නැවත නොබැලුවොත් සිතු දේ නොම වේ නොසිතු දේම වේ


ස්ථානය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල ය. එහි හය වෙනි මහලට අලුත් වැඩියා කිරීම සදහා කොම්පියුටරයක් ගෙන යෑම අපේක්ෂාවෙන් සෝපානයක් එන තෙක් බලා සිටින කෙනෙකි. සෝපානයට ඔහු ගොඩ වදින්නට ලෑස්ති වන විටම ඒ ඇතුළේ පහසුවට වාඩි ගත් සෝපානය බාර කාන්තාවගෙන් ඔහුට දැන්වීමක් ලැබුනේ එම සෝපාන මිනිසුන් ගෙන යෑමට මිසක බඩු ගෙන යෑමට තිබෙන එකක් නොවන බව ය. ඊළග සෝපානය එන තෙක් රැදී සිට එයින් යන ලෙස අමතර උපදෙස් ද ඇය විසින් ඒ තැනැත්තාට ලබා දෙන ලද්දේ ය.

මිනිසුන් පමණක් යන සෝපානය ඉඩ හසර ඇති එකකි. ඒ වෙලාවේ එහි යෑමට සිටියේ මා පමණකි. ඔහු රැගෙන යෑමට නොහැකි ඇයි දැයි මම ඇය විමසුවෙමි. බඩු ගෙන යන අයට වෙනම සෝපානයක් ඇති හෙයින් මෙහි ඔහුට යෑමට ඉඩදිය නොහැකි යැයි ඇය කියා සිටියා ය.

ඒ කතාව ඇත්ත ය. මම නිහඩ වීමි. ඒ මගේ මුවිනි. එහෙත් මනස තුළ දෙබස දිගටම කෙරිණි. මේ එහි දිග හැරුමයි.

එතැන සෝපාන තුනක් තිබේ. දෙකක් මිනිසුන් වෙනුවෙනි. එකක් බඩු ගෙන යෑමට ය. මේ බෙදීම තර්කාණුකූලය. එය ඇති කරන්නට ඇත්තේ මිනිසුන්ට පහසු වනු පිණිස ය.

තමන්ගේ අතින් පරිගණයක් දරා සිටින කෙනෙකු හරියට බෑග් එකක් කර දරා සිටින කෙනෙකු වැනි ය. විශේෂයෙන් මිනිසුන් අඩු වෙලාවක එවැන්නෙකු මිනිසුන් පමණක් යන සෝපානයේ ගෙන යෑම අපරාදයක් නොවේ.

නීතිය දමා ඇත්තේ මිනිසුන්ගේ පහසුව පිණිස ය. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ට හිරිහැර පිණිස ය.

මෙහි වරද කාගේ ද?

එක්කෝ මේ බාරව සිටින ලදට ලතෙත් බවක් නැත්තේ ය. හදවතක් නැත්තේ ය. නැතිනම් ඉඩ ඇති සෝපානයකට ගොඩ වෙන්නට උත්සහ කළ අර තැනැත්තා වළකන්නේ නැත. මගේ උපකල්පනය නම් ඒ සෝපානයට මුලදී මිසක මැදදී එකතුවන ජනතාව අල්ප ය.

නැතිනම් ඇයට මොළයක් නැත්තේ ය. සමහර විට ඒ දෙකම නැතිවා වෙන්නට ද පුලුවන.

ඒ දෙකම තිබුන ද ඇගේ වැඩ අධීක්ෂකයාට ඒ දෙකම නැති නිසා ඇගේ හදවතත් මොළයත් ඇය විසින්ම අක්‍රීය කරන්නට තීරණය කළා වෙන්නට පුලුවන.

එහෙත් ඒ සියල්ලට වඩා මතුව පෙනෙන කාරණය නම් ජනයාගේ පහසුව වෙනුවෙන් යොදා ඇති මේ යාන්ත්‍රණය ජනයාට හිරිහැරයක් බවට පත්ව ඇති බව සොයන්නට කෙනෙක් නැති බව ය. ඒ බව කිසිවෙකුත් නොදන්නා බව ය.

යමක් ඇති කළ අරමුණම ඒ ඇති කළ දෙයින්ම පරාජය වීම කෙතරම් අභාග්‍යක් ද? එවැනි දේ ගැන සුපරීක්ෂාකාරී වීමට කළමනාකරුවන් වඩාත් අවධානය යොමු කළ යුතු ය.

නැවත නොබැලුවොත් සිතු දේ නොමවේ නොසිතු දේම වේ.

Advertisements

4 thoughts on “නැවත නොබැලුවොත් සිතු දේ නොම වේ නොසිතු දේම වේ

  1. වරදක් සහ වැරදි පූර්වාදර්ශය යනු දෙකක්. ඒ කෙනා සාමාන්‍ය කෙනෙක්ව බඩු අරගෙන යන එකේ අරගෙන ගියාම ඉදිරියටත් ඒක මිනිස්සු අරගෙන යන එකක් වෙන්න ඉඩ තියෙනවා.
    මම අමුතුසිතුවිලි බ්ලොග් එක ලියන හිම පියලි.

