පාරිභෝගික සත්කාරය කරනු බැරි ඇයි? ප්‍රශ්නයට උත්තරය දන්සැලකින් ලැබේ.


පහුගිය පොසොන් පෝයට තිබුණු දන්සැලක පෝලිමක් කළමනාකරණය කිරීමේ වගකීම බාරගත් අපේ මිතුරෙක් අපට කී කතාව මෙසේ ය. පෝලිමේ සිටි සෙනගට ඉක්මණින් දන්සැල වෙතට පැමිණිය හැකි පරිද්දෙන් නැගිටින්නට සූදානම් වන අයෙකුගේ තැන ගැනීමට ඔහු විසින් පෝලිමේ ඊලගට එන තැනැත්තා බැගින් කැදවනු ලැබ තිබිණි. ඒ  නිසා පෝලිම ඉක්මණින් අවම මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකි විය. මේ දුටු දන්සැල් සංවිධාකයෙක් ඔහුගේ ඇගට ගොඩ වී තිබුනේ ය. තමුසෙ හරි මිනිහෙක් නෙ ඕයි. ඔහොම ඇතුළට ගත්තහම එලියෙ පේන්න පෝලිමක් නැතිවෙනවනෙ. පාර පොඩ්ඩක් බ්ලොක් වෙන්න වගේ පෝලිම තිබුනොත් විතරයි දන්සැල නැගල යනව කියල දැනෙන්නෙ. දැන් තමුසෙ මේ කරන වැඩෙන් දන්සැලට හරි නැ ඕයි. පොඩ්ඩක් කලබල නැතිව හෙමිහිට ගන්නව. එක පාරක් ගත්ත මිනිස්සු කාල ඉවරවෙනකම් ආයි එහෙම අලුතින් ගන්නෑ.

වැඩේ නරක නෑ නේද? දන්සැල ජනප්‍රිය කරන්න වැඩි වෙලාවක් පෝලිමේ ගත කිරීම! පිනට කන්න ආව නම් දන්සැලට නම්බුවකුත් දීල යන එකේ වැරැද්දක් බොහෝ දෙනෙකු නොදකින්නට වුව පුලුවන. මේ ලංකාව නිසා ය.

දන්සැලේ විතරක් නොව බොහෝ ආයතනවල සේවා සපයන්නන් ද සිතන්නේ ඔවුනට වැදගත් කමක් ලැබෙන්නේ ඔවුන්ගේ සේවා ලාභීන්ගේ වැඩ පහසු කළොත් නොව ඒවා අමාරු කළොත් බව ය.

වැදගත්කම ලැබෙන්නේ ඒවා සැහැල්ලු කළොත් නොවේ. ඒවා ඉහිලිය නොහැකි තරමට බර කළොත් ය. එයින් කියවෙන්නේ කලින් නොයවා සේවාලාභීන් ටිකක් රස්තියාදු කළ යුතු බවය. පුලුවන් නම් පොල්ලක් දමා වැඩේ බකල් කළ යුතු බව ය. වැඩය අදින් අවසන් නොකර නැවත හෙටත් එන ලෙසට ද වග බලා ගත යුතු බව ය. දුරකථනයෙන් කරන්නට පුලුවන් වැඩේට ආයතනයට පැමිණ කරන්නට වැඩ සැළැස්වුවොත් බව ය. ටිකක් වැඩියෙන් ඇවිද්දුවොත් බව ය. නහය කෙළින් නාල්ලා වටයකින් කරකවා ඇල්ලීමට සැළැස්වීමෙන් බව ය. සරසවියට ඇතුළුවන නවකයෙකුට මෙන්ම තරමක වදයක් දී සේවාව ලබා දිය යුතු බව ය. පර පීඩනයම සතුට සළසන බව ය.

සේවාලාභියා හැම විටම නිවැරදි යැයි කියන්නේ කව්ද? බොහෝ දෙනා හැසිරෙන්නේ සේවාලාභියා විසින් උසාවි නියෝගයක් හරහා තමන් නිවැරදි යයි ඔප්පු කළොත් මිස හැමට විටම ඔහු වැරදිය යන මතයේ පිහිටා ය.

