කළමනාකරණය සිංහලෙන් – මෙහෙවර ප්‍රකාශයේ වැදගත් කම


ආයතනය පවතින්නේ කවර අරමුණක් ඉටු කරලීම උදෙසා ද යන්න ගැන පැහැදිලි අදහසක් තිබීම කළමනාකරුවෙකුට අත්‍යවශ්‍ය ය. කළ යුතු දෑ නොකළ යුතු දැයින් වෙන්කර ගන්නට ඔහුට එය ඉවහල් වේ. ආයතනයට යම් දිසාවක් ඉන් ලැබේ. අප එයට ආයතනයේ මෙහෙවර යයි කියමු. බොහෝ ආයතන තමන්ගේ මෙහෙවර මේ යැයි තමන්ටත් අනුන්ටත් දැනගනු වස් මෙහෙවර ප්‍රකාශ සකසා තිබේ.

ආයතනයක් ගොඩ නගන ආයෝජකයා තුළ ඇත්තේ ඒ ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් ලබා ගැනීම ගැන විවාදයක් නැත. එහෙත් එය කවර මෙහෙවරක් හරහා ලබා ගන්නේ ද යන්න ගැන නිශ්චිත අදහසක් ඔහු සතු විය යුතු ය.  එයින් නිශ්චිත එල්ලයක් ලැබෙන බැවිනි. ඩී ආර් විජේවර්ධන ලේක්හවුසිය ආරම්භ කළේ ජනතාවට තොරතුරු බෙදා දීමට ය. ලේක්හවුසිය ඒ නිසා ටැක්සි හෝ කැබ්රථ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කළේ නැත. ඒ නිසා ලේක්හවුසියට එල්ලයක් ලැබී තිබුනි. කළයුතු හා නොකළ යුතු දෑ එයින් තීරණය කරගැනීම එහි කළමනාකරුවන්ට පහසු විය.

මිනිසුන් ආයතනය සමග අනන්‍ය වන්නේ ආයතනයේ මෙහෙවර කවරේදැයි දැන ගත් විට ය. එම් ඩී ගුණසේන සමාගමේ මෙහෙවර ජාතියට දැනුම බෙදා දීම ය. ඒ නිසා එම් ඩී ගුණසේන සමාගමට ගොඩ වදින මිනිසුන් ඉන් අපේක්ෂා කරන්නේ පොත් පත් ය. බලු පැටියෙක් මිලදී ගැනීමට ඊට ගොඩවන කෙනෙක් නැත.

කළමනාකරුගේ වගකීම වන්නේ මේ මෙහෙවර අති විශිෂ්ඨ ලෙස ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය. ගුණසේන සමාගමේ කළමනාකරුවෙකුගේ එල්ලය බැලුවහොත් ඊට පොත් මුද්‍රණය, පොත් බෙදාහැරීම, පොත් විකිණීම, පොත් පත් කියවන්නන් උනන්දු කරලීම ආදිය ඇතුළත් වනු ඇත. ඒ සියල්ල දැනුම බෙදා හැරීමේ මෙහෙවර හා අනුගතවන බැවිනි.

එම් ඩී ගුණසේන සමාගමට අවශ්‍ය නම් පොත්පත්වලට අමතරව දැනුම බෙදාහැරීමේ මෙහෙවරට අදාළ වෙනයම් ක්ෂේත්‍රයකට ද අත ගැසිය හැකි ය. දැනුම අඩංගු සීඩී නිශ්පාදනය මෙහෙවර එලෙසම තබා ගෙන එසේ තම විෂය පථය පුලුල් කරගැනීම සදහා අත ගැසිය හැකි ක්ෂෙත්‍රයකි. එහෙත් බලු පැටවුන් විකිණීමට ගුණසේන සමාගම විසින් ආරම්භ කරනු ලැබුවහොත් එතැන මෙහෙවර සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවන අතර දැනුම බෙදාහැරීම යන නිශ්චිත මෙහෙවර සමග තිබූ අනන්‍යතාවය තවදුරටත් ඉතිරි නොවනු ඇත. ගුණසේන සමාගමෙන් බලු පැටවුන් ගැනීමට හිතා ගැනීම පවා මිනිසුන්ට අපහසු වන අතර ගුණසේන සමාගමේ පොත් ගැන මුලින් තිබු ආකර්ෂණය එයින් ජනතාව තුළ අහෝසිවන්නට ද ඉඩ තිබේ.

ආයතනය පවතින්නේ ඇයි යන ප්‍රශ්නයට උත්තර මෙහෙවර ප්‍රකාශයේ තිබේ. ඒ නිසාම ආයතනයේ පැවැත්ම අයිතිකරුවන් විසින් පමණක් නොව එහි සියලු පාර්ශවකරුවන් විසින් ද වැදගත් කොට සැළකීමට ඉදිරිපත් වේ.

ඒ නිසා ආයතනයක් සිය මෙහෙවර තුළ රැදීම සියලු පාර්ශවකරුවන්ගේ අපේක්ෂාව ය. ඒ නිසාම මෙහෙවර කවරේදැයි දැන ඒ අනුව කටයුතු කිරීමට තම ප්‍රමුඛතා සකස් කර ගැනීමට ආයතන කළමනාකරුවෝ ද බැදී සිටිති.

Advertisements

One thought on “කළමනාකරණය සිංහලෙන් – මෙහෙවර ප්‍රකාශයේ වැදගත් කම

  1. ඔබ වැනි ප්‍රවීනයෙක් මෙවන් කාර්‍ය්යකට අත ගැසීම ඉතා වටිනා බවයි මගෙ අදහස. මහා හර බර විෂයක් ලෙස සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉවත ලන..නමුත් සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා අත්දකින සිදුවීම් හරහා පුද්ගලික මෙන්ම සාමුහික ජීවිත ගමනට මනා ලෙස සකසා ගන්නට මේ සංකල්ප අත්වැලක් වේවි. ඔබේ පොත් වල සේම ලිවීමේ සිත් ඇද ගන්නා සුලු රටාව නම් ආකර්ශනීයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s