කදු නගින්නන්ගෙන් කළමනාකරුවන්ට පාඩමක්


කදු නැගීම අමාරු ය. දිවි මකුළුවන් නිසා අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගහක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. පහසුවෙන් ගැලවෙන නිසා පය තැබීමට ගලක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. ඒ නිසා මේ සදහා ධෛර්ය හා නිර්භීතභාවය පමණක් ප්‍රමාණවත් නොවේ. උපාය මාර්ගික දක්ෂතාවය ද ඊට අවශ්‍ය ය.

සමහර විට පය ගැසුවොත් බුරුල්වී ගැලවෙන බව දැන දැන ගල් මත අඩි තැබිය යුතු ය. ඒ ඊට වඩා ශක්තිමත් තැනකට පැන ගැනීමේ තාවකාලික අඩිතාලමක් ලෙස සළකා ගෙන ය.

තත්පර ගණනක් ඇතුළත ගල බුරුල්වී ලිස්සා යෑමට පෙර ඊළග ශක්තිමත් නවාතැන වෙත පැමිණිය යුතු ය. බුරුල් ගල අඩිය තැබිය හැකි පරිපූර්ණ නවාතැනක් නොවෙන බව දැන දැනම ඒ මත අඩිය තැබීම පහසු නැත. එහෙත් එය කළ යුතු ය.

මේ කතාව මා හා කීවේ මගේ ව්‍යාපාරික මිතුරෙකි. ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් භුගර්භ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වැඩ කළ අයෙකි. කදු නැගීමේ කාර්යයේදී ඔහු උගත් දෑ ඔහු සිය ව්‍යාපාරික උපායමාර්ග සකසා ගැනීම සදහා භාවිතා කරන්නේ ය.

කන්දක් කෙලින් නැගීම අමාරු ය. එහෙත් වටරවුමක් ගැසීමෙන් කදු මුදුනට ඊට ඉක්මණින් ලංවිය හැකි ය. කෙලින් කදු නැගීමට තනන්නෝ අගාධයන්ට වැටී නැසෙති. ක්‍රම ක්‍රමයෙන් වටයක් ගසා මුදුනට ලගා වෙන්නන් කල් වේලා ගත්ත ද අවසාන ඉලක්කයට ලං වන්නෝ ය. කදු නැගීමේ මේ අත්දැකීම ද අපට අගනා පාඩමක් කියා දෙයි. ඒ ඉවසිල්ලෙන් යා යුතු මග තෝරාගන්නා ලෙස ය. ඉලක්කයෙන් අන්ධ නොවන ලෙස ය.

කදු නැගීම සම්බන්ධයෙන් අත්දැකීම් ඇති අයට අපෙන් ආරාධනාවක් තිබේ. කදු නැගීමේ අනුගමනය කළ යුතු සුක්ෂම උපා අප සමග බෙදා ගන්නා ලෙස ය. එයින් කළමනාකරණ උපාය මාර්ග සකසා ගැනීමට මගක් විවෘත කර ගැනීම අපේ අරමුණ ය.

බොහෝ දෙනෙක් ඉගෙන ගන්නට හදන්නේ පොත් වලිනි. එහෙත් ජීවිතය අපට නොමිලේ පාඩම් උගන්වන බව ඒ අය අමතක කරති.

එහෙම කිව්වහම හිතෙන්නේ පොත් කුමකට ද කියා ය. එහෙම බැලුවහම මෙවැනි බ්ලොග් සටහන් වලින් ද වැඩක් නැත.

අනෙක් අතට ජීවිතයෙන් දෙන එහෙත් අපට මගහැරුණු පාඩම් පවා අපට මුණ ගස්වන්නේ පොත් ය. මෙවැනි ලේඛනය. එහෙම බැලුවහම පොතුත් ජීවිතයත් අතරින් එකක් තෝරා ගැනීමේ තේරුමක් නැත. කදු නගින්නන්ගෙන් තවත් උපා ලැබුනොත් ඒවා ගැන කියන්නට තවත් සටහනක් වෙන් කිරීමට අප කැමති ය.

Advertisements

6 thoughts on “කදු නගින්නන්ගෙන් කළමනාකරුවන්ට පාඩමක්

  1. කඳු නැඟ ඇත්තෙමි!!! ස්ව උත්සාහයෙන් කඳු මුදුනකට නැඟ ගත්තාම සිත පුරවන සතුට සුවිශේෂී වූවකි.

    කළින් නැඟ ඇති අයගෙන් මාර්ගෝපදේශ ලබා ගැනීම. ඒවායෙන් විශ්වාස කළ යුත්තේ මොනවා ද, බැහැර හැරිය යුත්තේ මොනවා දැයි තමන් විසින් තීරණය කරන්නට ක්‍රම වේදයක් තමන් විසින් හදාගෙන තිබීම.

