ශිරානි බණ්ඩාරනායක ඉල්ලා අස්විය යුතු ද?


මේ බ්ලොග් අඩවිය දේශපාලනය සම්බන්ධ අඩවියක් නොවේ. එහෙත් අප මේ මාතෘකාව සාකච්ඡා කරන්නට කල්පනා කළේ මේ ප්‍රශ්නය නගා අපගේ බ්ලොග් සහෘදයෙකු කර තිබූ සටහනක් දුටු නිසාවෙනි.

ඔහු තර්ක කර තිබුනේ ආණ්ඩුවට වැඩි බහුතරයක් යෝජිත පාර්ලිමේන්තු කමිටුව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළ ද ඇති නිසා තීරණය දැනටමත් තීන්දුව ඇති බවත් ඒ නිසා වඩාත් බුද්ධිමත් පියවර වනුයේ නම්බු ඇතිව අස්වීම බවත් ය.

ඔහුගේ මේ තර්කය අප එකවර ගෙන ගියේ ජපානයේ ටෝකියෝ නුවර 1968 පැවති ඔලිම්පික් උළෙල වෙත ය. මේ ගැන 2012 සැප් 15 දා සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පළවූ පහත සටහන (මේ සටහන අවසානයේ ඉංග්‍රීසියෙන් ලියා ඇති)  මා එසේ කියන්නේ ඇයි ද යන්න පැහැදිලි කරනු ඇත. එය ඔබ කියවනු ඇතැයි සිතමි. ඒ සටහන අපේ රටේ මැරතක් ශූරයෙකුව සිටි දැනට අප අතර නැති අපගේ විරයෙකු නොවූ එහෙත් ජපන් ජනයා වීරයෙකු ලෙස සැලකූ කරුණානන්ද ගේ කතාව ය. තරගය අවසන් බව දැන දැනත් තීන්දුව ලැබී අවසන් බව දැන දැනත් ඔහු දිව්වේ ය. අවසානයේ මැරතන් ඔලිම්පික් ලාභියා නොලැබූ ගෞරවයක් එදා රැස්ව සිටි ක්‍රීඩා ලොලීන්ගෙන් ඔහු ලැබුවේ ය. ජපානයේ තරුණයන් අතර අදටත් ඔහු වීරයෙකි. අපට වීරයෙකු නොවූ ඔහු ජපානයට විරුවෙකු වූයේ අපේ ආකල්ප හා ජපන් ජනයාගේ ආකල්ප අතර වෙනස නිසාවෙනි.

ශිරානි බණ්ඩාරනායකට හෝ ආණ්ඩුවට හෝ මගේ විශේෂ පක්ෂපාතිත්වයක් හෝ විරුද්ධත්වයක් නැත. එ ගැන ව්‍යවස්ථානූකූල ක්‍රියා පිළීවෙතක් අරඹා තිබෙන නිසා එය ගැන කතා කිරිමට අපට නීතිමය අයිතියක් ද නැතැයි මගේ අදහස ය.

එහෙත් තීරණය දැනටමත් තීන්දු නිසා ඇය ඉල්ලා අස්විය යුතු ය යන්න පිළිබදව මට එකග විය නොහැකි ය. එවැනි අදහසක් පවා රට තුළ කියවන්නන් තුළ වැරදි ආකල්පයක් ඇති කරන බැවිනි. පරාජය දැක දැක අප අප පෙනී සිටින දෙයක් වෙනුවෙන් අප පෙනීනො සිටිය යුතුය යන්න ඒ ආකල්පය යි.

කරුණානන්ද පිටු දැක්කේ ඒ ආකල්පයයි. ඔහු අත්පොළසන් ලැබුවේ ද රන්පදක්කම් ලාභියා ඉක්මවා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවේද ඒ නිසා ය.

කළමනාකරුවන් ලෙස අපගේ කණ්ඩායම තුළ ගොඩ නැගිය යුත්තේ ඒ ආකල්පයයි.

