අප පක්ෂපාත විය යුත්තේ කාට ද? නායකයාට ද? ආයතනයට ද? රටට ද?


ආයතනයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ඔබගෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?

සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ නායකයාට ය. ඔහුගේ අණට ය. මක් නිසා ද යත් අපේ පැවැත්ම ඇත්තේ ඔහු අත නිසා ය.

තවත් සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ ආයතනයට ය. ආයතනයේ ප්‍රතිපත්ති හා මෙහෙවරට ය. නායකයා තාවකාලික භාරකරුවෙක් පමණක් බව ද හෙට වෙනත් නායකයෙකු ඔහුගේ තැන ගත හැකි බව ද සළකා නොවෙනස් වන ආයතනයටම අප පක්ෂපාතී විය යුතු බව මේ කණ්ඩායමේ අදහස ය.

තුන්වෙනි පාර්ශවයකට අනුව අපේ සේවා ලාභීන්ට ය. ඔවුන්ගේ අපේක්ෂාවන්ට ය. මක්නිසා ද යත් අප වැටුප් ලබන ආයතනයේ පැවැත්ම ඇත්තේ ඔවුන් මත නිසා ය.

සිව්වෙනි පාර්ශවයකට අනුව අපේ රටට ය. ජාතියට ය. මක්නිසා ද යත් රට නොරැකී ආයතනය හෝ නායකයා රැකීමෙන් වැඩක් නැති නිසා ය. රටක් ජාතියක් නැති කල ඉතිරිවන ආයතනයක් හෝ නායකයෙක් නැති නිසා ය.

පස් වෙනි පාර්ශවයකට අනුව තමන්ට ය. නැතිනම් තමන්ගේ හෘද සාක්ෂියට ය. එසේත් නැතිනම් තමන් අනුගමනය කරන කිසියම් දර්ශනයකට ය. ආගමකට ය. මතවාදයකට ය. හර පද්ධතියකට ය. ආචාර ධර්මයන්ට ය.

මෙය කියවන ඔබ මේ අන්තෝ ජටා බහි ජටාවෙන් ගැලවීමට ලස්සණ උපායක් සැළසුම් කරනු පෙනේ. ඔබ කියන්නට හදන්නේ මේ සියල්ලන්ට පක්ෂපාත විය යුතු බව නොවේ ද?

එසේ කළ හැකි නම් අගනේ ය. එහෙත් ප්‍රශ්නය මතු වන්නේ නායකයා ආයතනයේ වුවමනා වෙනුවෙන් පෙනී නොසිටින කල ය. පාරිභෝගික අපේක්ෂා ආයතනයේ වුවමනාවන් සමග ගැටුනු විට ද නායකයාගේ හෝ ආයතනයේ වුවමනා රටේ පොදු අභිවෘද්ධියට හරහට හිටින විට ද ඒ හා සමාන තත්වයක් ඇති වන්නේ ය.

ඒ සෑම විටම අපට උත්තර සොයා ගැනීමට අපහසු ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. සරල උත්තරයක් නැති ප්‍රශ්නයක් ඉතිරිවන්නේ ය.

ඒ ප්‍රශ්නයට උත්තරය කුමක් දැයි ඔබ සිතන්නේ ද?

ඔබේ උත්තරවලට විග්‍රහයක් ද සමග ඉදිරියේදී මුණ ගැසෙමු.

Advertisements

5 thoughts on “අප පක්ෂපාත විය යුත්තේ කාට ද? නායකයාට ද? ආයතනයට ද? රටට ද?

  1. ඔය වගේ තැනකදී වෙන වැඩේ තමයි ඒ ඒ අයගේ අරමුණු අතර ඇති වන පරස්පර විරෝධිබව.හැබැයි කොච්චර විග්‍රහ කලත් අන්තිමේදි ඉතිරි වෙන්නෙ ආයතනයේ ලොක්කාගේ මතයට මුල් තැන දෙන්න.මොකද අපි කොච්චර ආයතනය,රට,පාරිභෝගිකයෝ ගැන හිතුවත් ලොක්කා අපිට ලෙඩේ අදින කොට ආයතනය අහන්නෙත් ලොක්කාගෙන් මිසක් අපෙන් නෙවෙයි,අපි කිව්වත් විශ්වාස කරන්නේ නැහැනේ, එතකොට ඔය කියන කිසිම පිරිසක් අපිව බේර ගන්න එන්නේ නැහැ.www.amuthusithuwili.wordpress.com

    • ඔව්, එහෙම වෙලාවක ඉතිරි වෙන්නෙ ලොක්කට අභියෝග කරල ගෙදර යනව ද නැත්නම් කට පියාගෙන දිගටම ඉන්නව ද කියල විතරක් වෙන්න පුලුවන්. සමහර ආයතනවල විතරක් ලොක්කට අභියෝග කරල රැදෙන්න ඉඩකඩ තියෙනව. ඒත් ඒ වෙනත් ආකාරයක බලයක් ගොඩනගා ගෙන තිබුනොත් තමයි.තවත් සමහර වෙලාවට විවෘතව අභියෝග නොකර අනියම් විදිහකට අභියෝගය ගෙන ඒමෙනුත් රැදෙන්න පුලුවන්.කර්තෘ අඥාත කිරීමෙන් එහෙම කරන්න පුලුවන්.

  2. Thushara says:

    Before being partial to the leader, organization or the country we should see whether those are in line with accepted social ethics and values. If not, a manger has an obligation to acknowledge the leader, organization or the country what is correct and not. He should be dare enough to face the consequences in doing so. In a nut shell, it is not a decision about being partial or impartial but a strong commitment to the things one values.

    • There could always be a gap between what is right and what we do? My question is what is the right thing to do? If we think it is the right thing to do, may be we can find a strategic way to do it rather than openly and directly doing it.

      අප පක්ෂපාත විය යුත්තේ කාට ද යන ප්‍රශ්නයට දෙපැත්තක් තිබේ. වඩා හරි දෙය කුමක් ද යන්න එකකි. වඩාත් ප්‍රායෝගික වනුයේ කුමක් ද යන්න දෙවැන්න ය. මට අවශ්‍ය හරි දේ කුමක් ද යන්නට උත්තරයකි. හරි දෙය තේරුම් බේරුම් කර ගත් විට එය කරන උපාය මාර්ගික ක්‍රමයක් ගැන ඊළගට කල්පනා කළ හැකි ය.

  3. Thushara says:

    If someone wants to safeguard his position he will not concentrate on moral things and select what is right for him as you suggest. Hence, he will be partial to the entity which gives him the maximum utility. These days we can see some talk about the country overlooking the boss or organization. Still, some others are very partial to the boss and the organization at the expense of the country. Therefore, I believe “what is right” depends on the person and the situation.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s