    ඒ ඒ කන්දට සුවිශේෂී වූ ලක්ෂණ ගැන කන්ද නඟින්න කළින් අධ්‍යයනය කිරීම. වන ලැහැබක් ද, තුරු වදුලක් ද, ගල් තලාවක් ද, හිමෙන් පිරුණක් ද, මීදුමෙන් වැසී යන්නක් ද, යනාදිය අනුව නැඟිය යුතු ආකාරය ද, ඒ ඒ පරිසරය අනුව ගෙන යා යුතු උපකරණ ද තීරණය.

    අවදානම් අවතක්සේරු නොකිරීම.

    අභාග්‍යයන් වලට මුහුණ දෙන්නට, first-aid කිට් එකක් රැගෙන යාම වැනි, සූදානම bad luck ගෙනේවි යැයි නොසිතීම.

    Chris McCandless පාදක වූ In to the Wild (1996) හි මනාවට දැකිය හැකි පරිදි නිසි සැලසුම් නොමැති වීම හා ස්වභාව ධර්මයා අවතක්සේරුව කඳු නඟින්නාට මරණය ද කළමනාකරුවාට අසාර්ථකත්වය ද කැඳවන්නකි.

    Aron Lee Ralston මෙන් ජීවිතය බේරා ගන්නට නම් අතක් කපා දැමීමටත් උත්සාහ කිරීමට නොපැකිළි වීම!!!!! 😀

  2. හයර් ද රිස්ක් හයර් ද රිටර්න් කියනවනේ…..කෙලින්ම කන්ද නගින එක්කෙනාට අවදානම වැඩියි….ඒත් අඩු කාලේකින් වැඩි ප්‍රතිලාබ…වටෙන් කන්ද නගින එක්කේනාට කාලය වැඩියි ප්‍රතිලාභ අඩුයි… අවධානම ගන්න කෙනාට ප්‍රතිලාභ වැඩියි…

    • ඔබේ කතාව හරියටම හරි.

      වට වන්දනාව සම්බන්ධයෙන් මට කියන්න අවශ්‍ය වුනු වෙනත් කාරණයක් තිබුන. සමහර ව්‍යාපාරිකයන් ඉක්මන් ලාභ ලබන්න ගිහිල්ල තමන්ගේ සේවාලාභීන් තමන්ගෙන් පළවා හරිනව. ඒ අර්ථයෙන් ගත්තොත් ටිකක් පමාවෙල හරි හෙමින් සීරුවෙ සේවාලාභින්ගෙන් උපයා ගැනීමයි කළ යුත්තේ. නැත්නම් තමන්ගෙ තරගකාරුවන් වෙතට ඔවුන් පැන්නීමයි වෙන්නෙ. ඒ අර්ථයෙන් කන්ද වටේට යන එකේ අමතර වටිනාකමක් තියෙනව.

  3. Gratian A. Peiris says:

    “කොන්ද නමල කන්ද නැග්ගද? ……..”
    “කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා …”
    මේ සින්දු දෙකකින් ගත් ඉතා කුඩා කොටස් දෙකකි.
    කොන්ද නමල කන්ද නැගීම අද ප්‍රජාව, විශේෂයෙන්ම ව්‍යාපාරික සහ දේශපාලනික ප්‍රජාවන්, නිපුනතත්වයන් දක්වන සුවිශේෂ පරාසයන් වේ.
    “කන්ද කෙන්ද කිරීම” සහ “කෙන්ද කන්ද කිරීම” මෙම අබ්යාසයේ ම අන්තර්ගතයකි. මෙය ‘පාගා දීම’ හා බැඳේ. “කන්දට ගැරහීම” කන්ද නාග ගැනීමට බැරි කෙන්ද නිතර කරයි.
    පන්සිල්පද වැටෙන් එහා දස පනතෙන් ටිකක් එහා දහස් ගණන් කෝටි ගණන් කාසි සොයා කොන්ද නමල කන්ද නැගල, කෙන්ද කන්ද කරලා. කන්ද කෙන්ද කරලා, කන්දට ගරහාලා. කෙඳි කඳු උඩ නැගීම සමාජයේ වටිනාකම් උඩු යටිකුරු කරයි!
    මෙම බ්ලොග් අඩවිය ඉදිරිපත් කිරීම නිශාන්තයන් කල සමාජ මෙහෙවරකි.
    ග්‍රේෂන් ඒ. පීරිස්

    • As usual you have been appreciative of my initiatives. I remember my CHPB days. It is a rare quality in a country where many of us are quick to discard but shy of appreciating people. You have always been an exception. Thanks for those kind words. I also like the way you have expressed your views. Keep contributing and I welcome your criticism, if any, as well.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s