ඒ නිසාම තීන්දුව පැහැදිලි නිසා ඉල්ලා අස්විය යුතුය යන ඍණ ආකල්පය ගැන අපගේ මතය ඍණ ය. ඒ අප අගවිනිසුරුතුමියට ආණ්ඩුවට වඩා ආදරය හෝ වෛර කරන නිසා නොවේ. මෙවැනි ඍණ ආකල්ප අපේ මව්බිමෙන් තුරන් කළ යුතු නිසා ය. ආයතන තුළට වැද්ද නොගත යුතු නිසා ය.

Karunananda is just another forgotten man to Sri Lankans but in Japan he is still remembered as a hero, who changes thousands of young lives with determination, courage, commitment and motivation.
For those who have come across the name Ranatunga Koralage Jayasekara (R.K.J.) Karunananda for the first time in their lives, he was a long distance runner who represented Sri Lanka during the 1960s and 70s.
He worked as an officer for the Sri Lanka Army and was a keen athlete who always stood and competed with real sportsmanship.
Karunananda earned the tag of being ‘the most spirited loser’ in the world of athletics for what he accomplished at the Tokyo Olympics in 1968.
He competed in the men’s 10000m run and finished last but won the hearts of millions of Japanese viewers for what he did.
Karunananda was the only athlete of a 1968 Sri Lankan Olympic contingent which featured shooters Ravi Jayawardene and M.R. Perera, boxers Malcolm Bulner and Winston Van Kleinberg, and wrestler Ernest Fernando. The team was managed by V.A. Sugathadasa.
The date was October 14, 1968 and 29 athletes from 17 nations entered the 10000m event where Karunaratne was also a runner at the Tokyo Olympics.
The 25-lap race preceded gradually with Karunananda being lapped by race leaders Billy Mills of the United States, Mohammed Gammoudi of Tunisia, Ron Clarke of Australia, Mamo Wolde of Ethiopia, Leonid Ivanov of the Soviet Union and Kōkichi Tsuburaya of Japan after 10 rounds.
As the race reached its 20th lap, Karunananda further moved to the back. Interestingly he was with the top finishers when American Billy Mills won the gold medal after establishing a new Olympic record but was four laps behind.
The race was now over and the marshals were getting ready for the next event but Karunananda was still running.
He could have stopped at any point as he had four laps to complete.
But he continued and the crowd responded with sarcastic smiles and mocks.
Karunananda determinedly kept on running not knowing that these four laps would create history and make him a legend.
As he completed the second lap the Japanese spectators began cheering and by the time he completed the race it was historical.
The whole stadium or the 60,000 spectators offered him a standing ovation with a thundering applause for the feat which will be a rare occurrence nowadays.
Japan embraced his effort and within a matter of hours Karunananda was a hero for them.
He was the cynosure of pressmen than the 10000m gold medal winner Mills who later said that Karunananda was the true winner of the race.
One of the first to grab an opportunity for a chat with Karunananda soon after the race was Japanese reporter Haruo Suzuki.
Suzuki took Karunananda out and introduced him to top social and political figures of Japan who in return entered his great feat into Japanese textbooks.
To date Japan continues to relate Karunananda’s feat to their younger generation motivating them while thanking their Sri Lankan friend of the impression left, even years after his fateful demise.
But Karunananda’s native country Sri Lanka failed him and continues to do so in many ways.
This was revealed to the Sunday Times by his family members.
According to Nelum Priyadarshani, Karunananda’s only daughter, in 1996, Japanese television station NHK had come down to Sri Lanka to record a documentary about the legendary runner.
“This was the first time the media came out to do any sort of feature about my father, and it was all the way from Japan. The NHK as part of their 100th year celebration did a documentary in Kandy, the hometown of our parents. The following year after seeing the video, a group of benefactors have shown their interest to support my mother, brother and myself. Since they couldn’t find our whereabouts they had contacted the Ministry of Sports here,” Nelum said.
Advertisements

9 thoughts on “ශිරානි බණ්ඩාරනායක ඉල්ලා අස්විය යුතු ද?

