රටේ නැති යහපාලනයක් ආයතනයක් තුළ ඇති කළ හැකි ද?


යහපාලනයක් සැම විටම නිදහසේ නිර්මාණයන් කිරීමට හා සැමට දායකත්වයක් සැපයීමට අවශ්‍ය පසු බිම රටක් තුළ මෙන්ම ආයතනයක් තුළ ද සකසන්නේ ය. ආයතනය තුළ වැඩ කිරීම ප්‍රියජනක දෙයක් බවට පත් කරන්නේ ය. සෑම කෙනෙකු තුළම ආත්ම අභිමානය ඇති කරන්නේ ය.

යහපාලනය තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු අතර නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමත් නීතියට අමතරව චර්යා ධර්ම පද්ධතියකින් ආයතනයේ හැම මෙහෙයවනු ලැබීමත් දක්නට ලැබේ. තනි පුද්ගලයෙකුගේ කල්ලියකගේ හෝ බහුතරයකගේ අභිමතය පරිදි නොව ආයතනයේ පිළිගත් ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරන තැනක යහපාලනයක් ඇතැයි කියනු ලැබේ. එවැනි වටපිටාවක පුද්ගල නිදහස අගයෙන අතර බහුතරයෙන් පිටස්තර කුඩා පිරිසකගේ වුවමනාවන් ද සැළකිල්ලට ගැනේ.

ඒ අනුව යහපාලනය අප මුලින් කී නිදහසේ නිර්මාණ කිරීමේ හැකියාව ඇති කරන්නක් බව සහ ඉන් සැමට දායක විය හැකි වටපිටාවක් තනන බව ඔබ විසින් පිළිගන්නවා ඇත.

අප මතු කරන ප්‍රශ්නය නම් රටේ යහපාලනයක් නැති තත්වයක ආයතනයක් තුළ යහපාලනයක් ඇති කළ හැකි ද යන්න ය.

රජයේ ආයතන තුළ නම් එවැන්නක් ඇති කළ නොහැකි යයි බොහෝ දෙනෙක් කියනු ඇත්තේ ය. එයින් අදහස් කරන්නේ පුද්ගලික ආයතන තුළ එවැන්නක් පහසුවෙන් හැදිය හැකි බව ද?

ආයෝජනයක් කිරීමේදී ඒ සදහා අල්ලස් දීමට සිදුවේ නම් එසේ අල්ලස් දෙන්නට කටයුතු කරන ආයතනයක් තුළ ඔවුන් අල්ලස් නොගන්නේ වුව ද යහපාලනයක් ඇති කළ හැකි ද?

ආයතනයක් පවත්වාගෙන යෑම සදහා කප්පම් ගෙවීමට සිදුව ඇති තත්වයක එසේ කප්පම් ගෙවමින් ආයතනයක් පවත්වාගෙන යන කළමනාකරණයකට ඔවුන් කප්පම් නොගන්නේ වුව ද යහපාලනයක් ඇති කළ හැකි ද?

පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී පැත්තක් ගන්නට ඉඩ තිබෙන තත්වයක ආයතනයේ කෙනෙකුගේ යම් අවනීතික කටයුත්තක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී කළමනාකරණය අසරණ නොවන්නේ ද? කළමනාකරණ තීන්දු ගැනීමේදී මේ තත්වය ද සැළකිල්ලට ගෙන තීන්දු ගන්නට සිදු වන්නේ නම් එවැනි තීන්දු වඩාත්ම සුදුසු තීන්දු වෙයි ද?

අප මේ නගන්නේ ප්‍රශ්න ය. ඒ ඔබට උත්තර සොයනු සදහා ය. සංවාදයක් අරඹනු සදහා ය. යහපාලනයෙන් තොර සමාජයක කළමනාකරුවෙකු මුහුණ දෙන අභියෝග ගැන ඔබගේ අවධානය යොමු කරනු සදහා ය. අපේ වැඩක් බලාකියාගෙන ඉන්නා බව කියන කළමනාකරුවන් හට වටපිටාවේ සිදුවන දේ සම්බන්ධයෙන් ඇස් පියා ගෙන දිගු කලක් සිටිය නොහැකි බවට අනතුරු ඇගවීම ද සදහා ය.

දේශපාලනය අපේ විෂය පථය නොවන බව ඇත්ත ය. එහෙත් එය දේශපාලනයන්ටම උරුම කර දී අපට කර හැරිය හැකි ද?

වෘත්තීය කළමනාකරුවන්ට ඒ සදහා මැදිහත්වීමේ දී ඇත්තේ සමාජ වගකීම පමණක් ද? ඊට එහා ගිය වෘත්තීය වගකීමක් ඔවුන්ට නැති ද?

Advertisements

4 thoughts on “රටේ නැති යහපාලනයක් ආයතනයක් තුළ ඇති කළ හැකි ද?

