පාරිභෝගික සත්කාරය වින්දෙමි! Customer is the King; නොදෝකින්!


පාරිභෝගික සත්කාරය අතින් ලංකාව ඉන්නේ බොහෝ පහළ මට්ටමක ය. Customer is the King; නොදෝකින්!

පහුගිය දිනක මම දුම්සහතිකය ලබා ගැනීමට බත්තරමුල්ලේ ඉකෝටෙස්ට් මධ්‍යස්ථානය වෙත ගියෙමි. වාහන කීපයක්ම පෝලිමේ තිබුනු අතර එක පෝලිමක් වෙනුවට අමුතු සක්කයන් ගසා පෝලිම් කීපයක් ඒ වනවිටත් සැදී තිබිණි. පෝලිම පැත්තකින් තිබියදී ලොරියක් පැමිණ සහතිකය ලබා ගෙන ගිය අතර මට පසුව පැමිණි ත්‍රීවීලර් දෙකක් ද මෝටර් සයිකලයක් ද සහතික ලද්දේ ය. කලින් පැමිණි අය කවුරු දැයි අදුනාගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නොතිබූ අතර ඉඩ අතරින් රිංගා ගත හැකි පුංචි වාහන සිය පුංචි කමින් ඉහළ වාසියක් ලබනු පෙනිනි. අතරින් පතර පෝලිමේ වාහන ද ගනු ලැබී ය. සහනයකට තිබුනේ ඒ අවස්ථාව හෝ ලබා දීමට එහි පරීක්ෂකවරයා කාරුණික වීම ය (පරීක්ෂකවරයාගේ හැසිරීම අනුව පෙනුනේ ඔහු පුංචි මිනිසුන්ට සළකන කෙනෙක් බව ය).

ඊළග කඩ ඉම තිබුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ය. ඒ දුම් සහතිකය ද පාවිච්චියට ගෙන අදායම් බලපත්‍රය ලබා ගැනීමේ ය.

එහි යන විට 12 55 වී තිබිණි. කවුන්ටර තුනක් තිබුනේ වී නමුදු එක දු කවුන්ටරයකවත් නිලධාරියෙක් දක්නට ලැබුනේ නැත. ඒ වෙනුවට කෑම විවේකය සදහා කවුන්ටර වසා ඇති බව දැක්වෙන දැන්වීම් පුවරුවක් නම් තිබුනේ ය.

අසළ සිටි පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසූ කල ඇය කීවේ 1 30 කවුන්ටර විවෘත කරනු ඇති බව ය.

ඒ වනවිටත් එම සේවයම ලබා ගනු පිණිස පැමිණ සිටි මිනිසුන් අසල තිබූ පුටු කීපයක වාඩිවී සිටි අතර මම ද හිස්ව තිබූ පුටුවක වාඩි ගත්තෙමි. ටික වෙලාවක් යනවිට මිනිසුන් 30 ක් පමණ එකතු වූ අතර කවුන්ටර විවෘත කිරීමෙන් පසු සිදුවිය හැකි කාලගෝට්ටිය ගැන ලතවෙමින් ඉතිරි මිනිත්තු තිහ ද ගෙවා දැම්මෙමි. පැමිණි පිළිවෙලට අංකයක් ලබා දීමේ ඉඩකඩ ඒ අසලම සිටි පිළිගැනීමේ නිලධාරිනියට පවරන්නට හැකි ව තිබියදී එසේ නොකළේ ඇයි ද යන්න ද ඒ සිටිනා අතර මගේ හිතට වද දුන්නේ ය.

කෑම පැය අවසන් වී නිලධාරිනියන් දෙපළක් පැමිණි අතර මුලින් පැමිණි පාරිභෝගිකයන් පැත්තකට විසිවෙද්දී ඉක්මන් වූ අය පෝලිමේ මුලට පැමිණ සිටිනු දුටුවෙමි. ඒ ගැන දොස් කියන්නේ කාට ද? ආයතනයට එල්ල නොවේ නම් ඊළගට ඒ අප අපට මය.

පෝලිමට එකතුවෙමින්ම මේ සියල්ල නරඹන අතරතුර මට සිතුනේ නිලධාරීනියන් දෙපළම එක වෙලාවක කෑම කන්නට යන්නේ මන් ද යන්න ය.

