ආයතනවලදී මුණ ගැසෙන මැෂින් වැනි මිනිසුන්


මිනිසුන් සමග මිසක මැෂින් සමග ගනුදෙනු කිරීමට බොහෝ අය කැමති නැත. ඒ තමන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කර ගනුදෙනුවකදී පොඩි එහාමෙහාවක් කර ගැනීමට මැෂින්ලවා බැරි නිසා ය. යමක් අසා දැන ගැනීමට එයින් නොහැකි නිසා ය.

දුරකථනයේ වොයිස් මේල් සම්බන්ධයෙන් බොහෝ අයට ඍණාත්මක හැගීමක් ඇත්තේ ද ඒ නිසා ය. එහි ඇති කටුක යාන්ත්‍රික බව සමහර අවස්ථාවල ආයතනය ගැන ද ඍණාත්මක හැගීමක් ගෙන එන්නේ ය.

සමහර ආයතනයක මුණ ගැහෙන සමහර මිනිසුන් ද මැෂින් වැනි ය. මා මේ කියන්නට යන්නේ එවැනි මැෂිමක් පිළිබද කතාන්දරයකි.

රජයේ සේවයේ යෙදී සිටි අපේ මිත්‍රයෙක් රජයෙන්ම ශිෂ්‍යත්වයක් ලැබ විදේශ ගත විය. ලංකාවේ රැදී සිටි ඔහුගේ බිරිදට ඔහුගේ වැටුප ගත හැකි වූයේ ඩී ෆෝරමය පුරවා ඉදිරිපත් කිරීමෙනි. එය හා විදේශ ආයතනයෙන් එවන ජීවිත සහතිකය ලැබී තිබුනේ නම් සිය සැමියාගේ වැටුප ඇයට ගත හැකි විය. මෙසේ වැටුප ලබමින් සිටිද්දී ඊළගට එළඹි අගෝස්තු මාසයේ එවන ලද ජීවිත සහතිකය අස්ථාන ගතවීමෙන් ඇයට අගොස්තු මස වැටුපට හිමිකම් කිව නොහැකි විය. සැප්තැම්බර් ජීවිත සහතිකය ලැබුණු අතර ඒ නිසා සැප්තැම්බර් වැටුප ඇයට ලැබිණි. අගොස්තු මස වැටුප ලබා ගැනීමට සිය සැමියා ලවා ජීවිත සහතිකයක් නැවත ගෙන්වා ගන්නා ලෙස ඇයට දැනුම් දෙනු ලැබී ය.

ඒ දැනුම් දීම කරන ලද්දේ එම ආයතනයේ ගණකාධිකාරිනියක විසිනි. ඒ ද ඉතා කාරුණිකව කරන ලද කරුණු පැහැදිලි කිරිමකින් පසුව ය.

ජීවිත සහතිකයක් නැතිව වැටුප් නොගෙවන ලෙස ආයතන සංග්‍රහයේ පැහැදිලිවම ලියා තිබේ. සැප්තැම්බර් මාසයට එකක් ඇත. සැප්තැම්බර් මස වැටුප නිදහස් කරන ලද්දේ ඒ අනුව ය. අගොස්තු මාසයට එකක් නැත. ඒ නිසා අගෝස්තු මස වැටුප නිදහස් කළ නොහැකි ය.

මේ නම් මැෂිමක් මිස වෙන මොකද්ද?

මැෂිමක් පමණක් නොවේ. තව එක ස්ථරයක් ගැඹුරට ගොස් කල්පනා කළ නොහැකි අන්තිම අවර ඝණයේ මැෂිමකි.

මැෂින් වෙනුවට මිනිසෙක් මෙවැනි තැනකදී අවශ්‍ය වන්නේ පොඩ්ඩක් කල්පනා කර බැලීම සදහා ය. සැප්තැම්බර් මස ජීවිත සහතිකයක් දෙන්නේ අගෝස්තු මාසයේ ජීවත්වූ කෙනෙකුට බව කල්පනා කිරීමට පුංචි හෝ උත්සහයක් කළේ නම් ඔහුට ඒ බව වැටහෙන්නට ඉඩ තිබුනි.

