විශේෂඥයින් (Specialists) හා ප්‍රාඥයින් (Generalists)


විශේෂඥයින්ට පෙනෙන්නේ තමන්ගේ විශේෂඥතාවය තුළ තමන් දකින ගැඹුර ය. ලිදක මෙන් පතුළට යනකම් පෙනෙතත් වටපිටාව ඔහුට මග හැරෙයි.

ප්‍රාඥයා ගැඹුර ගැන නොසොයයි. ඒ නිසා ඔහුට වඩා විශාල පරාසයක් පෙනෙයි. ඔහු කදු මුදුනක සිට අවට සිසාරා බලන කෙනෙකු වැනි ය. ප්‍රාඥයෙකු කිසියම් නිෂ්චිත විෂය ක්ෂෙත්‍රයකට කොටු නොවී සිටීම එයට හේතුව ය.

ආයතනයකට මේ දෙවර්ගයේම මිනිසුන් අවශ්‍ය ය. ප්‍රාඥයින් අවශ්‍ය ප්‍රශ්නයක පළල දැකීමට එහි විවිධ පැතිකඩ අල්ලා ගැනීමට ය. විශේෂඥයින් අවශ්‍ය කිසියම් තෝරාගත් පැති කඩක ගැඹුර අවබෝධ කරගැනීමට ය.

ආයතන ප්‍රධානියෙකු වීමට නම් පටු විෂය ක්ෂේත්‍රයක විශේෂඥයෙකු ලෙස කොටු නොවී සිටීමේ සමතෙක් විය යුතු ය. ඒ නිසා ආයතනයක ප්‍රධානියෙකු වීමට වැඩි සුදුසුකම් ලබන්නේ ප්‍රාඥයෙකි. එක් විෂය ක්ෂේත්‍රයකට කොටු නොවුනු කෙනෙකි.

සමහර තැන්වල විශේෂඥයා හදුන්වා ඇත්තේ මිටියක් අතින් ගත් කෙනෙකු හැටියට ය. එවැන්නෙක් හොයන්නේ ඇණම ය. ඔහුගේ ශක්තිය මිටිය වන අතර දුර්වලකම ද මිටියම වෙයි. දුර්වල කම මිටිය අතැතිව සිටිනා නිසා වෙන ආයුධ ඔහුට විෂය නොවන නිසා ය.

ප්‍රාඥයෙකු සතුව විශේෂී ආයුධ නැත. ඒ නිසාම වඩාත් සුදුසු ආයුධය තෝරා බේරා ගැනීමට ඔහුට හැකි ය.

විශේෂඥයෙකු ආයතනයක් බාර ගන්නේ නම් තමන්ගේ පටු විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට බලන්නටත් අන් ක්ෂේත්‍රවල විශේෂඥ මතයන්ට සවන් දීමටත් කටයුතු කළ යුතු ය. නැත්නම් සිදුවන්නේ ආයතනයට ඔහු සැබෑ ඇණයක් වීම ය.

Advertisements

4 thoughts on “විශේෂඥයින් (Specialists) හා ප්‍රාඥයින් (Generalists)

  1. Niccolo B Mac says:

    “විශේෂඥයින්ට පෙනෙන්නේ තමන්ගේ විශේෂඥතාවය තුළ තමන් දකින ගැඹුර ය. ලිදක මෙන් පතුළට යනකම් පෙනෙතත් වටපිටාව ඔහුට මග හැරෙයි”……..

    විශේෂඥයා (SPECIALIST ) මේ ආකාරයෙන් නිර්වචනය කල හැකි ද ?
    කිසියම් ක්ෂේත්‍රයක විශේෂඥ දැනුමක් ඇති අයෙකුට , අනෙකුත් ක්ෂේත්‍ර පිලිබඳ යම් දැනුමක් , නොමැති හෝ ලබා ගත නොහැකි ලෙස නිශ්චිතව සලකන්නේ ඇයි ?

    “ප්‍රාඥයා ගැඹුර ගැන නොසොයයි. ඒ නිසා ඔහුට වඩා විශාල පරාසයක් පෙනෙයි.”

    ප්‍රාඥයා මේ ආකාරයෙන් නිර්වචනය කල හැකි ද ? එක ක්ෂේත්‍රයක පිලිබඳ ගැඹුරු දැනුමක් නොමැති තැනැත්තෙකුට , ඒ නිසාම විශාල පරාසයක් පෙනේ යය් නිශ්චිතව නිගමනය කල හැකිද ? එක ක්ෂේත්‍රයක් පිළිබඳව හෝ විශේෂ danumak නොමත්තෙක් ප්‍රාඥයකු lesa හැදින්විය හැකිද ?