අපේ ආයතනවල බොහෝ දෙනෙකුට පාරිභෝගික සත්කාරය බැරි මේ නිසා ය.

Advertisements

10 thoughts on “පාරිභෝගික සත්කාරය කරනු බැරි ඇයි? ප්‍රශ්නයට උත්තරය දන්සැලකින් ලැබේ.

  1. ඔයවගේ උදවිය ඉන්නව. අපේ කාර්යාලෙ එක මහත්තයෙක් හිටිය, කවුරුහරි ආවට එකසැරේට මූන බලන්නෙ නෑ. තමන්ගෙ වැඩේ කරල-කරන බව පෙන්නලා- තමයි ආවෙ මොකද කියල අහන්නෙ.

  2. Anonymous says:

    මෙය කියැවූ මට නව දිල්ලියේ AP භවන්හි භෝජනාගාරය සිහිවිය. (ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ හැම ප්‍රාන්තයකටම එක බැගින් තරමක් විශාල කාර්යාල සංකීර්ණ තිබේ. AP භවන් යනු අන්ද්‍රා ප්‍රදේශයට අදාළ කාර්යාල සංකීර්ණයයි. මෙය අන්ද්‍රා ප්‍රාන්ත රජය මඟින් පාලනය වේ.)

    AP භවන් භෝජනාගරය නව දිල්ලියේ ප්‍රණීත, පිරිසිදු හා මිළ අඩු යන අවශ්‍යතා තුනම සපුරන භෝජනාගාර අතළොස්ස අතුරින් එකකි. එය තරමක් විශාල වුවද (ආසන 300-400 පමණ) දිනපතා කෑම පැයේදී ආහාර ගැනීමට එහි එන සියළු දෙනාගේ අවශ්‍යතා සපිරීමට තරම් විශාල නොවේ. මේ නිසා කෑම පැයේදී එය අතිශය කාර්ය බහුල වන අතර දොරටුවේ දිග පෝලිමක් නිර්මාණය වේ.

    මේ පෝලිමට එක් වන්නකු තමන් ඉදිරියෙන් සිටින සිය ගණනක් දෙනා දැක කවදා කීයට බත් කන්නට ලැබේදැයි සැක උපදවා ගැනීම ස්වාභාවිකය. එසේ වුවද බලාපොරොත්තු නොවන වේගයකින් පෝලිම ඉදිරියට ඇදේ. වැඩිම වුවහොත් මිනිත්තු තිහක් තුළ ආහාර ගැනීම ආරම්භ කළ හැකිය. මේ කාර්යක්ෂමතාව ඇති කර ගෙන තිබෙන්නේ පියවර කිහිපයක් නිසාය.

    1. විශාල ගනුදෙණු කරුවන් සංඛ්‍යාවට සරිලන සේවකයන් පිරිසක් භෝජනාගාරයේ වේටරයන් සේ සේවය කරති.

    2. හැම වේටරයකුට නිශ්චිත කාර්යයක් තිබේ. ජෙනරල් පර්පස් වේටරයන් නැත. පරිප්පු බෙදන වේටරයා කරන්නේ පරිප්පු බෙදීම විතරය. (ශ්‍රම විභාජනය)

    3. දිවා පැයේදී හැම දෙනාටම ගත හැක්කේ එකම කෑම වට්ටෝරුවකි. (වෙජිටේරියන් තලි) මේ නිසා කාට මොනවා බෙදන්නද යන ගැටළුවක් නැත.

    4. ආහාර කල් ඇතුව පිළියෙළ කොට තිබේ. මේ නිසා ඒවා මේස මතට ගෙන ඒමේ කාලය අවමය.