  1. මුලින්ම තේරුම්ගතයුත්ත තමයි කරුනානන්ද සහ ශිරානි බන්ඩාරනායක ඉන්න තත්වය මොකක්ද කියනඑක. ඒ වගේම මේ ප්‍රශ්නය දිහා දේශපාලනිකව බලනව මිසක් සාමාන්‍යයෙන් ඔබ කතා කරන ‘කළමනාකරණය’ වැනි පැත්තකින් බලල වැඩක් නෑ. කරුනානන්ද තමුන්ගෙ ධෛර්යයෙන් දිව්වෙ ක්‍රීඩාවෙ තියන ජීවය රැකගන්න. ශිරානි බණ්ඩාරණායක (සහ ඇයගේ ප්‍රතිපක්ෂය) මේ කරන්නෙ ඇයගෙ ජීවිතයත් අනාගතයත් එක්ක කරන ක්‍රීඩාවක්. වෙනස ඒකයි.

    • මා හිතන හැටියට එය ශිරානි බණ්ඩාරනායකගෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඇගේ අනාගතය සමග ඇය කුමක් කරනවාද යන්න. එහෙත් තුන්වෙනි පාර්ශවයක් ඇය මෙසේ කළ යුතු යැයි කීවිට එයින් ජනතාවට යන පණිවුඩය නරක බවයි මා කියන්නට උත්සහ කරන්නෙ. මගේ කණ්ඩායම ඒ පණිවුඩය ගෙන කලින්ම තමන් සටනකින් අයින් වෙනවා නම් එහි බලපෑම මා වැඩකරන මුළු ආයතනයටම අහිතකරයි. රටක මිනිසුන් එය කරන විට එය රටටම අහිතකරයි. ඒ නිසා ශිරානි බණ්ඩාරනායකට පුද්ගලික උඵකාරයක් කිරීම සදහා රටට ජනතාවට ඍණ පණිවුඩයක් දීම අපට අනුමත කරන්නට බැහැ.

  2. අග විනිසුරුවරයෙකුට විරුද්ධව ඉදිරි පත්වූ 03නි දෝශාභියෝගයයි මේ.
    පලමු එක කිසියම් රැස්වීමකදී අග විනිසුරුවරයා විසින් කරන ලදැයි කියන කථාවක වචන 4-5ක් අරභයාය.
    දෙවැන්න කිසියම් සිද්ධියක් පිළිබඳව පුවත් පතක පලවූ වාර්තාවක් අරභයාය.
    පලමු වැන්නේදී නෙවිල් සමරකෝන් මහතා නීතිඥයකු මඟින් විභාගයට පෙනී සිටියේය.පසුව ඔහු නිදහස් විය.
    ඒ අනුව ශිරානි බණ්ඩාරනායක තුමියද නඩු විභාගයට පෙනී සිටීමේ ඇති වරද කිම?දැනටමත් එයට පූර්වාදර්ශයක් ඇත.
    දැනටමත් අග විනිසුරු තුමිය පිළිතුරු දීම අරබා ඇත.
    මෙම නඩු විභාගයේදී, මෙරට වෙනත් නඩු වලදී නීතිඥයන් තර්ක කරන ආකාරයට තර්ක ඉදිරිපත් වීමට ඉඩ ඇත.
    නඩු විභාගය රහසිගතව පැවැත්විය යුතු බව දක්වා ඇතද දැනටමත් මේ පිළිබඳ සියලුම කරුනු මාධ්‍යයට නිකුත් කර ඇත.
    මෙරට මාධ්‍යට තහංචි පැනවුවද විදේශ මාද්‍යයන්ට එසේ කල නොහැක.
    එහෙයින් මෙය අවසාන වශයෙන් රජයට පාරා වලල්ලක් වීමට ඉඩ ඇත.
    අපි බලා සිටිමු වන්නේ කුමක්ද කියා…

    • P Mutukumarana says:

      I agree with Nishantha’s policy. I too do not have any reasons to support Mrs. Shirani Bandaranayaka personally or to bring any arguments against the ruling party. The principle should be to set an example for the rest of the country to follow on policy.It may be bitter to some party yet it is the fact.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s