උපා දන්නා නායකයෝ අපායේ නොවැටෙති ද?


සමහර නායකයින් කැමති මිනිසුන් සමග මිත්‍රශීලීවීම හරහා ඔවුන් දිනාගෙන ඒ හරහා ආයතනයේ ඉදිරිමග සකසා ගැනීමට ය. ඔවුහු තම අනුගාමිකයන්ගේ හා හිතවතුන්ගේ පමණක් නොව සමහර විට විරුද්ධවාදීන්ගේ පවා උපන් දිනයකදී කේක් එකක් යවන්නට ද සුභපැතුමක් පිරිනමන්න ද මගුලට අවමගුලට දානයට සහභාගී වෙන්නට ද කාලය වැය කරන්නෝය. ඔවුහු තම අනුගාමිකයන්ගේ දරුවන් පවා හුරතල් කරන්නට ද ඔවුන්ගේ අම්මා තාත්තා සමග පවා සුහදශීලි වෙන්නට ද කටයුතු කරති. ඒ ඇතිකරගන්නා මිත්‍රත්වය හරහා තමන්ට ලැදි පිරිසක් බිහිකර ගන්නා අතර ඒ අය තම අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට ඒ හරහා කැප කරවා ගැනීමේ දක්ෂ ය.

දෙවැනි වර්ගයට අයත් නායකයෝ වඩාත් වැඩි අවධානය යොමු කරන්නේ රාජකාරියට ය. අද  කිරීමට ඇති කාර්යයන් ගැන ය. ඔවුන් ඒ කාර්යයන් කරන තුරු පසු විපරම් කිරීමේ නිරත වෙති. ඔවුන්ගේ මූලික ඉලක්කය වැඩ ය. මෙසේ වැඩ ගැන තමන් දක්වන අධික උනන්දුව නිසාම වැඩ කිසියම් මට්ටමක කර ගැනීමේලා ඔවුහු සමත් වෙති.

තුන්වෙනි වර්ගයට අයත් නායකයින් වඩාත් කැමති ආයතන ගොඩ නැගීමට ය. ආයතනික පද්ධති ක්‍රමවේද යාන්ත්‍රණ ආයතනික ව්‍යුහයන් හා ක්‍රියාවලි සකස් කිරිමට ය. ඒවා නිසි ලෙස සංවිධානය වී ඇත්නම් රාජකාරි බොහෝමයක් ඉටු කර ගත හැකි වෙතැයි ඔවුහු විශ්වාස කරති.

මේ එක් එක් නායකත්ව උපාය මාර්ගයේ ශක්තීන් මෙන්ම දුර්වලතා ද තිබේ. අප කැමති පාඨක ඔබ ඒවා ගැන ලියනු දැකීමට ය.

ලංකාව තුළ අප වඩාත් බහුලව දකින්නේ පළමු වර්ගයට අයත් නායකයින් ය. ඊළගට වඩාත් දකින්නේ දෙවැනි වර්ගයේ නායකයින් ය. වඩාත් දුර්ලභ තුන්වෙනි වර්ගයේ නායකයින් ය. අපේ දුර්භාග්‍යයන්ට එයත් හේතුවක් දැයි කල්පනා කර බැලීම වටින්නේ ය.

මේ ගැන වැඩිදුරටත් ඔබේ අදහස් ද සමගින් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරමු.

Advertisements

10 thoughts on “උපා දන්නා නායකයෝ අපායේ නොවැටෙති ද?

  1. W.A. Wijewardena says:

    Mahavansa talks about an incident relating to King Buddhadasa, the most famous physician in Lanka’s history that depicts true leadership qualities. According to the author, one day when the King was riding an elephant in the city, a man afflicted with an incurable skin disease was hurling abusive words for the King. The King had the powers to behead the fellow then and there, but reflected deeply why this man was abusing him when he had not done any wrong to him. Guessing that it would have been due to some wrong he would have done in a previous life, he wanted to make amends for it in this life.He got a man to befriend the diseased man, take him to his home and treat him with the medicine he would be sending. The man also won the trust of the diseased man by abusing the King and did as he was bidden by the King. After sometime, the fellow got cured of the disease and the man told him the truth about the King’s supplying all the good medicine for him to cure himself and managed to change his attitude about the King. When that enemy pf the King heard of the King’s death, according to the Mahavansa story, he too had died of a sudden heart attack for failing to overcome his grief. That is true leadership: winning people through benevolent treatment.

  2. Rohan Samarajiva says:

    ඔබ කුමන වර්ගයේ නායකයෙක්ද? මම නම 2 වර්ගයේ වීමි.

    3 වන වර්ගය විශිෂ්ට බව පිළිගතහැකි වුවද, පවතින වාතාවාරණයේ ව්‍යුහයන් සවිමත් කිරීමට ගන්න වෙහෙස ගඟට ඉනි කැපීමක් යැයි මට සිතේ. එනිසා මම 2 වන වර්ගයට සැමදා වැඩි බර දුන්නෙමි.