    • මැදිහත් වීම ගැන ස්තුතියි. ඇත්තටම බඩු අරගෙන උඩ පහත යන අය තමන් අතේ තියෙන බඩු බිම තියාගෙන යනව නම් තමයි මිනිසුන්ට ඉන්න තියෙන ඉඩ නැති වෙන්නෙ. බෑග් එකක් අරන් එන කෙනෙක්ට මිනිසුන් යන සෝපානයෙ යන්න අවසර දිය හැකි නම් ඒ ප්‍රමාණයේ පරිගණකයක් අරගෙන යන කෙනෙකුට තහංචි පනවන එකේ ලොකු තේරුමක් නෑ. මම දැක්ක දේ තමයි මම උඩට ගිහින් පහළට එනතුරුත් අර පරිගණකය රැගත් කෙනාට යන්න සෝපානය ඇවිල්ල තිබුනෙ නෑ.

      • ඇත්තටම ඒක නම් පව් තමයි,වැඩේ ඔය බඩු අරගෙන යන බිම් මට්ටමේ සේවකයො වෙන අයට ඉඩ දෙන්න එච්චර කැමති නෑනෙ.සමහරවිට එයාලාට කියලා තියෙන විදිහ වෙන්නැති.

  2. Aruna Devendra says:

    මෙවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ. අපේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සේවා ලාභීන් පෝලිම් වල සිටින්නේ මෙසේ නැවත නොබැලීම නිසාවෙනි. අඩුතරමින් සේවාලාභීන් වැඩියෙන් පැමිණෙන දිනවලටවත් සේවා කවුන්ටර ගනන වැඩිකිරීමට එම කළමනාකරුවන්ට නොසිතීම පුදුම සහගතයි. ඊලගට පෞද්ගලික වෛද්‍ය සේවා ආයතන වලදී කලින් අංකයක් වෙන්කර ගත හැකි නමුත් එයට අදාල වෙලාවක් දෙන්නේ නැත. අංකය 50 වුවද වෛද්‍යවරයා පැමිණීමට පෙර සිටම පැමීණ වාඩිවී සිටිය යුතුය. එසේ නොවුන හොත් රෝගියාගේ අවස්ථාව අවලංගුවීමටද ඉඩ ඇත.
    විශේෂයෙන්ම ලාංකිකයින්ගේ නම් ඉතා දිගු බැවින් මෙවැනි විවිධ දුෂ්කරතා වලට ලක්වේ. මගේ නම ඉතා දිග බැවින් විදේශ ගමන් බලපත්‍රයේ එය කෙටිකර සදහන් කර ඇත. පසුගිය දිනෙක යම් අවශ්‍යතාවයකට අධ්‍යාපන සහතිකයක මගේ සම්පූර්ණ නමට අමතරව විදේශ ගමන් බල පත්‍රයේ සදහන් නමද Name as appeared in the passport ලෙස සදහන් කරන ලෙස ඉල්ලා සිටි විට එම ආයතනයේ අධ්‍යයන කටයුතු භාර පරිපාලන නිලධාරියා ඉතා අවඥාවෙන් මාදෙස බලා මෙය අධ්‍යාපන ආයතයක් බවත්, විවිධ නම් වලින් සහතික නිකුත් නොකරන බවත් එසේ කිරීමට ආයතන පාලක මණ්ඩලයේ විශේෂ අනුමැතියක් අවශ්‍ය බවත් උපහාසාත්මකව ප්‍රකාශ කරන ලදී. මෙහිදී යම් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුගේ නම සදහන් කිරීමේ යම් ක්‍රම වේදයක් සකස් කර ඇත්තේ නිරවද්‍යබව හා සිදුවියහැකි අකටයුතුකම් (ව්‍යාජ සහතික) වැලැක්වීමට වන අතර මගේ ඉල්ලීමෙන් මේ කිසිදු අරමුණකට හානියක් සිදු නොවේ.
    රාජ්‍යසේවයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වල මෙම තත්වය ඉතා බැරෑරුම් වේ. විශේෂයෙන්ම ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි වර්තමානයේ භාවිතා වන්නේ විවිධ නිලධාරීන්ගේ අධිකාරී බලය අන්අයට පෙන්වීමටය. මෙය යම් රාජ්‍ය ආයතනයකින් සේවාවක් බලාපොරොත්තුවෙන් පැමිණෙන සාමාන්‍ය පුරවැසියෙකුට සේම රාජ්‍ය ආයතන තුල විවිධ අංශ අතර සේවා සබදතා වලදීද එකසේ දැකගත හැකි වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s