ධනාත්මක චින්තනය – ඒකට පුලුවන් ද පනුවෙක් සමනලයෙක් කරන්න?


ඔව් මට පුලුවන්. මම බාධක සියල්ල මැඩ ජයගන්නව. පරණ විදිහට නැතිව අලුත් ක්‍රම හොයනව. අලුතින් හිතනව. ලෝකය අයිති තමන් ගැන විශ්වාසයක් තියෙන පරදින්නට බය නැති මිනිසුන්ට. පරදින්න බය නැත්නම් විතරයි දිනන්න පුලුවන් වෙන්නෙ.

ධනාත්මක චින්තනය ගෙනෙන පණිවුඩය තමයි ඒ.

ඉතින් සමහරු එහෙම හිතනව. ඒ කියපු විදිහටම හිතනව. ඒත් මුකුත් වෙන්නෙ නෑ.

හරි පුදුමයි. මේ ඇරෙන්න කරන්න වෙන දෙයක් තියෙන බව දේශකයා කිව්වෙ නැහැ. ඒත් ප්‍රතිඵලය මොකද්ද? කළකිරීම!

කොහේ හරි වැරදිල තියෙනව. ඉතින් එහෙම වෙන්නෙ ඇයි?

හේතුව හිතල විතරක් ප්‍රමාණවත් නොවීම. බාධක ජය ගන්න නිකම් බෑ. ඒකට කුසලතා ඕන. ඉගෙන ගන්න ඕන. මහන්සි වෙන්න ඕන. හිතවතුන් ඇති කරගන්නට ඕන. තමන්ගෙ ඉලක්ක දර්ශනය බෙදා හදාගන්න අය ඕන. තමන්ට යම් යම් දේ කරන්න පුලුවන් කියල ලෝකයට පෙන්නන්නට ඕන. වෙලාව එන්නට ඕන.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලය හෙට ලැබෙන්නෙ නෑ. ඒකට කල් යනව. කට්ට කන්න වෙනව. නිදිමරන්න වෙනව. පරිත්‍යාග කරන්න වෙනව.

එහෙම කරගෙන යද්දි වරදිනව. බැණුම් අහනව. පාඩු වෙනව. යාලුවො නැතිවෙනව. අතරමං වෙනව. ඒව විදගන්න ඕන.

ඒ දුෂ්කරතා වලින් ඉගෙන ගන්න ඕන. ඒවා ජය ගන්න විදි හොයන්න ඕන. ඒවට අලුත් කුසලතා හදා ගන්න ඕන. අලුත් ක්‍රම හොයන්නට ඕන. කීප සැරයක් වැරදිල මිසක් අලුත් ක්‍රම හොයන්න බෑ.

සාර්ථකත්වයේ ගමන ඒවගේ දුෂ්කර එකක්.

ධනාත්මක චින්තනය දේශනයේදී මේ ටික කියවෙන්නෙ නෑ. හරියට ක්ෂණික නූඩ්ල්ස් හදනව වගේ මට පුලුවන් කියල හිතුවහම ඔක්කොම වෙනවයි කියන අදහස ඒ නිසා මිනිසුන්ගෙ හිත් තුළට යනව.

ඉතින් මට පුලුවන් කියල ජනේලෙන් පනින මිනිහ තුවාල වෙනව. අතපය කඩා ගන්නවා. ධනාත්මක චින්තනය ගැන දෙසපු එකාගේ මෑණියන් මතක් කරනව.

පැන්නහම තුවාල නොවෙන්න පනින්න බැරි කමක් නැහැ. ඒකට අතපය හයිය කරගන්නට ඕන. පැනීමේ කලාව දැනගන්නට ඕන. පනින්න පුලුවන් කියල විශ්වාසය ඇති කරගන්නත් ඕන. පනින්නත් ඕන. ඒත් අන්තිමට කරන දේ ඉස්සර වෙල කරන්න ධනාත්මක චින්තනය නිසා පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ධනාත්මක චින්තනයට පුලුවන් අනිත් හැම කුසලතාවයක්ම තියෙන කෙනෙකුට අවසාන ඉම ජය ගන්න තල්ලුවක් දෙන්නට විතරයි. එහෙම නැතිව එතැනට වෙනකම් යන්න තියෙන ගමන අවලංගු කරන්න ඒකෙන් පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ඕනම දෙයක් කෙනෙකුට කරන්නට පුලුවන් කියන මතය යම් ධනාත්මක චින්තකයෙක් ගේනව නම් පරිස්සම් වෙන්න.

අපි වෙනස්. එක්කෙනෙක් කරන වැඩේ තව එක්කෙනෙකුට කරන්න බෑ. අපිට කරන්න පුලුවන් වැඩත් අපි අපේ මනස්ගාත පසුගාමී සිතුවිලි නිසා කල් දානව නම් ඒව අයින් කරන්න අපට උදව් කරන්නට විතරක් ඊට පුලුවන්.

ඒකට පුලුවන් දළඹුවෙක් සමනලයෙක් කරන්න. හැබැයි ඒකට බෑ පනුවෙක් සමනලයෙක් කරන්න.

Advertisements

2 thoughts on “ධනාත්මක චින්තනය – ඒකට පුලුවන් ද පනුවෙක් සමනලයෙක් කරන්න?

  1. ධනාත්මක චින්තනය කියල හිතාගෙන ඉන්න එකයි ධනාත්මකව වැඩ කරන එකයි වෙනස්. එහෙම අය තමයි ගොඩක් ඉන්නෙ .හරියට 5S කියලා වැඩ නොකර පොත් වලට කවර දාන අය වගේ. අරමුණ ගැන හීන මිසක් ඒ අරමුණ වෙත යන්න ව්‍යාපෘතියක් නැහැ..

    ධනාත්මක චින්තනය හරියට පන්සිල් වගේ එකක්. කරන්න පුළුවන් හැම දහජරා වැඩේම කරල පන්සිල් ගත්තම ෂේප් කියලනෙ කට්ටිය හිතාගෙන ඉන්නේ… 😉

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s