාරණයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s