    “ආයතනයකට මේ දෙවර්ගයේම මිනිසුන් අවශ්‍ය ය”
    මෙලෙස නිශ්චිතව නිගමනය කල හැකිද ? ආයතනයකට අවශ්‍ය මිනිසුන්ගේ ගුණාංග ( දැනුම , හැකියාව ) තීරණය වනුයේ , එම ආයතනයේ , මුලික ක්‍රියාවලිය (core activitity ) , අරමුණු , ඉලක්ක, ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිපල යනාදී මුලික කරුණු මත පදනම්වය..
    ආයතන ප්‍රධානියා ගැන කිව යුත්තේ ද ඉහත කරුණු පදනම්වය. එසේ නොමැතිව නිශ්චිත නිගමන ප්‍රකාශ කල හැකිද ?
    ඉන්ජිනේරු, තාක්ෂණික, විද්‍යා, පර්යේෂණ, බලශක්ති වැනි ක්ෂේත්‍රයන හි නියුත් ආයතන, සාර්ථකව මෙහෙයවා ඇති ප්‍රධානින් , Generalist ලා ද ?

    මෙවැනි කරුණු මේ අයුරින් , සාමාන්‍යකරණය (generalise ) කල හැකි ද ?

  2. පළමුව ඔබගේ මැදිහත්වීම ගැන මගේ ආචාරයත් ස්තුතියත් පළ කරමි. ඔබ නගන ප්‍රශ්න බොහෝමයකට පිළිතුර අපගේ සටහනේ පහත වැකිය තුළ තිබේ.

    “විශේෂඥයෙකු ආයතනයක් බාර ගන්නේ නම් තමන්ගේ පටු විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට බලන්නටත් අන් ක්ෂේත්‍රවල විශේෂඥ මතයන්ට සවන් දීමටත් කටයුතු කළ යුතු ය“.

    අප එයින් අදහස් කළේ විශේෂඥයෙකුට ආයතනයක් හොදින් කළමනාකරණය කළ නොහැකි බව නොවේ. එසේ කිරීමට නම් ඔහු තමන්ගේ පටු ක්ෂේත්‍ර ‍යෙන් ඔබ්බට පිවිසිය යුතු බව කියන්නට ය. කණගාටුවට කාරණය වන්නේ බොහෝ විශේෂඥයින් ඒ සම්බන්ධයෙන් දක්වන මැලිකම ය.

    ප්‍රාඥයෙකු යැයි කියන්නේ මුකුත් නොදැන සිටින කෙනෙකුට නොවේ. හැම දෙයක් ගැනම පළල් දැනුමක් (ගැඹුරු දැනුමක් නොවේ) ඇති අයට ය.

    විශේෂඥයෙකුට ආයතනයක් බාර ගැනීමට පෙර කළ හැකි එක් දෙයක් නම් තමන්ගේ ක්ෂේත්‍ර යෙන් බැහැර යම් විෂය මාලාවක් හැදෑරිම ය. එවිට ලෝකය ලිදක් නොවන බවත් ලිං ගැට්ටෙන් එහාට තවත් දේ ඇති බවත් දැනෙන්නට ගනී. තම විෂය ක්ෂේත්‍ර යෙන් පරිබාහිර විෂය ක්ෂේත්‍රයන් පිළිබදව ද ඉන් පසු ඔහු සංවේදී වෙයි. ඒවාට ගරුකිරීමට පෙළඹෙයි. ප්‍රශ්නයක එක් පැති කඩක් වෙනුවට ප්‍රශ්නයක සියලු පැති කඩ දැනගැනීමට ඔහුට වුවමනා වෙයි. අන් අය විමසන්නට ඔහු කටයුතු කරයි. සාර්ථක නායකයින් වූ විශේෂඥයින් බොහෝ දෙනෙකුට ඒ ලක්ෂණ තිබූ බව ඔවුන් හොදින් විමසන විට පෙනේ.

  3. Thushara says:

    This is an interesting argument. I’d like to add something more. In organizational decision making it should be the generalist who should first involve and then the problem should be passed on to the specialist. Of course, generalist could solve it, but to a certain depth. If the specialist involves directly with the absence of the generalist, he will resolve it perfectly only if by chance it comes under his purview. If not the decision making of the specialist will be a total failure, possibly further aggravating the situation. (“Paya barwayata pita kara beheth bandeema”) Hence, prior involvement of the generalist is a must.

    When the public administration system of the country is concerned the secretaries should be the generalist and the subordinates like directors should be the specialists. This seems to be quite alright according to the present structure. But the irritating point is that all of them are dominated by politicians who are neither generalists nor specialists (not all, but a majority) resulting in stupid problem solving as we are experiencing.(“Ballage wade booruwa baraganeema”)

    • Once Mr. Deepal Sooriyarachchi said that one of his teachers used to say that one need to know everything of one thing and one thing of everything. Former described the specialist and the latter the generalist. If a specialist can learn a bit of everything that would be best. He can easily fit in to the role of a generalist and a specialist and therefore can also appreciate both roles as well as limitations of both.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s