අවර ඝනයේ මැෂින්වලට එසේ කල්පනා කළ නොහැකි ය. උගතුන් මෙහෙම තනතුරුවලට පත් කරන්නේ හිතන්න ය. එහෙත් පුංචි හෝ අවදානමක් දැරීමට අකමැති අය අවසාන වචනයට නීති පොත අර්ථ නිරූපනය කරමින් මස් රාත්තලම ඉල්ලති. ඒ උන් හිතන්නට නොදන්නා නිසා ය. හිතන්නට ඉගෙන ගෙන නැති නිසා ය.

ආයතනවල යුතුකම වන්නේ මෙවැනි මැෂිම් මිනිසුන් බවට පත් කිරීම ය. එහෙම වුනොත් ආයතනවලට පැමිණෙන සේවාලාභීන්ට මීට වඩා හොද සේවාවක් ලැබෙනු නොඅනුමාන ය.

Advertisements

2 thoughts on “ආයතනවලදී මුණ ගැසෙන මැෂින් වැනි මිනිසුන්

  1. “එහෙත් පුංචි හෝ අවදානමක් දැරීමට අකමැති අය අවසාන වචනයට නීති පොත අර්ථ නිරූපනය කරමින් මස් රාත්තලම ඉල්ලති.”

    ——————-

    අනිත් මිනිසුන් වෙනුවෙන් ඇයි ඔවුන් අවධානමක් ගන්නේ. ආයතන සංග්‍රහයේ විධියට වැඩ නොකර ඔහුට විරුද්ධව යම් විනය පරික්ශනයක් සිදු කර සේවයෙන් ඉවත කලහොත්, ඔහුගේ දරුවන්ට කන්න දෙන්නේ කවුද?එ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් දකින දෙයයි.

    එහෙත් යම් පදනමක් මත ආයතන සංග්‍රහයෙන් පිට වැඩ කිරිම වරදක් නොවේ.
    ඔබගේ උදාහරනයට නම් පදනමක් තිබේ.(සැප්තැම්බර් මස ජීවිත සහතිකයක් දෙන්නේ අගෝස්තු මාසයේ ජීවත්වූ කෙනෙකු)

    එහෙත් ආයතන සංග්‍රහයෙන් පිටතට යැමට නම් එ සදහා හොද තර්කයක් තිබිය යුතුය.නැතහොත් අමරුවේ වැටෙන්නේ නිලධාරියමය.

    • ඔබ ඉදිරිපත් කරන්නේ සාධාරණ ප්‍රශ්නයකි. අනිත් මිනිසුන් වෙනුවෙන් අප අවදානම් ගත යුත්තේ මන්ද?

      එසේ කළ යුත්තේ අප ද අනිත් මිනිසාගේ තැන ගන්නා නිසා ය. අපේ ආයතනයේ දී අප සේවය සළසන්නා වූව ද වෙනත් ආයතනයකදී අප සේවය ලබන්නා වන නිසා ය.

      අනිත් අතට මා යෝජනා කළේ නීති කැඩීමට නොවේ. නීතියට හේතු පාදක වන්නට ඇති කාරණාව සැළකිල්ලට ගනිමින් නීතිය තුළම පවා අපට විසදුම් හොයන්නට තිබෙන ඉඩකඩ සැළකිල්ලට ගන්නා ලෙස ය. ඒ සදහා වචනයෙන් කියන කතාවෙන් ඔබ්බට හිත යොමු කරන ලෙස ය.

      අනෙත් අතට මේ ලිපි අප මෙන්ම අපේ අධීක්ෂන නිලධාරින්ගේත් අවධානය සදහා ය. අප මිනිසුන් වශයෙන් මිස යන්ත්‍ර මෙන් නොහැසිරුනේ මන්දැයි ඔවුන්ට ද ඒත්තු ගැන්වීම සදහා ය.

      මේ සියල්ල වඩාත් පැහැදිලි කළ හැකි වූයේ ඔබේ මැදිහත්වීම නිසා ය. ඒ ගැන ඔබට ස්තුති කළ යුතු ය. සංවාදය හැම විටම වඩාත් හොදින් හෙලි කිරීමට මග පාදයි. ඩිලාන් ද සිල්වා මහතා මෙන්ම අන් අයද සංවාදයන්ට එක් වන්නේ නම් මේ බ්ලොග් අඩවිය වඩාත් ප්‍රසන්න හා වටිනා තැනක් වනු නොඅනුමාන ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s