    5. මුදල කැෂියර් විසින් මුලදීම අය කරනු ලබයි. එය රවුම් ගණනකි. (කීයද දැන් මතක නැත.) මේ නිසා මුදල් අය කිරීමට යන කාලය අවමය. ඒ ගණන පුවරුවක ප්‍රදර්ශනය කර තිබෙන නිසා කල් ඇතිව ගණන් කොට ගෙන ආ හැකිය.

    6. පෝලිම පාලනය කිරීමට ඊටම කැපැවූ වෙනම තැන්ත්තෙක් සිටී. කවුරුන් හෝ කෑම කා අවසාන වන විට “වන් සීට්”, “ටූ සීට්”, “ෆෝර් සීට්” ආදී වශයෙන් වේටරයන් විසින් කෑගසනු ලබයි. ඒ අනුව අදාළ සංඛ්‍යාව පෝළිම භාර තැනැත්තා නියමිත මේසයට යොමු කරයි.

    7. වේටරයන් බලා සිටීමක් නැත. කා අවසන් වූ බත් පතක් ඉවත් කළ වහාම එහි පිඟානක අළුත් කෙහෙල් කොළයක් දමන අතර වේටර්ලා බත් හා වෑංජන මිනිත්තු කිහිපයක් ඇතුළත බෙදා අවසන් කරති. මේ නිසා කෑම කන්නට ගත වන සම්පූර්ණ කාලය මිනිත්තු 15-20 කට වැඩි නොවේ.

    මේ කාර්යක්ෂ්ම පියවර නිසා AP භවන් භෝජනාගරය දිනපතා 1,000-2,000 අතර ගණනකට කෑම පැයේදී සේවා සපයයි.

  3. අරගත්තු උදාහරණෙ නම් මරු… තව දන්සැල් තියෙනවා පෝලිම ඉදිරියෙ තියෙද්දි දන්න කියන, පවුලෙ උදවියට මුලින් කෑම දෙන. එතාකිට කොහොමත් පෝලිම දිගටම අරහෙමයි…

    • අපේ අයට සළකන්න එක විදිහකුයි අපේ විරුද්ධකාරයින්ට සළකන්න තව විදිහකුයි නොදන්න ආගන්තුකයින්ට සළකන්න තවත් විදිහකුයි කියල විදි කීපයක්ම තියෙනවනෙ අපේ රටේ. තමන්ගෙ කමට සළකන්න ඕන බව ඇත්තයි. ඒ අනුන්ගෙ මගුල්වල නොවෙයි. තවත් සටහනක් ලියන්න මාතෘකාවක් ඔබ දුන්නෙ. ස්තුතියි.

  4. ඔය දන්සල්වල කරන වැඩක් තමා පුටු 20ක් 30ක් විතර පොඩි ගානක් ගැනීම.. එතකොට ඒ 20 කාලා ඉවරවෙනකන් අනිත් උන් පෝලිමේ.. පස්සෙ කියනවා අපි දන්සල දවසපුරා දුන්නා කියලා..

    • පුම්බන බැලුන් වගේ තමයි. හිස් බව තමයි ඇතුළෙ. ඒත් ලෝකෙට පරකාසෙ නම් ඉහටත් උඩින්ම. ඒකටම තමයි හිස් දෙයින් පුරවන්නෙ. ඉස්සරහට යන්න නම් මේ හිස්බව ගැන ලජ්ජාවක් ඇති උදවිය ඇති කරන්න ඕන. හරේන්ද්‍රටත් තුති සංවාදයට එක් වූවාට.

  5. Madhawa Sampath says:

    අෙප් රට දියුනු කරන්න ෙම් තරම් අමාරු ෙවලා තිෙයන්ෙන් ඔය අාකල්ප නිසයි. කවද හැෙදයිද ෙම්වා…!

    • අපේ රට බොහෝ දෙයින් පිරුණු රටක්. මිනිස්සුන්ගෙ අදහස්වල තියෙන පසුගාමී බව හදා ගත්තොත් අපට ඉදිරියට යන්න ගොඩක් ඉඩ තියෙනව. බලාපොරොත්තු අත් නොහැර සංවාදය ගෙනියමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s