ආයතනවල ඉන්නා අයිය මලෝ හා අක්ක නගෝ


සරසවියේ අප උගන්නා කාලයේ අපට වඩා වසර කීපයක් ජේෂ්ඨ අයටත් අපට වඩා වසර කීපයක් කනිෂ්ඨ අයටත් මචං කියා අමතන පුරුද්දක් අපට තිබුණි. පාසල තුළ පවා තත්වය බොහෝ දුරට එසේ විය.

එහෙත් දැන් මේ ආයතන දෙකේම ජේෂ්ඨයන් අමතනු ලබන්නේ අයියා හෝ අක්කා යන ගෞරව නාමයෙනි. එතකොට ඉතිරිවන අය ඉබේම මල්ලිලා හා නංගිලා වෙයි.

මේ ආමන්ත්‍රණ රටාව දැන් බොහෝ ආයතනවල ද දැක ගත හැකි ය.

බැලූ බැල්මට මේ අලුත් විදිහ යහපත් ය. යම් බැදීමක් වගකීමක් ඒ හරහා ඇතිවන නිසා ය. පවුලක තිබෙන සම්බන්ධය එයින් ඇගවෙන නිසා ය. එහෙත් ව්‍යවහාරයේදී මේ බැදීමට යටින් පුංචි පරතරයක් පවත්වා ගෙන යාමේ වුවමනාවක් ද යටහත් පහත් භාවයක අපේක්ෂාවක් ද දැකිය හැකි ය.

අයියාත් අක්කාත් මල්ලීට හා නංගීට වඩා බලවත් ය. වයසින් වැඩි ය. ගරු කටයුතු ය.

අයියලාත් අක්කාලාත් කියන පරිදි ඔවුන්ගේ ඔවදන්වලට අවනත වෙමින් වැඩ කිරීම මල්ලිලාගෙනුත් නංගිලාගෙනුත් අපේක්ෂිත ය. වැඩේ දෙල්වෙන්නේ මේ හැගීම ඔලුවට වැටුන විට ය.

නංගිලා මල්ලිලාගේ අඩුපාඩු තමන් විසින් හැදිය යුත්තේය යන වගකීමත් ඔලුවට ගත් විට සියල්ල ජේෂ්ඨත්වයේ පාලනයට යටත් ය.

අක්කාටත් අයියාටත් තැන ලබා දී ඔවුන් කියන්නක් කර ගෙන ඉන්නට පුරුදුවීම හැර වෙනයමක් නංගිලාටත් මල්ලිලාටත් ඉතිරි නොවේ.

මෙය හැමගේ දායකත්වයට එක සමාන ඉඩ හසරක් සහිත ආයතනික වටපිටාවක් ඇති කිරීමට ද වඩා දක්ෂතා පෙන්වන අයට වඩා ඉදිරියට යන්නට හැකි වටපිටාවක් ඇති කිරීමට ද එරෙහිව යයි.

ඒ සබදතාවය ඒ නිසාම ආයතනය තවත් පැරණි ගමක තත්වයට පිරිහෙලයි.

Advertisements

5 thoughts on “ආයතනවල ඉන්නා අයිය මලෝ හා අක්ක නගෝ

  1. Anton says:

    මීට පෙර මාතෘකාවට හා මෙවර මාතෘකාවට අදාලව කරුණු දැක්වීමකි.
    ඉතා වටිනා කරුණු දෙකක් ඉතා සරල බසින් ඔබ විසින් ඉදිරිපත් කොට ඇත.සරල වුවත් ගැඹුරු කාරණාය.බොහෝ අය මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරිපත් නොවේ. ඊට හේතුව යටි සිත සමග ඇති ගැටුමයි.
    එහෙත් මතුපිටින් විවේචනය කරයි. පුද්ගලයා අනාවරණය වූ විට කළමනාකරුවා ලෙස පුරසාරම් දොඩන්නා වහා පරිපාලකයාගේ භූමිකාවට මාරු වෙයි. මීට අදාලව උදාහරණ දිය හැක.එහෙත් සිත් රිදීම් ඇති විය හැකි නිසා උදාහරණ නොතබමි.

    ඇන්ටන්

    • ඔබගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ස්තුතියි. ඔබ කියන උදාහරණය නම් ගම් නැතිව හෝ කිව හැකි නම් වඩාත් අගනේ ය. එහෙත් හැමවිටම නම් ගම් නැතිවුව ද සමහර දේ කීම අපහසු බව මම ද පිළිගනිමි.

      • mema topic eka adala wanne kalamanakaranayata nowa sociology walataya. namuth mathu kireema watee. bahira samajaya ha ayathanaya gelapeema mehidee kalaheki ek deyaki…

      • ඔබගේ මැදිහත්වීම ගැන පළමුවෙන්ම ස්තුතිය.

        මා කල්පනා කරන්නේ ඔබ හිතන ආකාරයට තරමක් වෙනස්ව බව කීමට මට ඉඩ දෙන්න.

        කළමනාකරණය කලාවක් වන අතර එය හැදෑරීම සදහා උපස්ථම්භක කරගන්නා එක් විෂය ක්ෂේත්‍රයකි සමාජ විද්‍යාව. ඊට අමතරව මනෝවිද්‍යාව ආර්ථික විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන්ද එය භාවිතා කරයි. සමාජවිද්‍යව හා කළමනාකරණය වෙන්කිරීමට ගන්නා උත්සහය සමාන කළ හැක්කේ කිරෙන් ජලය වෙන්කර ගැනීමකට ය. වතුර වෙන් කරගත් කල කිරි කිරි නොවන්නේ ය.

        මේ අදහස් පළ කළේ සංවාදයට භාජනය කරනු සදහා ය. වඩාත් විමසන්නට ගැඹුරින් විමසන්නට අප සූදානම් වෙතොත් අපේ දැනුම් පරාසය පුළුල් කරගැනීමට අපට හැකි ය. මේ මැදිහත්වීම ඒ වෙනුවෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s