  3. තුන්වෙනි වර්ගයට අයත් නායකයින් ආයතනික පද්ධති ක්‍රමවේද යාන්ත්‍රණ ආයතනික ව්‍යුහයන් හා ක්‍රියාවලි සකස් කිරිමට යොමුවන බව මම කීවෙමි. ඒවා නිසි ලෙස සංවිධානය වී ඇත්නම් ඊළගට ඇත්තේ ඒ යාන්ත්‍රණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයින් පත් කිරීම ය. ඉන්පසු ඔවුන්ට සම්පත් ද බලය ද දී තමන් ඈත් වීම ය. ඈත සිට සිදුවන දෙය පිරීක්සීම ය. අවශ්‍ය යැයි හැගේ නම් කුඩා මැදිහත් කිරීමක් කිරීම ය. අවශ්‍ය නම් යාන්ත්‍රණවල වෙනසක් කිරීම ය. ඒ යාන්ත්‍රණ හරිහැටි ක්‍රියාත්මක වන තෙක් ය. පත් කළ පුද්ගලයින් ඒවාට හුරුවන තෙක් ය. අනුගාමිකයින් හා සගයින් ගැන විශ්වාසය තැබීම ද උපේක්ෂාව ද ඇතුළු තව බොහෝ දේ ඊට අවශ්‍ය ය. ඒ විශ්වාසය ඔවුන් බිද දමන්නේ නම් ඔවුන් ඉවත් කර වෙනත් අය පත් කිරීමට සිදුවේ. සුදුසු පුද්ගලයින් පත් කරන්නේ නම් හා නිවැරදි යාන්ත්‍රණ තිබේ නම් එසේ කරන්නට සිදුවනු ඇත්තේ අතිශයින් කලාතුරකින් පමණකි. නිවැරදි යාන්ත්‍රණ නරක පුද්ගලයින් ද රාමුව යටතට ගැනීමට කටයුතු කරනු ඇත්තේ ය.

    රොහාන් මා උත්සහ කරන්නේ එවැන්නෙක් වීමට ය.

    හරේෂ් මා කියන්නේ තුන්වෙනි වර්ගයට අයත් නායකයින්ට දිගුකාලීන පැවැත්මක් ඇති ආයතන ගොඩ නැගිය හැකි බව ය.

    විජේවර්ධන මහතා කියන තාලයේ මිත්‍රශීලී නායකයෙක් තුන්වෙනි වර්ගයේ නායකයෙක් ද වන්නේ නම් හා එවැන්නෙක් තාවකාලිකව දෙවැනි වර්ගයේ උපා ද අනුගමනය කරන්නේ නම් ඔහුට යා හැකි දුර ඉතා විශාල ය.

    තවත් විදිහකට කියන්නේ නම් පළමු වර්ගයේ නායකත්වයක් ආරම්භයට වැදගත් ය. දෙවැනි වර්ගයේ නායකත්වයක් ඊළග පිම්මට අවශ්‍ය ය. එහෙත් දිගුකාලීන පදනම දමනු ඇත්තේ තුන්වෙනි වර්ගයේ නායකයෙකු විසිනි.

  4. Aruna Devendra says:

    පහුගිය දවසක මම කියවපු බ්ලොග් පෝස්ට් එකක ලියා තිබුනු හැටියට (මට එහි උපුටනයක් දැක්වීමට නැවත සොයාගැනීමට නොහැකිවීම පිලිබදව අදාල කර්තෘ සමාවන සේක්වා) පලමු පෙළ නායකයින් ගේ වගකීම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය වන අතර මධ්‍ය හා ජ්‍යෙෂ්ඨ නායකයින් පිලිවෙලින් පලමු පෙළ නායකයින් (පුද්ගලයින්) හා නිෂ්පාදන ක්‍රියාවලියට අදාල නීති හා ප්‍රතිපත්ති අධීක්ෂණය කර යුතුවේ. අවාසනාවකට අපේ නායක කාරකාදීන් සියළු දෙනාම නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට යාමෙන් වත්මනෙහි සියල්ල ආඩින්ගේ කැද හැලියක් බවට පත්වී තිබේ. ඒ අනුව අද නායකත්ව පුහුණුව සියළු පෙළ නායකයින්ට අත්‍යවශ්‍ය වී ඇති අතර (විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමේදී නොව ඒවායින් පිටවීමේදී) තමතමන්ගේ භූමිකාව නිවැරදිව තෝරා බේරා ගැනීමේ හැකියාව නිවැරදිව ප්‍රගුණ කළ යුතු වේ.

  5. Aruna Devendra says:

    ඔබට ස්තුතියි සර්. මම එයම තමා කලින් කියවා මතකයක් තිබුනේ

  6. saman says:

    සර් අද කළමනාකරුවන් තුල නායකත්ව ගුණාංගවල පවතින දුර්වලතා තිබෙනවානේද සමාජ කටයුතු වලින් ක්‍රීඩාවන් වලින් දරැවන් ඇත්වීම මේකට හේතුවක් නොවෙයිද ආයතන සංවර්ධනය සේම රටේ සංවර්ධනයටත් නිවැරදි දැක්මක් ඇති ස්වයං අභිප්‍රේරණයකින් යුත් නායකයින් අවශ්‍යයයි නේද මේ සදහා වර්තමාන දරුපරපුර මෙන්ම තරුණයින්ද නිවැරදිව සමාජගතකලයුතුයි. වර්තමාන තරගකාරී ගෝලීය ආර්ථික රටාවතුල ඔවුන් මන්මුලාවී ඇත.මෙම මානව සම්පතේ ඇති දුර්වලතාවය ආයතන වලට ගැටළුවක් වෙලා නේද
    මේ සදහා නිවැරදි ක්‍රමවේදයක් සැකසීමේ වගකීම හාම්පුතුන්ගේ සංමේලනයේත් සමාජ වගකීමක් නොවේද නවීන ආර්තීකය ජය ගතහැකි දක්ෂ නායකයින් දවසකින් දෙකකින් බිහිකළ නොහැකිනිසා දීර්ගකාලීන සැලසුම් සකස්කර දක්ෂ කළමණාකරුවන් ගොඩනැගිය යුතුයි යන්නයි මාගේ හැගීම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s