නායකයෙකු විසින් රැක ගත යුතු ප්‍රධානම වස්තුව


තරුණියකට රැක ගත යුතු ප්‍රධානම වස්තුව හැටියට සැළකුණේ කුමරි බඹසර ය. එහෙත් බොහෝ රටවල අද එය එපමණටම සැළකිල්ලට භාජනයවන බවක් පෙනෙන්නේ නැත. එහෙත් රට කුමක් වුව ද නායකයෙකු විසින් රැකගත යුතු වස්තුවක් තිබේ. එය රැක ගත නොහැකි වූ කල නායකයාගේ පිරිහීම ඇරඹේ.

ඒ වස්තුව නම් විශ්වාසයයි. කරනවා යයි කියන දෙය කිරීම මගින් ඇතිකරන විශ්වාසය යි. නොකරනවා යයි කියන දෙය නොකිරීමෙන් ඇති කරන විශ්වාසයයි.

විශ්වාසය අඹුසැමියන් අතර ඇති වැදගත් ම පදනම වන්නේ යම්සේ ද එය නායකයා හා අනුගාමිකයා අතර ඇති බැදීමට ද වැදගත්ම පදනම සපයන්නේ ය.

කරනවා යැයි කියන දෙය සැමවිටම කිරීමට නුපුළුවන් වීමට ඉඩ තිබේ. එවන් විටෙක ඒ ගැන සමාව අයැදීමත් එසේ වූයේ මන්දැයි පැහැදිලි කිරීමත් අවශ්‍ය ය.

එහෙත් සමහර අවස්ථාවල සිදුවන්නේ කරනවා යැයි කී දෙය නොකර එය කළ බවට ඇගවෙන සපථ කිරිම් වලින් සංග්‍රහ කිරීම ය.

කරනවා යැයි කී දෙය නොකර එය කළේ යැයි කීමෙන් විශ්වාසය පළුදු වනවා පමණක් නොවේ. නොමග යැවීම ගැන තරහක් ද අනුගාමිකයන් තුළ පහල වේ. කෙනෙකුට යම් කෙනෙකු තමන් ගොනාට ඇන්දේව්වේ යැයි ඇති වන හැගීම ගෙන එන්නේ සුලුපටු තරහක් නොවේ.

නොකරනවා යැයි කී දේ කරන නායකයෝ තමන් එසේ නොකළ බවට සපථ කරනා විට ද අනුගාමිකයන්ට ඇතිවන්නේ ඒ හැගීම ය.

ඒ නිසාම වඩා සුදුසු විදිහ නම් නොකරනවා යැයි කී දේ කරන්නට වූ විට ඒ ගැන ද සමාව අයැද ඊට හේතු වූ කාරණා ද ඉදිරිපත් කිරිම ය.

අනුගාමිකයින් එවැනි සංග්‍රහයකට සුදුසු යැයි බොහෝ නායකයින් කල්පනා කරන්නේ නැත. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් සතුව ඇති කෙටි මතකය නිසා සියල්ල අමතකව ගොස් තමන්ගේ පැරණි ප්‍රතිරූපය නැවත ගොඩ නැගිය හැකි දවස ඉක්මණින් උදාවන බව ය. රටක නායකයින්ට මෙන් බිල්බෝඩ් කටඅවුට් නැතිවුනාට ආයතනවල නායකයෝ ද තම ප්‍රතිරූපය මෙසේ නැවත ගොඩ නැගිය හැකිය යන විශ්වාසයෙන් එවැනි විශ්වාසය කඩ කිරීම් අඩුවක් නැතිව හිරිකිතයක් නැතිව කරති. එහෙම රටවලට පමණක් නොව ආයතනවලට ද අත් කර ගත හැකි ලොකු ප්‍රගතියක් නැත.

කටුගෙයි ඇති රන් කඩුවක් නැතිවීමකට වඩා රටේ නායකයා පිළිබද විශ්වාසය නැතිවීම රටකට බලපාන්නේ ය. ඒ පමණටම ආයතන සතු වටිනා දේපලක් නැතිවීමට වඩා නායකයා පිළිබද විශ්වාසය නැතිවීම ආයතනයකට බලපාන්නේ ය.

Advertisements

2 thoughts on “නායකයෙකු විසින් රැක ගත යුතු ප්‍රධානම වස්තුව

  1. arunishapiro says:

    හොඳ සටහනක්!

    අද මෙහෙ ඉන්න රටේ නායක ඔබාමා ගැනත් විශ්වාසය අඩුවෙලා යන කාලයක් ….

    පුද්ගලයා තමන්ගේ ම නායකයා වන බවත් අමතක නොකරමු. තව විදියකින් කිව්වොත් මම මගේ නායකයා නිසා මාත් නායකයෙක් සේ විශ්වාසය නැමති ප්‍රධාන වස්තුව මගේ ජීවිතයේ දී රැකගත යුතුයි නේද?

    තව එකක්, කුමරි බඹසර කෙසේ වෙතත් පතිවත රැක ගැනීම වඩා වැදගත් නැද්ද? 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s