කළ යුතු බොහෝ දේ මේ තැන් දෙකෙන් එකද තැනකවත් කර තිබුනේ නැත. එකක් පුද්ගලික අංශයේ ය. අනික රාජ්‍ය අංශයේ ය.

කලින් පැමිණෙන තැනැත්තාට කලින් සේවය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තම වගකීම යයි ආයතන දෙකෙන් එකක්වත් කල්පනා කර තිබුනේ නැත.

සියල්ල අපේ හයිය හා කැමැත්ත අනුව විසදන්නට ඉඩ දී තමන්ගේ වෙලාව ඇති පමණ ගෙන කර ගෙන යන මේ රාජකාරිය තුළ ඇත්තේ කිනම් පාරිභෝගික සත්කාරයක් ද යන්න මට අපැහැදිලි ය.

කලින් පැමිණි තැනැත්තා හදුනා ගැනීමත් ඔහුට ඇයට මුලින් සේවය සපයා දීමේ වගකීම තමන් ට ඇතැයි යන්න තේරුම්ගැනීමත් පාරිභෝගික සත්කාරයට අවශ්‍ය ය. විශේෂයෙන් කල දුටු කල වල ඉහගන්නට හදන ජාතියක් ඉන්නා රටක එය වඩාත් අවශ්‍ය ය.

ඒ දැනුම පුද්ගලික අංශයට මෙන් ම රාජ්‍ය අංශයට ද නැතැයි මගේ අත්දැකීම මට කීවේ ය. මට පැටලුනා නොවේද? ඒ දැනුම රාජ්‍ය අංශයට මෙන්ම පුද්ගලික අංශයට ද නැතැයි යනුවෙන් එය වෙනස් විය යුතු නොවේ ද? කස්ටරමර් ඉස් ද කිංන්ග් කියා ලොකුවටම කියන්නේ එම අංශය බැවිනි.

Advertisements

3 thoughts on “පාරිභෝගික සත්කාරය වින්දෙමි! Customer is the King; නොදෝකින්!

  1. දුම් සහතිකේ ගැන මෙන්න මගේ පෝස්ටුව.
    ඔයවගේ දෙයක් උනාට පස්සෙ (මම කිව්වෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිද්ධිය) කරන්න තියන හොදම වැඩේ තමයි ඒ ගැන ඉහලට පැමිණිලි කරනඑක. ඕනම සේවකයෙකුට කෑම සදහා පැය 1/2ක කාලයක් අයිතියි. ඊට වඩා ප්‍රමාද වෙනව නම් ප්‍රාදේශීය ලේකම්ටත් දිස්ත්‍රික් ලේකම්ටත් පැමිණිලි කරන්න පුළුවන්. පැමිණිලි කලාට වැඩක් නෑ කියන මතයේ හිටියොත් කවදාවත් රාජ්‍ය සේවය හැදෙන්නෙ නෑ. ඔයාලගෙ යෝජනා වලින් යම් බලපෑමක් ඒ ඒ නිලධාරීන්ට සිද්ධ වෙනව. මම ප්‍රාලේ කාර්යාලයක ඉන්න නිසයි කියන්නෙ.

    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කථාව මම පැමිණිල්ලක් හැටියට නැතිව යෝජනාවක් හැටියට ඉහළට ඉදිරිපත් කළා. කෑම සදහා පැය භාගයක් ඕනෑම සේවකයෙකුට අයිති බව ඇත්ත. ඒත් කවුන්ටරයේ සියලු දෙනා එකම වෙලාවක කෑම ගැනීමට නොයා සිටියොත් පාරිභෝගිකයින්ට එයින් වාසියක් සැළසෙන බවයි මා කීවෙ. අප කළ යුත්තේ පාරිභෝගික සත්කාරය ඉටු කිරීම සදහා ප්‍රතිසංවිධානය වීමයි. මේ ලියවිල්ලත් ඒක අරමුණු කරගත්තක්. එයින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවය හෑල්ලුකිරීමක් සිදුවී ඇත්නම් ඒ ගැන සමාව භජනය කරනව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s