  1. අද සමාජය තුල පුද්ගල ප්‍රතිරූපයට වඩා ඉස්මතු වෙන්නෙ මුදල්…මුදල් ඇත්නම් ඕනෑම දහජරා වැඩක් බලය ඇත්නම් ඕනෑම නොමනා වැඩක් කල හැකියැයි මිනිසුන් අද කාලෙ විශ්වාස කරනවා…
    මුදල සහ බලය වැඩිකරගන්න මිනිස්සු උත්සාහ කරනවා ඇර කිසිවෙකු සාධාරනය යුක්තිය නියෝජනය කරන්නෙ නැහැ..

    රටේ මූලික තැන් වලින්ම මිනිසුන්ගේ ආකල්පය මුදල් සහ බලය වෙතින් ගලවලා වෙන තැනකට දාන්න පුලුවන් නම් වටිනවා..මේ වගේ පද්ධතියක් ඇතුලෙ තියෙන සමාගමක් කියන්නෙ උප පද්ධතියක්..එවන් උප පද්ධතිය පැවැත්ම පිණිස මහා පද්ධතියට ඌනනය වන්නට සිදු වෙනවා..එවිට මහා පද්ධතියේ පවතින බල සහ මුදල් තන්හාව සහිත උප පද්ධති වඩාත් උඩට එනවා..

    මුදල් වලින් කල හැකි දේවල් නීතිය මගින් සීමා කිරීම බලයේ සිමාවන් ඇතිකිරීම මත මෙය යම්තාක් දුරකට වෙනස් කල හැකිමුත් අපට මැතිවරණ ආදියෙන් පෙනී යනවා මිනිසුන් යහ පාලනයට වඩා පුද්ගලිකව තමුංට වාසි වෙන ආකාරයේ මනුෂයයන් පාලකයින් කරන්න මනාප බව…

  2. //තනි පුද්ගලයෙකුගේ කල්ලියකගේ හෝ බහුතරයකගේ අභිමතය පරිදි නොව ආයතනයේ පිළිගත් ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරන තැනක යහපාලනයක් ඇතැයි කියනු ලැබේ.//

    ආයතනයක් යනු තීරණ ගත හැකි අයෙක් නොවේ. කල්ලියක් යනු තීරණ ගත හැකි අයෙක් ද නොවේ. තීරණයක් ගන්නේ තනි පුද්ගලයාය. ආයතනයේ පිළිගත් ප්‍රතිපත්ති යැයි කියද්දී ඒවා සැකසූ හා ඒවා පිළිගත් ඒකීය පුද්ගලයන් ඇතැයි එයින්ම කියැවේ.

    ඒකීය පුද්ගලයා විසින් යහපාලනය කුමක් දැයි හඳුනාගන්නේ ද ඔහුට ඒ අනුව තීරණ ගන්නට හැකියාව ද ලැබෙනු ඇත.

    යහපාලනයෙන් මිසක පොදු අරමුණු සාක්ෂාත් කරගත හැකි වෙනත් කිසිම ක්‍රමයක් ඇත් ද?

    ඉතින්, යහපාලනය කුමක් දැයි හඳුනාගන්නා ඒකීය පුද්ගලයන් තම තමන්ගේ ඒකීය අරමුණු සාක්ෂාත් කරගන්නට (එයින් පමණක් පොදු අරමුණ සාක්ෂාත් කරගත හැකි නිසා) උත්සාහයක් ගනිද්දී යහපාලනය යනු නිතැතයෙන්ම බිහිවන්නක් නොවේ ද?

    • ආයතනයක් එහි වැඩ කරන්නාවූ මිනිසුන්ගෙන් සෑදෙන බව ඇත්තකි. එහෙත් ඊට උරුම වූ ගතිකත්වයක් එය ඇති කර ගනී. හරියට එය ජන සමාජයක් වැනි ය. සමාජ සම්මුති මෙන්ම ආයතන සම්මුතීන් ද පවතී. ඒවා කලින් කලට වෙනස් විය හැකි ය. වෙනස් විය යුතු ය. එහෙත් ඒ නිසි සංවාදයකින් පසු ය. ඇතුළතින් මේරීමෙන් පසු ය. එසේ නොවුනු කල ආයතනය හෝ සමාජය අර්බුදයකට යයි. කැරලි හා වැඩ වැරීම් ඇතිවෙයි. සමාජ හෝ ආයතන බිද වැටෙයි. නායකත්වයන් විසි වෙයි.

      • “There are but three ways for the populace to escape its wretched lot. The first two are by the routes of the wineshop or the church; the third is by that of the social revolution.”
        — Mikhail Bakunin, 1871”

        Excerpt From: Murray N. Rothbard. “Libertarian Forum.” The Ludwig von Mises Institute, 2006-01-01.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s